Coss Ear2
lakbima.lk
COSS Ear 1

නාවික හමුදාව 20-14කින් යුද හමුදාව පරාජය කරයි

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගිය ඉරිදා පැවැති තරගවලින් ජය ගැනීමට නාවික හමුදාව සහ සී.ආර්. සමත් විය.මෙහිදී නාවික හමුදාව ලකුණු 20-14කින් ප්‍රබල යුද හමුදාව පරාජය කිරීම කැපී පෙනුණි.
නාවික හමුදා ක්‍රීඩකයන් රැසක් මෙවර ක්‍රීඩා සමාජය හැරදා වෙනත් ක්‍රීඩා සමාජ සමග එක්වී සිටියද පළමු සටනින් ජය ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමකි.
නාවික හමුදාව ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, යුද හමුදාව ගෝල 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගයේ පළමු භාගය අවසන් වන විට නාවික හමුදාව ලකුණු 15-7ක් ලෙස පෙරමුණේ පසුවිය.නාවික හමුදාව වෙනුවෙන් අධීෂ වීරතුංග, දුලංජන විජේසිංහ සහ ජනිත් ලක්සර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් අසෝක ජයලාල් සහ සුගත් නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද ප්‍රවර්ථන 2ක් සාර්ථකව නිම කළේය.
සී.ආර්. - ගුවන් හමුදාව
පසුගිය ඉරිදා පැවැති සී.ආර්. සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 21-9ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
මෙම තරගයේ පළමු භාගයේදී ලකුණු 6-3ක් ලෙස ගුවන් හමුදාව පෙරමුණේ පසුවීම කැපී පෙනුණි.
සී.ආර්. ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබාගත් අතර, ගුවන් හමුදාව දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.ආර්. වෙනුවෙන් චරණ චාමිකර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, ගුවන් හමුදා නීති විරෝධී ක්‍රීඩා විලාශයෙන් දඬුවම් උත්සාහක දිනුමක්ද සී.ආර්.ට හිමිවිය.තරින්ද රත්වත්ත එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහර 3ක් සාර්ථකව නිම කළේය.

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.