Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙවැනි අදියරේ ශූරතාව හොංකොංට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරයේදී ජපානය පරාජය කළ හොංකොං ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් මහා තරගයේ අතිරේක කාලයේදී ලකුණු 19-14 කින් ජපානය පරාජය කිරීමට හොංකොං සමත් විය.
මෙම තරගාවලියේදී සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී කොරියාව ලකුණු 22-5කින් පරදවමින් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර, ධනුෂ්ක රංජන් සහ රීසා රෆයිඩීන් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මලයාසියාව ලකුණු 22-5කින් පරාජය කිරීමට සමත් වූ  ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී හොංකොං වෙතින් ලකුණු 26-12ක පරාජයක් ලැබිම නිසා අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වුණි.
ශ්‍රී ලංකාව මූලික වටයේදී චීනය ලකුණු 28-7කින්ද, චීන තායිපේ ලකුණු 33-0කින් පරාජය කළ අතර, කොරියාව හමුවේ ලකුණු 28-21ක පරාජයක් ලැබිය.
මෙම තරගාවලියේ කාන්තා අවසන් තරගයෙන් චීනය ලකුණු 10-5කින් පරාජය කළ ජපානය ශූරතාව දිනා ගත්තේය.
කාන්තා තරගාවලියේ 6 වැනි ස්ථානය සඳහා පැවැති හොංකොං සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 12-5ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.