Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සිව්වැනි තැනට පසු බසියි

දකුණු කොරියාවේ පැවැති 10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ඉතිහාසයේ දරුණුතම පරාජයට ලක්වෙමින් හිටපු යොවුන් ශූරියන් වූ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්විය.
මෙම තරගාවලියේ ශූරතාව සිංගප්පූරුව දිනාගත් අතර, මලයාසියාවට අනුශූරතාව හිමිවිය.
ශ්‍රී ලංකාව මතෛක් සහභාගි වූ සෑම ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියකම අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන තිබූ අතර, එහිදී අවස්ථා තුනකදීම ශූරතාව දිනා ගැනීමට සමත් විය.
හිටපු ආසියානු යොවුන් දැල්පන්දු ශූරියන් වන ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයකට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 58-32ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට කුසලාන බලා‍පොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය.
ඉන්පසු තෙවැනි ස්ථානය සඳහා හොංකොං සමග තරග වැදුණු ශ්‍රී ලංකාව ලකුණු 58-49ක පරාජයක් ලැබිම හේතුවෙන් සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. 
(සටහන - ශිරන්ති ගුණසේකර)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.