Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාවට ශූරතාව අහිමි වෙයි

හොංකොංහිදී පැවැති අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ හිටපු ශූර ශ්‍රී ලංකාවට මෙවර 2017 තරගාවලියේදී අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
කුසලාන අංශයේ අවසන් සටනේදී ශ්‍රී ලංකාව ලකුණු 36-00කින් පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට සත්කාරක හොංකොං සමත් විය.
අවසන් තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-00ක් ලෙස පෙරමුණ ගෙන සිටි හොංකොං තරගය අවසන් වන විට ගෝල 3ක් සහ උත්සහක දිනුම් 3ක් සමගින් ලකුණු 36ක් වාර්තා කළේය.
මෙම තරගයේ පළමු වටයේදී ශ්‍රී ලංකාව පිලිපීනය ලකුණු 24-00කින්ද, චීනය ලකුණු 43-7කින්ද, මලයාසියාව ලකුණු 26-5කින්ද, චීන තායිපේ ලකුණු 28-14කින්ද පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, එහිදී කොරියාව ලකුණු 33-5කින් පරාජය කරමින් අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගාවලියේ පළඟ අංශයේ අවසන් තරගයේදී මලයාසියාව ලකුණු 21-5ක් ලෙස පරාජය කළ සිංගප්පූරුව පළඟ ශූරතාව දිනා ගත්තේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.