Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉසිපතන ලකුණු 10-5කින් කිංග්ස්වුඩ් පරාජය කරයි

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී කිංග්ස්වුඩ් ලකුණු 10-5කින් පරාජය කිරීමට ඉසිපතන සමත් විය.
මහනුවරදී පැවැති මෙම තරගයෙන් තියුණු සටනකින් පසු ජය ගැනීමට ඉසිපතන සමත්වූ අතර සෙසු තරගවලදී ජය වාර්තා කිරීමට රාජකීය, ශා. පීතර සහ ශා. ජෝසප් විදුහල් සමත් විය.
 
කිංග්ස්වුඩ්-ඉසිපතන
පළමු භාගයේදී ලකුණු 5-3ක් ලෙස කිංග්ස්වුඩ් පෙරමුණේ පසුවුවද අශාන් ගුණසේකරගේ උත්සාහක දිනුමෙන් ඉසිපතනට ජය හිමිවිය.
ඉසිපතන වෙනුවෙන් අශාන් ගුණසේකර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, මනිල්ක රුබේරු ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් නිම කළේය. කිංග්ස්වුඩ් වෙනුවෙන් රුචිර ඒකනායක උත්සාහක දිනුමක් වාර්තා කළේය.
 
ශා.පීතර-ත්‍රිත්ව
ශා. පීතර සහ ත්‍රිත්ව අතර තරගයෙන් ලකුණු 28-21 ක ජයක් වාර්තා කිරීමට ශා. පීතර සමත් විය.
පළමු භාගය අවසන් වන විට ශා. පීතර ලකුණු 14-00 ලෙස පෙරමුණේ පසු වූ අතර ශා. පීතර ගෝල 4 ක් මගින්ද ත්‍රිත්ව ගෝල 3 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
ශා. පීතර වෙනුවෙන් ජවිඳු ප්‍රනාන්දු (2) නිස්රාන් නිල්හාර් සහ රුක්ෂාන් මධුසංක උත්සාහක දිනුම් වාර්තා කළ අතර ෂෙහාන් ලියනපතිරණ ප්‍රවර්තන 4 ක් නිම කළේය.
අකිත සකලසූරිය (2), විශ්ව රණරාජා උත්සාහක දිනුම් වාර්තා කළ අතර අකිත ප්‍රවර්තන 3 ක් සාර්ථකව නිම කළේය.
සකලසූරිය (2), විශ්ව රණරාජා උත්සාහක දිනුම් වාර්තා කළ අතර අකිත ප්‍රවර්ථන 3 ක් සාර්ථකව නිම ක‍ලේය.
 
ශා.ජෝසප්-වෙස්ලි
ශා. ජෝසප් සහ වෙස්ලි අතර තරගයෙන් ලකුණු 26-16 ක ජයක් වාර්තා කිරීමට ශා. ජෝසප් සමත් විය.
පළමු භාගය අවසන් වන විට ශා. ජෝසප් ලකුණු 14-08 ක් ලෙස පෙරමුණේ පසු වූ අතර ශා. ජෝසප් ගෝල 3 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, වෙස්ලි උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.
ශා. ජෝසප් වෙනුවෙන් ගැමුණු ච්ෙතිය (3) සහ නිමේෂ් ද සිල්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර සංතුෂ් අල්ගම ප්‍රවර්ථන 3 ක් නිම කළේය. වෙස්ලි වෙනුවෙන් කවින්ද පෙරේරා සහ රයන් සැමුවෙල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර මුෂීඩ් සුබේර් දඬුවම් පහර 2 ක් නිම කළේය.
 
රාජකීය-සහිරා
රාජකීය සහ සහිරා අතර තරගයෙන් ලකුණු 41-05 ක ජයක් වාර්තා කිරීමට රාජකීය සමත්විය.
පළමු භාගය අවසන් වන විට රාජකීය ලකුණු 31-05 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර රාජකීය ගෝල 3 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු ලබාගත් අතර සහිරා එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.
රාජකීය වෙනුවෙන් තු‍ලේබ් හසන් (3), කෙවින් සමරසේකර, මලීෂ පෙරේරා, හිමන්ත හිරුෂාන් සහ මුබින් ෆලීල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර මලීෂ පෙරේරා ප්‍රවර්ථන 3 ක් නිම කළේය.
සහිරා වෙනුවෙන් ෂමීන් නසාර් උත්සාහක දිනුමක් වාර්තා කළේය.
 
මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.