Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔලිම්පික් පදක්කම කෝටි ගාණකට ගන්න ගැනුම්කරුවෙක් සිටිනවා

තමාගේ ඔලිම්පික් පදක්කම සඳහා දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් රැසක් මේ වන විටත් ඉදිරිපත් වී සිටින බවත් විදෙස් ගැනුම්කරුවෙකු තම පදක්කම වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා දීමට කැමැත්ත පළ කළ බවත්, එම මුදලින් කොටසක් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ දේශපාලනය වෙනුවෙන් වියදම් කිරීමට ලබා දීමට හැකි බවත් ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ පැවැසුවාය.
 
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔබට මෙවර සිදුවුණු අසාධාරණකම් මොනවාද?
මට දයාසිරි ඇමැතිතුමා ලබාදුන් උපදේශක තනතුරට ගෙවමින් තිබුණු දීමනාව පසුගිය අප්‍රේල් මාසයේදී හදිසියේ නවතා තිබුණා. මම ඉන්නේ ආර්ථික අපහසුකම් රැසක් මැද්දේ. එවැනි දෙයකට මුහුණපෑමට සිදුවීම පිළිබඳ මම තරමක වේදනාවකින් හිටියේ. මට ලබාදුන්නේ රුපියල් 60,000ක දීමනාවක් පමණයි. ඒනිසා මගේ හිතේ කනගාටුවට මම විවිධ අදහස් පළ කළා.
 
ඔබගේ පසුගිය ජයග්‍රහණවලදී ඔබට තෑගි ලෙස මුදල්, නිවාස, යාන වාහන ලැබුණා නේද? ඒවාට මොකද වුණේ?
ඒ අවුරුදු 25කට කලින්. ඒ දවස්වල ලැබුණු මුදල්වල වටිනාකමට වඩා අද වෙනස්. මට කෝටි ගණන් ලැබුණේ නෑ. මට ලක්ෂ ගණනින් කීපදෙනෙකු උදව් කළා. ඒ මුදල්වලින් මම පිළියන්දල පැත්තෙන් ඉඩමක් ගත්තා. ගෙයක් හැදුවා. ඉතින් ඒ හැරෙන්නට මට ලොකු මුදලක් ඉතිරි කරගන්නට හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසයි මම මේ උපදේශක තනතුරු පවා බාර ගත්තේ. මගේ අනෙක් සොහොයුරු ක්‍රීඩිකාවන් වූ දර්ශා, ශ්‍රියානි, ධම්මිකා මැණිකේ ඇතුළු කීප දෙනෙකුට හොඳ වැටුපක් ලැබෙන රැකියාවලට යන්න පුළුවන් වුණා. මට දුවන්න පුළුවන් වුණාට එවැනි පසුබිමක් ලබාගන්න වාසනාවක් තිබුණේ නැහැ. 
 
ඔබ ඒ දිනවල පිහිට වූ පදනම සහ යෝජනා කර තිබූ යෝජනාවලට මොකද වුණේ?
සුසන්තිකා ජයසිංහ පදනම හරහා යෝජනා කළ ව්‍යාපෘති සඳහා ලැබුණු මුදල් සියල්ලම සුරක්ෂිතව තිබෙනවා. එයට මා ඇතුළු සාමූහික පදනමක් සිටිනවා. ඒවාට මට තනියම අතගහන්න බෑ. 
 
ඔබට තිබුණු චෝදනාවක් තමයි ඔබට පවරා තිබූ රාජකාරිය ඉටු නොකරපු බව?
මට  කලින් උපදේශිකාවක ලෙස කටයුතු කරන්නට අවස්ථාව දීලා, රුපියල් අසූදාහක දීමනාවක් සමග වාහනයක් දීලා තිබුණා. ඔය කියන ආකාරයේ ෙදෙනික, මාසිකා වාර්තා මගෙන් ගත්තේ නෑ. අද වන විට එය රුපියල් 60,000ට බස්සලා. ඔලිම්පික් පදක්කම් ලාභිනියක් වශයෙන් මට විවිධ ආරාධනා ලැබෙනවා. ඉතින් මට වාහනයකුත් නෑ. අවශ්‍ය වියදම් ලැබෙන්නෙත් නෑ.
 
ඉතින් ඔබ මේ ගැන ක්‍රීඩා ඇමැතිතුමාට දොස් කීවාම විසඳුම් ලැබෙනවාද?
මම කිසිදිනක ක්‍රීඩා ඇමැතිතුමාට ද්වේශසහගත සිතින් කිසිවක් කියා නෑ. කියන්නෙත් නෑ. මගේ වැටුප හදිසියේ නතර කිරීම පිළිබඳ මා කතා කළා. ඉතින් මම කියන්නේ මම වගේ ක්‍රීඩිකාවට ඔය වාර්තා ඉදිරිපත් කරලා මාසිකව දීමනාව ගන්න ඉඩ තියන්න එපා කියලා. ඒ කියන්නේ ඔලිම්පික් පදක්කමක් දිනනව කියන්නේ රටකට ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම එය ලබාදීලා මහත් කීර්තියක් මගේ මව්බිමට අරන් දීලා තියෙනවා. පිටරටවල සිටින එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධ පහසුකම් ලැබෙනවා. ඔවුන්ගේ නමින් ක්‍රීඩාංගණ හදනවා. පාරවල් නම් කරනවා. මට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. මට මා කළ සේවයට ගරු කිරීමක් වශයෙන් ජීවත්ව සිටිනකන් යමක් ලැබෙනවා නම් හොඳයි. 
ලෝකයේ ප්‍රබලතම හා විශාලතම රටක් වන ඉන්දියාවට තාමත් බැරිවෙලා තියෙනවා ඔලිම්පික් මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගන්න. ඩන්කන් වයිට් මහතා සහ මම විතරයි ඒ මහා කාර්යය ඉටු කළේ.
අද අපි ජාත්‍යන්තර පදක්කම් දිනන්න මහා ධනස්කන්ධයක් වැය කරනවා. ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්න කණ්ඩායම් දුසිම් ගණන් යවනවා. ඉතින් ඒවා අපේ රටේ සල්ලි. ඉතින් මම එච්චර දේවල් වියදම් කෙරෙව්වේ නෑ. ලැබුණු තිබුණු විදිහට ගිහිල්ලා දුවල තමයි මගේ පදක්කම් දිනා දුන්නේ. 
මම කියන්නේ ක්‍රීඩා ඇමැතිතුමාට, ඔබතුමා දීලා තියෙන දීමනාව හා රැකියාව මට කරන්න පුළුවන්. ඒ වුණත් එවැනි රැකියාවකට වඩා රටටම මහත් කීර්තියක් ගෙන දුන්න දැනට සිටින එකම ක්‍රීඩිකාව වශයෙන් මාසිකව රුපයල් ලක්ෂයක පමණ දීමනාවක් මගේ ජීවිතය ඇති තෙක් ලබාදෙන්න පුළුවන්නම් ඒක ලොකු දිරිමත් කිරීමක්. මගෙත් පිනක්. එතකොට මගේ කටත් වැහෙයි. සිතත් සතුටුවෙයි.
ක්‍රීඩා ඇමැතිතුමාට එතරම් ඉහළට පියවර ගැනීමට අපහසුවක් ඇත්නම් එය රටේ ඉහළම පාලනයට දැනුවත් කරලා මට හොඳ මාසික දීමනාවක් ලබාදීලා, මගේ පදක්කම් වලට නියම වටිනාකමක් දුන් බවට රටට ආදර්ශයක් ලබාදෙන්න කියලයි මම කියන්නේ.
මගේ ප්‍රකාශයක් පිළිබඳව ජනාධිපතිතුමාත් දැනුම්වත් වී තිබෙනවා. එතුමාගේ උපදේශකවරයෙක් මට කතා කළා. දින කීපයක් ඇතුළත සුදුසු විසඳුමක් ලබාදෙන්න එතුමා කටයුතු කරාවි කියලා මට හිතෙනවා” යැයි සුසන්තිකා අවසන් වශයෙන් පැවැසුවාය.
 
සුනිල් අභයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 67

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 792

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 602

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1392

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1076

Please publish modules in offcanvas position.