Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගනර් සුපර්ක්‍රොස් 6දා මින්නේරියේදී

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය අගෝස්තු 6දා මින්නේරිය කාලතුවක්කු හමුදා පරිශ්‍රයේදී පැවැත්වේ. 
කාලතුවක්කු රෙජිමේන්තුව ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන මෙම තරගාවලිය  බොරළු ධාවන පථයකදී පැවැත්වේ.
ධාවකයින් 120ක කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය යතුරු පැදි ධාවන ඉසව් 12ක්, මෝටර් රථ ධාවන ඉසව් 10ක් සහ ජීප් රථ ධාවන ඉසව් 2කින් සමන්විත වේ.
ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය පළමු වරට 2004 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර, යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට, ආබාධිත තත්ත්වයට පත්වූවන්ට හා සේවයේ යෙදී සිටින කාලතුවක්කු රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් එක්රැස්කර ගැනීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කෙරේ. 
මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරන අතර, සියැට් කැලණි ටයර්, බ්‍රවුන්ස්, එලිෆන්ට්හවුස් අනෙකුත් ප්‍රමුඛ අනුග්‍රාහකයින් ලෙස එක්වී සිටියි.
 
ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 559

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1425

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2623

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3802

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4794

Please publish modules in offcanvas position.