Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගියදා පාසල් රග්බි තරගවලදී ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
මෙම සිදුවීම් තුළින් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාව අවදානමකට ලක් කර ඇති බව පැවැසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සංගමය හා රග්බි විනිසුරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් තරග සඳහා විනිසුරුවන් සහභාගී නොකිරීමට තීරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි සංගමය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පාසල් බලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා මෙම තත්ත්වය මගහරවාගෙන පාසල් රග්බි ක්‍රීඩාවේ විනය නැවතත් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ සඳහා වූ සාකච්ඡාවක් අද (25දා) පැවැත්වේ.
 

2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග 4ක් පසුගිය සති අන්තයේ පැවැති අතර එහිදී තවදුරටත් අපරාජිත භාවය ආරක්ෂා කරගැනීමට රාජකීය සහ ශා. පීතර සමත් විය. 
පළමු වටයේදීද අපරාජිතව සිටි රාජකීය සහ ශා. පීතර මේ වන විට ලකුණු 35 බැගින් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
රාජකීය විදුහල හමුවේ පළමු වටයේදී පරාජය වූ ශා. ජෝසප් සෙසු තරග සියල්ලම ජය ගනිමින් ලකුණු 31ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
පළමු වටයේදී ශා. පීතර හමුවේ පරාජය වූ ඉසිපතන ලකුණු 29ක් ලබා ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ සිටියි.
මේ අනුව මෙවර ලීග් ශූරතාව දිනා ගැනීම සඳහා රාජකීය සහ ශා. පීතර අතර තියුණු සටනක් නිර්මාණය වී ඇති නමුත් ශා. ජෝසප් සහ ඉසිපතනද සටනක් ලබා දෙමින් ඔවුන් ආසන්නයේම රැඳී සිටියි.
පසුගිය සති අන්තයේදී සහිරා පරාජය කිරීමට රාජකීය සමත් වූ අතර, ත්‍රිත්ව පරාජය කිරීමට ශා. පීතර සමත් විය.
කිංග්ස්වුඩ් පරාජය කිරීමට ඉසිපතන සමත් වූ අතර, වෙස්ලි පරාජය කිරීමට ශා. ජෝසප් සමත් විය.
 
මංගල ධර්මප්‍රේම 

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී කිංග්ස්වුඩ් ලකුණු 10-5කින් පරාජය කිරීමට ඉසිපතන සමත් විය.
මහනුවරදී පැවැති මෙම තරගයෙන් තියුණු සටනකින් පසු ජය ගැනීමට ඉසිපතන සමත්වූ අතර සෙසු තරගවලදී ජය වාර්තා කිරීමට රාජකීය, ශා. පීතර සහ ශා. ජෝසප් විදුහල් සමත් විය.
 
කිංග්ස්වුඩ්-ඉසිපතන
පළමු භාගයේදී ලකුණු 5-3ක් ලෙස කිංග්ස්වුඩ් පෙරමුණේ පසුවුවද අශාන් ගුණසේකරගේ උත්සාහක දිනුමෙන් ඉසිපතනට ජය හිමිවිය.
ඉසිපතන වෙනුවෙන් අශාන් ගුණසේකර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, මනිල්ක රුබේරු ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් නිම කළේය. කිංග්ස්වුඩ් වෙනුවෙන් රුචිර ඒකනායක උත්සාහක දිනුමක් වාර්තා කළේය.
 
ශා.පීතර-ත්‍රිත්ව
ශා. පීතර සහ ත්‍රිත්ව අතර තරගයෙන් ලකුණු 28-21 ක ජයක් වාර්තා කිරීමට ශා. පීතර සමත් විය.
පළමු භාගය අවසන් වන විට ශා. පීතර ලකුණු 14-00 ලෙස පෙරමුණේ පසු වූ අතර ශා. පීතර ගෝල 4 ක් මගින්ද ත්‍රිත්ව ගෝල 3 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
ශා. පීතර වෙනුවෙන් ජවිඳු ප්‍රනාන්දු (2) නිස්රාන් නිල්හාර් සහ රුක්ෂාන් මධුසංක උත්සාහක දිනුම් වාර්තා කළ අතර ෂෙහාන් ලියනපතිරණ ප්‍රවර්තන 4 ක් නිම කළේය.
අකිත සකලසූරිය (2), විශ්ව රණරාජා උත්සාහක දිනුම් වාර්තා කළ අතර අකිත ප්‍රවර්තන 3 ක් සාර්ථකව නිම කළේය.
සකලසූරිය (2), විශ්ව රණරාජා උත්සාහක දිනුම් වාර්තා කළ අතර අකිත ප්‍රවර්ථන 3 ක් සාර්ථකව නිම ක‍ලේය.
 
ශා.ජෝසප්-වෙස්ලි
ශා. ජෝසප් සහ වෙස්ලි අතර තරගයෙන් ලකුණු 26-16 ක ජයක් වාර්තා කිරීමට ශා. ජෝසප් සමත් විය.
පළමු භාගය අවසන් වන විට ශා. ජෝසප් ලකුණු 14-08 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර ශා. ජෝසප් ගෝල 3 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, වෙස්ලි උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
ශා. ජෝසප් වෙනුවෙන් ගැමුණු ච්ෙතිය (3) සහ නිමේෂ් ද සිල්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර සංතුෂ් අල්ගම ප්‍රවර්ථන 3 ක් නිම කළේය. වෙස්ලි වෙනුවෙන් කවින්ද පෙරේරා සහ රයන් සැමුවෙල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර මුෂීඩ් සුබේර් දඬුවම් පහර 2 ක් නිම කළේය.
 
රාජකීය-සහිරා
රාජකීය සහ සහිරා අතර තරගයෙන් ලකුණු 41-05 ක ජයක් වාර්තා කිරීමට රාජකීය සමත්විය.
පළමු භාගය අවසන් වන විට රාජකීය ලකුණු 31-05 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර රාජකීය ගෝල 3 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු ලබාගත් අතර සහිරා එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.
රාජකීය වෙනුවෙන් තු‍ලේබ් හසන් (3), කෙවින් සමරසේකර, මලීෂ පෙරේරා, හිමන්ත හිරුෂාන් සහ මුබින් ෆලීල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර මලීෂ පෙරේරා ප්‍රවර්ථන 3 ක් නිම කළේය.
සහිරා වෙනුවෙන් ෂමීන් නසාර් උත්සාහක දිනුමක් වාර්තා කළේය.
 
මංගල ධර්මප්‍රේම

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව අතර පැවැති බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියරෙන් ලකුණු 27-19 ක ජයක් ලැබූ රාජකීය විදුහල සමස්ත තරගයෙන් ලකුණු 66-26 ක ජයක් ලබමින් බ්‍රැඩ්බි පළිහ දිනා ගත්තේය.
මෙහි පළමු අදියරෙන් ලකුණු 39-07 ක ජයක් ලැබිමට රාජකීය සමත්විය. ජයග්‍රාහී රාජකීය පිල ඡායාරූපයේ......

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ පළමු අදියරෙන් ලකුණු 39-07 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. 
පළමු භාගය අවසන් විට ලකුණු 19-00ක් ලෙස පෙරමුණ ගෙන සිටි රාජකීය අවසානයේ ගෝල 3ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත් අතර ත්‍රිත්වට ලබාගත හැකිවූයේ එක් ගෝලයක් පමණි.
තරගයේ 17 වැනි මිනිත්තුවේදී රාජකීය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරිමට සසිත සියාත් සමත්වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.
ඉන් පසු ජනිඳු ඩිල්ෂාන් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය නිම කිරීමට දුලාන් ගුණවර්ධන සමත්විමෙන් රාජකීය ලකුණු 12-00ක් ලෙස පෙරමුණ ගත්තේය.
බිම්සර ඉඳුවර වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය දුලාන් සාර්ථකව නිම කිරිම නිසා පළමු භාගය අවසන් වන විට රාජකීය ලකුණු 19-00 ක් ලෙස ඉදිරියෙන් විය.
දෙවැනි භාගය ආරම්භයේදිම මලීෂ මධුමෙවන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමෙන් රාජකීය ලකුණු 24-00ක් ලෙස පෙරමුණ ගත්තේය.
විශ්ව රණරාජා ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර අවිශ්ක ෂේක් එහි ප්‍රවර්තනය නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 24-07 ක් විය.
සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ජනිඳු ඩිල්ෂාන් සමත්වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක වීමෙන් ලකුණු තත්ත්වය 31-07ක් විය.
තරගයේ 65 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට හිමන්ත හිරුෂාන් සමත්වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකවීමෙන් ලකුණු තත්ත්වය 36-07ක් විය.
අවසන් මොහොතේ දඬුවම් පහරක් සාර්ථකව නිම කිරීමට ෆදිල් අද්හාන් සමත්වීමෙන් රාජකීය විදුහලට ලකුණු 39-07 ක ජයක් හිමිවිය.
 
මංගල ධර්මප්‍රේම
 

අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන සත් සාමාජික රග්බි තරගාවලියේ 2018 කුසලාන දිනා ගැනීමට මස්කෙළිය වැවිලි සමාගම සමත් විය. 
හැටන් දික්ඔය ඩී.එම්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියට වතු සමාගම් 14ක කණ්ඩායම් සහභාගි විය. මස්කෙළිය වැවිලි සමාගම සහ හැටන් වැවිලි සමාගම අතර පැවැති අවසන් තරගයෙන් ලකුණු 27-7ක ජයක් වාර්තා කිරීමට මස්කෙළිය සමත් විය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස චමෝද් පල්‍ලේගුරු (මස්කෙළිය) සම්මාන ලැබිය.
 
නීටා පත්මකුමාරි  - හැටන් 

Page 1 of 8

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.