Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් පැවැති නාවික හමුදාව සහ සී.එච්. අතර තරගයෙන් අවසන් මොහොතේ තිළිණ වීරසිංහ වාර්තා කළ දඬුවම් පහරින් ලකුණු 27-24ක තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
පළමු භාගය අවසන් වන විට සී.එච්. ලකුණු 17-10ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර, තරගය නිම වීමට මිනිත්තු 3ක් ඉතිරිව තිබියදී ලකුණු තත්ත්වය 24-24ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.
මේ අවස්ථාවේදී තිළිණ වීරසිංහ වාර්තා කළ දඬුවම් පහරින් නාවික හමුදාවට 27-24ක ජයක් හිමි විය.
නාවික හමුදාව වෙනුවෙන් කසුන් ද සිල්වා, ස්ටීවන් ගේ‍රගරි, ලහිරු විශ්වජිත් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.එච්. වෙනුවෙන් අවන්ත ලී, රෝහිත රාජපක්ෂ, උත්සාහක දිනුම් වාර්තා කළ අතර, දඬුවම් උත්සාහක දිනුමක්ද හිමි විය. සැමුවෙල් මධුවන්ත ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් සාර්ථකව නිම කළේය.
 
මහනුවර-‍පොලීසිය
නිත්තවෙලදී පැවැති මහනුවර සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 61-20ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මහනුවර වෙනුවෙන් නයිජල් රත්වත්ත (2), අරුද්ධ විල්වර (2) රිචඩ් ධර්මපාල, ධනුෂ්ක රංජන්, ධනූෂ දයාන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ උචිත ජයසූරිය උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ විජේසිංහ ප්‍රවර්ථන 7ක් සාර්ථකව නිම කළේය.
‍පොලීසිය වෙනුවෙන් උදාර සූරියප්පෙරුම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, දඬුවම් උත්සාහක දිනුමක්ද හිමි විය. සංදේශ් ජයවික්‍රම ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
සී.ආර්.-යුද හමුදාව 
සී.ආර්. සහ යුද හමුදාව අතර පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර, අවසානයේදී ලකුණු 24-17ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
පළමු භාගය අවසන් වන විට දෙපිලම ලකුණු 10 බැගින් ලබා සම තත්ත්වයෙන් පසුවිය.
සී.ආර්. වෙනුවෙන් ඔමල්ක ගුණරත්න, සුපුන් වර්ණකුලසූරිය සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තරින්ද රත්වත්ත ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් විනෝද් කුමාර් සහ සමීර බුලත්සිංහල උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
හැව්ලොක්ස්-ගුවන් හමුදාව
හැව්ලොක්ස් සහ ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් ලකුණු 34-18ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.
හැව්ලොක්ස් වෙනුවෙන් දුලාජ් පෙරේරා, සුදම් සූරියආරච්චි, 
දුෂ්මන්ත ප්‍රියසාද්, චාමර දාබරේ සහ අස්මීර් ෆජුඩීන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, රීසා මුබාරක් ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන් සහ සූර්ය ක්‍රිෂාන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, චරිත් සෙනෙවිරත්න ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මංගල ධර්මප්‍රේම 

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ සති අන්තයේ පැවැති තීරණාත්මක මහනුවර සහ හැව්ලොක්ස් අතර තරගයෙන් ලකුණු 20-9ක ජයක් වාර්තා කළ මහනුවර පළමු වටය අවසානයේදී ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
පළමු භාගය අවසානය වන විට ලකුණු 6-3ක් ලෙස පසුපසින් සිටි මහනුවර සිය අපරාජිත වාර්තාව රැක ගනිමින් අවසානයේදී විශිෂ්ට ජයක් වාර්තා කළේය.මහනුවර ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, හැව්ලොක්ස් දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
මහනුවර වෙනුවෙන් යකුබ් අලී, නයිජල් රත්වත්ත සහ රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම් වාර්තා කළ අතර, නයිජල් රත්වත්ත එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් රීසා මුබාරක් දඬුවම් පහර 2ක්ද, දුලාජ් පෙරේරා එක් දඬුවම් පහරක්ද සාර්ථකව නිම කළේය.
සී.එච්.-නාවික හමුදව
තුරඟ තරග පිටියේදී පැවැති ප්‍රබල නාවික හමුදාව සහ සී.එච්. අතර තරගයෙන් ලකුණු 27-24ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. සමත් විය.
පළමු භාගය අවසන් වන විට නාවික හමුදාව ලකුණු 12-10ක් ලෙස පෙරමුණේ පසුවුවද විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ සී.එච්. ක්‍රීඩකයෝ අවසානයේ තියුණු ජයක් වාර්තා කළහ.
සී.එච්. ගෝල 3ක්, දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබාගත් අතර, නාවික හමුදාව ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.එච්. වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ, සසංක ආරියරත්න සහ සැමුවෙල් මධුවන්ත උත්සාහක දිනුම් වාර්තා කළ අතර, මධුවන්ත ප්‍රවර්ථන 3ක්, දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
නාවික හමුදාව වෙනුවෙන් මාහොමඩ් අබ්ෂාල්, බුද්ධිම ප්‍රියරත්න, දුලංජන විජේසිංහ සහ තනූජ මාලිම්බඩ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ විජේසිංහ ප්‍රවර්ථන දෙකක් නිම කළේය.
සී,ආර්.-‍පොලීසිය
සී.ආර්. සහ ‍පොලීසිය අතර පැවැති තරගයෙන් ලකුණු 53-13ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්.සමත් විය.
පළමු භාගය අවසන් වන විට සී.ආර්. ලකුණු 34-6ක් ලෙස පෙරමුණේ පසුවිය.
සී.ආර්. වෙනුවෙන් කවිඳු පෙරේරා (2), තරින්ද රත්වත්ත (2), කෝකිල සම්මන්දපෙරුම (2), හෆීස් නූර් (1), අවිශ්ක හීන්පැල්ල (1) උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තරින්ද රත්වත්ත ප්‍රවර්ථන 3ක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
‍පොලීසිය වෙනුවෙන් උදාර සූරියප්පෙරුම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, සංදේශ් ජයවික්‍රම ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව - ගුවන් හමුදාව
කොළඹ තුරඟ තරග පිටියේ පැවැති යුද හමුදාව හා ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 33-32ක තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය.
යුද හමුදාව ගෝල 4කින් හා උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව ගෝල 3ක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබාගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් සුධාරක දික්කුඹුර, අශෝක ජයලාල්, අශාන් බණ්ඩාර හා සුදත් නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර ගයාන් සාලින්ද  ප්‍රවර්තන 4ක් නිම කළේය.
ගුවන් හමුදාව වෙනුවෙන් අමිල බණ්ඩාර, චරිත් සේනාධිරත්න, සූරිය ක්‍රිශාන්ත හා ගිහාන් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර චරිත් සෙනෙවිරත්න ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහර 2ක් නිම කළේය.

මංගල ධර්මප්‍රේම

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලිය යටතේ පසුගිය 16දා හොංකොංහිදී පැවැති  ශ්‍රී ලංකාව සහ හොංකොං අතර දෙවැනි අදියරයේ තරගයෙන් ලකුණු 40-7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට හොංකොං සමත් විය.
මේ අනුව පළමු අදියරයේ තරගයේදීද ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 37-8ක ජයක් වාර්තා කළ හොංකොං ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.
දෙවැනි අදියරයේ තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 14-7ක් ලෙස හොංකොං පෙරමුණේ පසු වූ අතර, දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් වාර්තා කර ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.
හොංකොං ගෝල 5ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර, ශ්‍රී ලංකාව එක් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම සහ ප්‍රවර්ථනය සාර්ථකව නිම කළේය.

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ තීරණාත්මක තරගය වන මහනුවර සහ හැව්ලොක්ස් අතර තරගය හෙට (16දා) හැව්ලොක් පිටියේදී පැවැත්වේ.
මෙම තරගය පස්වරු 6.30ට විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වේ.
මහනුවර මේ වන විට අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, හැව්ලොක්ස් එක් තරගයක් පරාජය වී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
අද තරගයේදී ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ප්‍රසාද ලකුණත් සමග පරාජය කිරීමට හැව්ලොක්ස්ට සිදුවී තිබේ.
මේ අතර ලකුණු සටහනේ තෙවැනි තැන සිටින නාවික හමුදාව සී.එච්. සමග හෙට තුරඟ තරග පිටියේදී තරග වදියි.
දැවැන්ත පරාජයන් රැසකට මුහුණ දී සිටින සී.ආර්. හෙට ‍පොලිස් පිටියේදී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ‍පොලීසිය සමග තරග වදියි.
යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය ලබන ඉරිදා (17දා) පස්වරු 4.00ට තුරඟ තරග පිටියේදී තරග වදියි.


මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී පැවැති මහනුවර සහ සී.ආර්. අතර තරගයෙන් ලකුණු 24-12ක ජයක් වාර්තා කළ මහනුවර අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් විය.
දැඩි වර්ෂාව මධ්‍යයේ පැවැති මෙම තරගයේදී මහනුවර ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබාගත් අතර, සී.ආර්. ගෝලයක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.
පළමු භාගය අවසානයේදී මහනුවර ලකුණු 19-5ක් ලෙස පෙරමුණේ  පසුවුවද දෙවැනි භාගයේදී ක්‍රීඩා පිටිය ජලයෙන් පිරී යාම නිසා තරගකාරී බව අඩුවී තිබුණි.
මහනුවර වෙනුවෙන් අනුරුද්ධ විල්වර, ජේසන් දිසානායක, බුවනෙක උඩන්ගමුව සහ ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, නයිජල් රත්වත්ත ප්‍රවර්ථන දෙකක් නිම කළේය.
සී.ආර්. වෙනුවෙන් කවිඳු කොස්තා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, දඬුවම් උත්සාහක දිනුමක්ද හිමි විය.
 
හැව්ලොක්ස්-යුද හමුදාව 
‍පොලිස් පිටියේදී පැවැති හැව්ලොක්ස් සහ යුද හමුදාව අතර තරගයෙන් ලකුණු 291-19ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.
හැව්ලොක්ස් ගෝල 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, යුද හමුදාව ගෝල 2ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් හිරන්ත පෙරේරා, රමේෂ් ප්‍රනාන්දු, නිෂෝන් පෙරේරා සහ චාමර දාබරේ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, දුලාජ් පෙරේරා ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් නිම කළේය.
යුද හමුදාව වෙනුවෙන් සංජය රත්නායක, මොහොමඩ් රිස්වි සහ සම්පත් කුමාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද ප්‍රවර්ථන දෙකක් නිම කළේය.
 
නාවික හමුදාව-ගුවන් හමුදාව 
වැලිසරදී පැවැති නාවික හමුදාව සහ ගුවන් හමුදව අතර තරගයෙන් ලකුණු 10-0ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
නාවික හමුදාව ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
නාවික හමුදාව වෙනුවෙන් දුලංජන විජේසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, තිළිණ විජේසිංහ ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් නිම කළේය.
 
සී.එච්. - ‍පොලීසිය
සී.එච්. සහ ‍පොලීසය අතර තරගය තියුණු සටනකින් පසු ලකුණු 21-21ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
ප්‍රථම භාගය අවසන් වන විට ‍පොලීසිය ලකුණු 13-12ක් ලෙස පෙරමුණේ පසුවිය.
‍පොලීසිය වෙනුවෙන් ගිහාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සංදේශ් ජයවික්‍රම ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 3ක් නිම කළේය. සී.එච්. වෙනුවෙන් ඉරංග ආරියපාල සහ ශ්‍රීනාත් විමලවීර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සැමුවෙල් මධුවන්ත ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 3ක් සාර්ථකව නිම කළේය.

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරැළියක් සිදු කරමින් සී.ආර්. ලකුණු 24-10 කින් පරාජය කිරීමට යුද හමුදාව සමත් විය.
පසුගිය සති අන්තයේදී සී.එච්. වෙතින් අනපේක්ෂිත පරාජයක් ලැබූ ප්‍රබල සී.ආර්. යළිත් පරාජයක් අත් විඳීමෙන් ලීග් ශූරතාව දිනා ගැනීමේ සිහිනය බොඳවන ලකුණු පහළවී තිබේ.
මේ අතර නාවික හමුදාවට තියුණු සටනක් ලබා දීමට ‍පොලීසිය සමත් වූ අතර සී.එච්.ට එරෙහිව අසීරු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස්ට සිදුවිය.
සුපුරුදු පරිදි යළිත් විශිෂ්ට ජයක් වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ආරක්ෂා කර ගැනීමට මහනුවර සමත් විය.
 
යුද හමුදාව-සී.ආර්.
ලොන්ඩන් පෙදෙසේ පැවැති යුද හමුදාව සහ සී.ආර්. අතර තරගයෙන් ලකුණු 24-10 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය.
යුද හමුදාව ගෝල් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 යුද හමුදාව වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ අශාන් බණ්ඩාර උත්සාහක දිනුම් 3 ක් වාර්තා කළ අතර සුගත් නානායක්කාර උත්සාහක දිනුමක්ද ගයාන් සාලින්ද ප්‍රවර්තන 2 ක් ද නිම කළේය.
පරාජිත සී.ආර්. වෙනුවෙන් සෂාන් මොහොමඩ් සහ රීසා රිෆයිඩීන් උත්සාහක දිනුම් වාර්තා කළහ.
 
නාවික හමුදාව- ‍පොලීසිය
නාවික හමුදාව සහ ‍පොලීසිය අතර වැලිසර පැවැති තරගයෙන් ලකුණු 31-24 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
නාවික හමුදාව වෙනුවෙන් තිලිණ වීරසිංහ (2) අදීශ වීරතුංග, ලහිරු හේරත් සහ දුලංජන විජේසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ වීරසිංහ ප්‍රවර්තන 3 ක් නිම කළේය.
‍පොලීසිය වෙනුවෙන් කසුන් සුරංග, හේෂාන් ගෝමස් සහ සජාන් කොඩිතුවක්කු උත්සාහක දිනුම් වාර්තා කළ අතර සංදේශ් ජයවික්‍රම ප්‍රවර්තන 2 ක් නිම කළේය.
 
මහනුවර-ගුවන් හමුදාව
මහනුවර සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 55-13 ක ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මහනුවර වෙනුවෙන් දිමිත්‍රි විජේතුංග, තරිඳු චතුරංග, ෆසිල් මරිජා, රිචඩ් ධර්මපාල, අනුරුද්ධ විල්වර, ධනූෂ දයාන්, ගයාන් වීරරත්න, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ තිලිණ විජේසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ ප්‍රවර්තන 3 ක්ද නයිජල් රත්වත්ත ප්‍රවර්තන 2 ක්ද නිම කළේය.
ගුවන් හමුදාවට දඬුවම් උත්සාහක දිනුමක් හිමිවූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ දඬුවම් පහර 2 ක් නිම කළේය.
 
හැව්ලොක්ස්-සී.එච්.
හැව්ලොක්ස් සහ සී.එච් අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 31-26 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත්විය.
හැව්ලොක්ස් වෙනුවෙන් දුලාජ් පෙරේරා උත්සාහක දිනුම් 2 ක්ද කෙවින් ඩික්සන් උත්සාහක දිනුමක්ද වාර්තා කළ අතර රීසා මුබාරක් දඬුවම් පහර 4 ක් සහ ප්‍රවර්තන 2 ක් නිම කළේ්ය.
සී.එච්. වෙනුවෙන් සසංක ආරියරත්න (2) සජිත් සාරංග සහ යෝෂිත රාජපක්ෂ උත්සාහක දිනුම් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත ප්‍රවර්තන 3 ක් නිම කළේය.
 
මංගල ධර්මප්‍රේම

Page 3 of 8

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.