Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන “ආරාධිත අන්තර් ජාතික දැල්පන්දු තරගාවලිය” මේ මස 27දා සිට 30දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වසරේදී සිංග්පූරුවේදී පැවැත්වෙන ආසියාතික දැල්පන්දු තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයට තරග අත්දැකීම් ලබාදීමේ අරමුණෙන් සහ දක්ෂතම ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ අරමුණෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතය, ශ්‍රී ලංකා සංවර්ධන යොවුන් සංචිතය, සිංගප්පූරු ජාතික සංචිතය සහ එංගලන්තයේ පීස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම තරග වදියි.
තරගාවලියේ අවසන් මහ තරගය 30දා ප.ව. 5.00ට ආරම්භවේ.
තරග සටහන

මැයි 27 - ප.ව. 3.30 - ශ්‍රී ලංකා ජාතික සංචිතය සහ සිංගප්පූරු ජාතික සංචිතය අතර
මැයි 27 - ප.ව. 5.30 - ශ්‍රී ලංකා සංවර්ධන යොවුන් සංචිතය සහ එංගලන්ත පීස්ටාර් ක්‍රී.ස. අතර
මැයි 28 - ප.ව. 3.30 - සිංගප්පූරු ජාතික සංචිතය සහ එංගලන්ත පීස්ටාර් ක්‍රී.ස. අතර
මැයි 28 - ප.ව. 5.00 - ශ්‍රී ලංකා ජාතික සංචිතය සහ ශ්‍රී ලංකා සංවර්ධන යොවුන් සංචිතය අතර
මැයි 29 - ප.ව. 3.00 - ශ්‍රී ලංකා ජාතික සංචිතය සහ එංගලන්ත පීස්ටාර් ක්‍රී.ස. අතර
මැයි 29 - ප.ව. 5.00 - ශ්‍රී ලංකා සංවර්ධන යොවුන් සංචිතය සහ සිංගප්පූරු ජාතික සංචිතය
මැයි 30 - ප.ව. 3.00 - තෙවැනි ස්ථානය සඳහා තරගය
මැයි 30 - ප.ව. 5.00 - අවසන් මහ තරගය

ශිරන්ති ගුණසේකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ ‘සන්ක්වික්’ ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව යුද හමුදාව දිනාගත් අතර, කාන්තා ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
විවෘත පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්දික ටිරෝන්/ජයාන් සනුජ හමුවේ ගුවන් හමුදාවේ පුබුදු ඒකනායක/සුජීව චින්තක යුගළය තරග වට 3-1ක පරාජයක් ලැබූහ.
විවෘත කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරිකා ගුණසිංහ/කසුනි තාරුකා යුගළය හමුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ චතුරිකා මධුෂානි/තමාරා කුමාරි තරග වට 2-0ක පරාජයක් ලැබූහ.
විවෘත පිරිමි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව (අංජන සන්දීපන/සඳුන් මධුසංක) දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය ගුවන් හමුදාව (ආශා නිල්මිණි/ලක්මිණි ගුණසිංහ) සතුවිය.
මෙම තරගාවලියේ අවුරුදු 21න් පහළ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
අවු. 21න් පහළ පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අශේන් රෂ්මික/කවිඳු මලින්ද යුගළය හමුවේ සීදූව දවිසමර මහ විදුහ‍ලේ මිහිරංග උදයකුමාර සහ රෙහාන් මධුසංඛ තරග වට 3-1කින් පරාජය ලැබූහ.
අවු. 21න් පහළ කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ෂා ප්‍රියමාලි/ෂෙහානි අසංගා යුගළය හමුවේ ගලිගමුව ක්‍රීඩා සමාජයේ ඩී.එච්. සේනාරත්න/ආර්.ඩී. ලක්මාලි යුගළය තරග වට 2-1ක පරාජයක් ලැබූහ.
අවු. 21න් පහළ පිරිමි තෙවැනි ස්ථානය කළුතර ලකී සික්ස් ක්‍රීඩා සමාජය (නුවන් කුමාර/කවිඳු අශාන්) දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය ආනමඩුව ක්‍රීඩා සමාජය (තරුෂි අයෝධ්‍යා/නිරෝෂා මධුවන්ති) සතුවිය.
මෙම තරගාවලියේ අවසන් මහා තරග පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද කෘත්‍රිම වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත්වුණු අතර, සන්ක්වික් ලංකා පෞද්ගලික සමාගම තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වීය. 
(ප්‍රභාත්)

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී ජුනි 27දා ඇරඹෙන ‘ඒක්ස්ඉන් මාස්ටර්ස් හොකී ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ප්‍රවීණ  කාන්තා හොකී කණ්ඩායම සහභාගි වෙයි.සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා හොකී පිලක් සහභාගි වන පළමු අවස්ථාවද මෙය වෙයි.
ශ්‍රී ලංකා කාන්තා පිල 35ට වැඩි කාණ්ඩය යටතේ තරග වදින අතර, ඊට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඝානාව, ඇමෙරිකාව සහ ස්පාඤ්ඤය වැනි ප්‍රබල රටවල් රැසක් සහභාගිවේ.
පස්වරක් ශ්‍රී ලංකා ජාතික හොකී නායිකාව ලෙස කටයුතු කළ සෝභිතා මෙන්ඩිස් මෙවර ශ්‍රී ලංකා ප්‍රවීණ කාන්තා හොකී පි‍ලේ නායිකාව ලෙස කටයුතු කරන අතර, හිටපු ජාතික හොකී නායකයකු වන එම්.ජී.එම්. නලීම් පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා ප්‍රවීණ කාන්තා හොකී පිල
සෝභිතා මෙන්ඩිස් (නායිකාව), රූපිකා ද සිල්වා, ප්‍රියන්තා රාජපක්ෂ, ඉරෝමි ගුණවර්ධන, වාසනා ඒකනායක, ඊෂා අමරසේකර, චන්දිමා රාජවර්ධන, ෂෙරීන් ප්‍රභාහරන්, සුනේත්‍රා පෙරේරා, මනෝජි ප්‍රදීපිකා, සන්ජී වාසුදේව, නිශාන්ති කුඹුරේගම, දුර්ගා හොප්මන්, චමිලා ගුණවර්ධන, අප්සරා ගුණරත්න, නිසංසලා රොසයිරෝ, රේණු යාපා, අයේෂා සේරසිංහ

පසුගියදා නිමාවට පත්වූ රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලියේදී කණ්ඩායම් ශූරතාව  සමගින් තවත් ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත් විය.
ගම්යා වසන්ත ද සිල්වා, නඳුන් තිලක, මොහොමඩ් අස්වර් සහ සිතුම් ජයවර්ධන පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර, ගම්යා වසන්ත ද සිල්වා සහ නිශාන්ත ආරියපාල අවු. 50-60 යුගළ ශූරතාව දිනා ගත්හ.
කණ්ඩායම් ශූරතාවයේ සහ අවු. 50-60 යුගළ ශූරතාවයේ සාමාජිකයකු වූ ගම්යා වසන්ත පිරිමි අවු. 50-60 කේවල අනුශූරතාවද දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.
කණ්ඩායම් ශූරතාව දිනාගත් ක්‍රීඩකයින් කුසලාන සමගින් ඡායාරූපයේ දිස්වේ.
 
ඡායාරූපය :- ආරියපාල වීදාගම

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන 'සන්ක්වික්' ජාතික වෙරළ වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග ලබන 19දා පැවැත්වේ.
මෙම අවසන් මහ තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකරන ලද කෘත්‍රිම වෙරළ වොලිබෝල් පිටිය විවෘත කිරීමේ උළෙලට සමගාමීව පැවැත්වේ.
මේ අනුව විවෘත පිරිමි අවසන් තරගය ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර ද, විවෘත කාන්තා අවසන් තරගය නාවික හමුදාව සහ යුද හමුදාව අතරද පැවැත්වේ.
අවුරුදු 21න් පහළ පිරිමි අවසන් මහා තරගය දවිසමර සහ ගුවන් හමුදාව අතරද, එහි කාන්තා අවසන් තරගය ගුවන් හමුදාව සහ ගලිගමුව ක්‍රීඩා සමාජය අතරද පැවැත්වේ.
මෙම තරගාවලිය සන්ක්වික් ලංකා පෞද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වේ.
මෙම තරගාවලියේ නිල ලාංඡනය සන්ක්වික් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
සී.ඩබ්ලිව්. මැකී ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයසිංහ, වොලිබෝල් සම්මේලනයේ ‍ලේකම් නාලක ශාන්තසිරි, එහි උප සභාපති සී. රත්නමුදලි, ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ උප සභාපති නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයන් 6 දෙනකුට යුරෝපයේ පිහිටි බාසිලෝනා ක්‍රීඩා සමාජයේ පාපන්දු පාස‍ලේ සිව්දින පුහුණු කඳවුරකට සහභාගි වීමේ අවස්ථාව උදාවී තිබේ.
මෙම ‘රෝඩ් ටු බාසිලෝනා’ පාසල් තරගාවලිය ජූලි 5දා සිට 30 දා දක්වා පළාත් මට්ටමින් අදියර 9ක් යටතේ පැවැත්වෙන අතර, එයට නෙස්‍ලේ ලංකා සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි.
2007 සහ 2008 වර්ෂයන්හි උපත ලැබූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියට බාලිකා කණ්ඩායම් 250ක්ද, බාලක කණ්ඩායම් 800ක්ද ඇතුළත් වෙයි. තරගාවලිය සඳහා 12,600කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වීම කැපී පෙනෙයි.
මෙම පළාත් තරගවලදී දස්කම් දක්වන දක්ෂයින් තේරීම් කඳවුරකට එක්කර ගනියි. එම තේරීම් කඳවුරේදී ප්‍රවීණ පුහුණුකරුවන් පිරිසක් විසින් පුහුණුවට යවන ක්‍රීඩකයින් හයදෙනා තේරාගනු ලබයි. 
පළාත් පාපන්දු තරග සටහන
උතුරු මැද පළාත (ජූලි 5 සහ 6) අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණය
උතුරු පළාත (ජූලි 15 සහ 16) යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය
නැගෙනහිර පළාත (ජූලි 29 සහ 30) ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය
ඌව පළාත (ජූලි 17 සහ 18) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය
වයඹ පළාත (ජූලි 19 සහ 20) කුරුණෑගල මහජන උද්‍යානය
මධ්‍යම පළාත (ජූලි 11 සහ 12) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය
බස්නාහිර පළාත (ජූලි 7 සහ 8) කොම්පඤ්ඤවීදිය සිටි ලීග් ක්‍රීඩාංගණය
සබරගමුව පළාත (ජූලි 21 සහ 22) රත්නපුර සීවලී ක්‍රීඩාංගණය
දකුණු පළාත (ජූලි 9 සහ 10) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය

Page 1 of 17

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.