Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවට සන්ක්වික් අනුග්‍රහය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන 'සන්ක්වික්' ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග ලබන 19දා පැවැත්වේ.
මෙම අවසන් මහ තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකරන ලද කෘත්‍රිම වෙරළ වොලිබෝල් පිටිය විවෘත කිරීමේ උළෙලට සමගාමීව පැවැත්වේ.
මේ අනුව විවෘත පිරිමි අවසන් තරගය ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර ද, විවෘත කාන්තා අවසන් තරගය නාවික හමුදාව සහ යුද හමුදාව අතරද පැවැත්වේ.
අවුරුදු 21න් පහළ පිරිමි අවසන් මහා තරගය දවිසමර සහ ගුවන් හමුදාව අතරද, එහි කාන්තා අවසන් තරගය ගුවන් හමුදාව සහ ගලිගමුව ක්‍රීඩා සමාජය අතරද පැවැත්වේ.
මෙම තරගාවලිය සන්ක්වික් ලංකා පෞද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වේ.
මෙම තරගාවලියේ නිල ලාංඡනය සන්ක්වික් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
සී.ඩබ්ලිව්. මැකී ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයසිංහ, වොලිබෝල් සම්මේලනයේ ‍ලේකම් නාලක ශාන්තසිරි, එහි උප සභාපති සී. රත්නමුදලි, ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ උප සභාපති නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.