Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාපැදි නිලවරණයකල් යන ලකුණු

මේ දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇති ක්‍රීඩා සම්මේලන නිලවරණ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණය නියමිත පරිදි මේ මස 30 වැනි දින පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පාපැදි ක්‍රීඩා සංගම් සහ සමාජ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහන් කර සිටිති.
ක්‍රීඩා අමාත්‍යාංශය වරින් වර සංශෝධනය කරනු ලැබූ නිලවරණ ව්‍යවස්ථා අනුව ක්‍රීඩා සම්මේලන කීපයක් තම සම්මේලන නිලවරණ ව්‍යවස්ථාවද වෙනස් කරමින් අදාළ මූල්‍ය වාර්තාවන්ද අනුමත කර ගනිමින් නිලවරණ සඳහා සූදානම් වී තිබේ.
පාපැදි සම්මේලනය අමාත්‍යාංශයේ සංශෝධිත ව්‍යවස්ථාවන් තම සම්මේනයට අභිමත පරිදි සම්මත කර ගැනීමක් මතෛක් සිදුකර නොමැති අතර, මූල්‍ය කටයුතු පිළිබඳව අනුමත විගණන වාර්තාද ලබා ගැනීමට මතෛක් අ‍පොහොසත් වී ඇති බව පාපැදි ක්‍රීඩා සමාජ නිලධාරීන් සඳහන් කරති. 
මේ තත්ත්වය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා පාපැදි සම්මේලන නිලධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, හැකි ඉක්මණින් අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කර තම නිලවරණ පැවැත්වීමට කටයුතු යොදන ලෙස දන්වා තිබේ.
තමන් බලා‍පොරොත්තු වන දිනට පෙර එම නිලවරණ පැවැත්වීමට පාපැදි නිලධාරීන් අසමත් වුවහොත් කෙටි කාලයකට හෝ පාපැදි ක්‍රීඩාවේ පාලනය සඳහා අතුරු කමිටුවකට පැවරීමට තමාට සිදුවන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පාපැදි නිලධාරීන්ට දන්වා සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර තම නිලවරණ ක්‍රියාදාමයේ මූලික අදියර ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ සංශෝධිත ව්‍යවස්ථාව අනුමත කර ගැනීම සඳහා පාපැදි සම්මේලනය මේ මස 14වැනි දින මහසභා රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.
 
සුනිල් අභයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.