Coss Ear2
lakbima.lk
COSS Ear 1

හැව්ලොක්ස්-මහනුවර ජය වාර්තා කරයි

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට ගියවර ශූර මහනුවර සහ ගියවර අනුශූර හැව්ලොක්ස් සමත් විය.
මෙහිදී හැව්ලොක්ස් ප්‍රසාද ලකුණද සහිතව ‍පොලීසිය පැරදවූ අතර මහනුවරට ප්‍රසාද ලකුණ ලබා ගැනීමට නොහැකි විය.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති මහනුවර සහ සී.එච්. අතර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් මිනිත්තු 5 කට පෙර අවසන් කිරීමට විනිසුරුවන්ට සිදුවිය.
ගියවර නාවික හමුදාව මෙන්ම වෙනත් ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් මෙවර සී.එච්. නියෝජනය කළ අතර ඔවුන් මහනුවරට සටනක් දුන්නද එය පරාජය වලක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
මෙම තරගයෙන් මහනුවරට ලකුණු 23-06 ක ජයක් හිමිවූ අතර මහනුවර ගෝල 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය. සී.එච්. දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
පළමු භාගය අවසන් වන විට ලකුණු 20-03 ක් ලෙස පෙරමුණේ සිටි මහනුවර වෙනුවෙන් ධනුෂ්ක රංජන් සහ අනුරුද්ධ විල්වර උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිළිිණ විජේසිංහ දඬුවම් පහර 3 ක් සහ ප්‍රවර්තන 2 ක් සාර්ථකව නිම කළේය.
සී.එච්. වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
හැව්ලොක්ස්-‍පොලීසිය
හැව්ලොක් පිටියේ පැවැති හැව්ලොක්ස් සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 36-00 ක ජයක් වාර්තා කළ හැව්ලොක්ස් ප්‍රසාද ලකුණද සහිතව ජය ගැනීමට සමත්විය.
මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 17-00 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් සමත්විය.
හැව්ලොක්ස් ගෝල 4 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් ප්‍රසාද් මධුසංඛ, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ජේසන් මෙල්ඩර් සහ රීසා මුබාරක් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්තන 4 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.