Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙරළිකාර සී.එච්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස් පරාජය කරති

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ තවත් පෙරළිියක් සිදුකළ සී.එච්. ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි හැව්ලොක්ස් ලකුණු 27-25 කින් හැව්ලොක් පිටියේදීම පරාජය කිරීමට සමත් විය.
පළමු භාගයේදී හැව්ලොක්ස් ලකුණු 25-13 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවෙමින් තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. සමත් විය.
සී.එච්. ගෝල 3 ක් දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත් අතර හැව්ලොක්ස් ගෝල 2ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
මෙම පරාජයත් සමගම හැව්ලොක්ස් පි‍ලේ මෙවර ශූරතාව දිනා ගැනීමේ බලා‍පොරොත්තු සුන්වන ලකුණු පහලවී තිබේ.
සී.එච්. වෙනුවෙන් ඉරංග ආරියපාල (2) සහ ලී කීගල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත ප්‍රවර්තන 3 ක් දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් හිරන්ත පෙරේරා, ලසිඳු ඉෂාන් සහ ෂෙහාන් ඩයස් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්තන 2 ක් සහ දඬුවම් පහර 2 ක් සාර්ථකව නිම කළේය.
 
සී.ආර්.-‍පොලීසිය
සී.ආර්. සහ ‍පොලීසිය අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 33-31 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
පළමු භාගය අවසන් වන විට සී.ආර්. ලකුණු 26-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි භාගයේදී විශිෂ්ට සටනක් දුන් ‍පොලිස් ක්‍රීඩකයෝ අවසානයේ ලකුණු 2 ක පරතරයකින් පරාජය විය.
සී.ආර්. වෙනුවෙන් ඔමල්ක ගුණරත්න (2) ගයාන් ජයසේකර, රීසා රිෆයිඩීන් සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරින්ද රත්වත්ත ප්‍රවර්තන 4 ක් සාර්ථකව නිම කළේය.
‍පොලීසිය වෙනුවෙන් වජීඩ් ෆවුමි, ඉරෝෂ් සිල්වා සහ සංදේශ් ජයවික්‍රම උත්සාහක දිනුම් වාර්තා කළ අතර දඬුවම් උත්සාහක දිනුමක්ද හිමිවිය. සංදේශ් ජයවික්‍රම ප්‍රවර්තන 4 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මහනුවර-ගුවන් හමුදාව
මහනුවර සහ ගුවන් හමුදාව අතර රත්මලානේ පැවැති තරගයෙන් උත්සාහක දිනුම් 10 ක් සමගින් ලකුණු 64-12 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තව දුරටත් අපරාජිත වාර්තාව රැක ගැනීමට මහනුවර සමත් විය.
මහනුවර ගෝල 7ක් සහ උත්සාහක දිනුම් 3ක් මගින් ලකුණු රැස් කළ අතර ගුවන් හමුදාව ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
මහනුවර වෙනුවෙන් දනූෂ දයාන් (2) බුවනෙක උඩංගමුව, ධනුෂ්ක රංජන්, ෂෙහාන් පතිරණ, අනුරුද්ධ විල්වර, යකුබ් අලී, තරිඳු චතුරංග, නයිජල් රත්වත්ත සහ උචිත ජයසූරිය උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ ප්‍රවර්තන 7 ක් සාර්ථකව නිම කළේය.
ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර දඬුවම් උත්සාහක දිනුමක්ද හිමිවිය.
 
මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.