Coss Ear2
lakbima.lk
COSS Ear 1

එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ 2016-2017 එෆ්.ඒ. කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ පස්වැනි වරටත් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී හිටපු ශූර යුද හමුදාව හමුවේ ගෝල 5-1කින් ජාවා‍ලේන් පරාජය ලැබිය.
තරගය ආරම්භයේ සිටම සිය අණසක පැතිර වූ යුද හමුදාව පළමු භාගය අවසන් වන විට ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසුවිය.
දෙවැනි භාගයේදී යුද හමුදාව තවත් ගෝල 3ක් එක්කර ගත් අතර, ජාවා‍ලේන් එක් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් විය.
යුද හමුදාව වෙනුවෙන් මොහොමඩ් ඉසාදීන් සහ එම්.ඒ. රහුමාන් ගෝල 2 බැගින් වාර්තා කළ අතර, සුමිත් කුමාර ගෝලයක් වාර්තා කළේය.
පරාජිත ජාවා‍ලේන් වෙනුවෙන් එකම ගෝලය ජූඩ් නික්ලස් වාර්තා කළේය.
තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයාට පිරිනැමෙන රන් සපත්තුව යුද හමුදාවේ මොහොමඩ් ඉසාදීන් (ගෝල 9) දිනාගත් අතර, දක්ෂතම දැල් රකින්නා ලෙස යුද හමුදාවේ ඩබ්ලිව්.එන්.කේ. සිරිසේන සම්මාන ලැබිය.
 
සුනිල් අභයවර්ධන 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.