Coss Ear2
lakbima.lk
COSS Ear 1

රටවල් 13කින් ශ්‍රී ලංකාවට 12 වැනි තැන

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් තායිලන්තයේදී පැවැති අවු. 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට 12 වැනි ස්ථානය හිමිවී තිබේ.
තරගාවලියට ආසියානු කලාපයේ 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම් 13ක් සහභාගි විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පළමු වටයේදී චීන තායිපේ හමුවේ ට 3-0කින්ද, කසකස්තානය හමුවේ වට 3-0කින්ද, ඕස්ට්‍රේලියාව හමුවේ වට 3-1කින්ද පරාජය ලැබිය.
මැකාවෝ කණ්ඩායම සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකාව වට 3-1කින් ජය වාර්තා කළේය.
අනතුරුව තරගාවලියේ ශ්‍රේණිගත තරගවලදී 11 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති තරගයෙන්ද වට 3-0ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයට පත්විය.
මෙවර 2017 අවු. 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශූරතාව ජපානයද, අනුශූරතාව තායිලන්තයද දිනාගත් අතර, එම කණ්ඩායම් ලබන දෙසැම්බර් මාසයේ කොරියාවේ පැවැත්වෙන 23න් පහළ ලෝක ශූරතා කාන්තා වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.