Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාසල් පාපන්දු ක්‍රීඩකයන් 6ක් බාසිලෝනා පුහුණු කඳවුරකට

අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයන් 6 දෙනකුට යුරෝපයේ පිහිටි බාසිලෝනා ක්‍රීඩා සමාජයේ පාපන්දු පාස‍ලේ සිව්දින පුහුණු කඳවුරකට සහභාගි වීමේ අවස්ථාව උදාවී තිබේ.
මෙම ‘රෝඩ් ටු බාසිලෝනා’ පාසල් තරගාවලිය ජූලි 5දා සිට 30 දා දක්වා පළාත් මට්ටමින් අදියර 9ක් යටතේ පැවැත්වෙන අතර, එයට නෙස්‍ලේ ලංකා සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි.
2007 සහ 2008 වර්ෂයන්හි උපත ලැබූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියට බාලිකා කණ්ඩායම් 250ක්ද, බාලක කණ්ඩායම් 800ක්ද ඇතුළත් වෙයි. තරගාවලිය සඳහා 12,600කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වීම කැපී පෙනෙයි.
මෙම පළාත් තරගවලදී දස්කම් දක්වන දක්ෂයින් තේරීම් කඳවුරකට එක්කර ගනියි. එම තේරීම් කඳවුරේදී ප්‍රවීණ පුහුණුකරුවන් පිරිසක් විසින් පුහුණුවට යවන ක්‍රීඩකයින් හයදෙනා තේරාගනු ලබයි. 
පළාත් පාපන්දු තරග සටහන
උතුරු මැද පළාත (ජූලි 5 සහ 6) අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණය
උතුරු පළාත (ජූලි 15 සහ 16) යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය
නැගෙනහිර පළාත (ජූලි 29 සහ 30) ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය
ඌව පළාත (ජූලි 17 සහ 18) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය
වයඹ පළාත (ජූලි 19 සහ 20) කුරුණෑගල මහජන උද්‍යානය
මධ්‍යම පළාත (ජූලි 11 සහ 12) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය
බස්නාහිර පළාත (ජූලි 7 සහ 8) කොම්පඤ්ඤවීදිය සිටි ලීග් ක්‍රීඩාංගණය
සබරගමුව පළාත (ජූලි 21 සහ 22) රත්නපුර සීවලී ක්‍රීඩාංගණය
දකුණු පළාත (ජූලි 9 සහ 10) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.