Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවැති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ (2017) මැරතන් පිරිමි ශූරතාව උතුරු මැද පළාතේ දම්මික අරුණසිරි දිනාගත් අතර, කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ මධුමාලි පෙරේරා දිනා ගැනීමට සමත් වූවාය.

මහියංගණය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රේසිං පාපැදි පිරිමි ශූරතාව බස්නාහිර පළාතේ එස්.ඒ. දීමන්ත දිනාගත් අතර, කාන්තා ශූරතාව වයඹ පළාතේ ඒ.එස්. ප්‍රියදර්ශනී දිනා ගත්තාය.
ඊයේ පැවැති කාන්තා ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට උතුරු මැද පළාතේ ජේ.ඒ.සී. හේවසිංහ සමත් වූවාය.

ඊයේ (2දා) පැවැති පිරිමි ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේදී තරග කරුවන් කිහිප දෙනකු තරග නීති රීති උල්ලංඝණය කළ බවට බස්නාහිර පළාත් ක්‍රීඩකයන් විරෝධතාවක් එල්ල කිරීම හේතුවෙන් තරගයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී.

මේ අනුව එම විරෝධතා පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව පිරිමි ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගයේ ප්‍රතිඵල නිකුත් කරන බව නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා සඳහන් කළේය.

තරග ප්‍රතිඵල

මැරතන් පිරිමි
1. ආර්.ඒ.පී. දම්මික අරුණසිරි - උතුරු මැද (පැය 2.25.13), 2. ජී.කේ. ගුණසේකර - බස්නාහිර (2.2514), 3. බි.යූ. විජිත කුමාර - දකුණ (2.27.17), 4. කේ.පී.එස්. කරුණාතිලක - බස්නාහිර, 5. ආර්.එම්. අසේල බණ්ඩාර - මධ්‍යම, 6. ඩබ්ලිව්.පී. ජයරත්න - වයඹ, 7. ටී.බි. ප්‍රදීප් සෝමරත්න - මධ්‍යම, 8. ටී.පී. අලහකෝන් - මධ්‍යම, 9. ඩී.එම්. ධර්මරත්න - සබරගමුව, 10. එස්. ජානක රත්නකුමාර - ඌව
මැරතන් කාන්තා
1. බි.එම්. මධුමාලි පෙරේරා - බස්නාහිර (පැය 2.55.36) , 2. වී. ක්‍රිෂාන්තිනී - මධ්‍යම (2.57.28), 3. බි.ජී. අනුරාධි - මධ්‍යම (3.00) , 4. එම්.ඒ. රුවිතා දීපානි - දකුණ, 5. එම්.ඒ. කුමාරි ප්‍රනාන්දු - බස්නාහිර, 6. පී.එම්. සෙව්වන්දි - වයඹ, 7. එම්.ජී. බුද්ධිකා - සබරගමුව, 8. කේ.ජී. එරන්දි කරුණාරත්න - මධ්‍යම, 9. පී.ඩී. ප්‍රියදර්ශනී - සබරගමුව, 10. එස්. සුදර්මනී - උතුර
පිරිමි රේසිං පාපැදි
1. එස්.ඒ.එස්. දීමන්ත - බස්නාහිර (3.31.19), 2. එම්.ඒ. මැඩොන්සා - බස්නාහිර (3.31.19), 3. ඩබ්ලිව්. බුද්ධික වර්ණකුලසූරිය - වයඹ (3.31.19)
කාන්තා රේසිං පාපැදි
1. පී.ඒ.එස්. ප්‍රියදර්ශනී - වයඹ (1.54.35), 2. දිනේෂා දල්රුක්ෂි - වයඹ (1.54.35), 3. ඩී.ඒ.එස්. දිල්හානි - බස්නාහිර (1.54.35)
කාන්තා ස්ටෑන්ඩර්ඩ් පපැදි
1. ඩී.එම්.සී.එම්. දේවසිංහ - උතුරු මැද (1.54.03), 2. ඩබ්ලිව්. නිමේෂා දිල්රුක්ෂි - ඌව (1.54.03), 3. බි.වී.එස්. අනුරාධිනී - උතුරු මැද (1.54.03)


එම්. බණ්ඩාර - මහියංගණය

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන 44 වැනි ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලිය අද (29දා) සිට ජූලි 2දා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
තරගාවලියේ පිහිනුම් තරග ජුනි 29, 30 ජූලි 01 සහ 02 දිනවල පැවැත්වෙන අතර, දියපිමි තරග ජුනි 30 සහ ජූලි 01 දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
කේවල තරග 140කින් සහ සහාය තරග 24කින් සමන්විත මෙම තරගාවලිය අවු. 9න් පහළ, 11, 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක-බාලිකා තරග පැවැත්වේ.
සියලුම වයස් සීමා තරගවල ප්‍රථම ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා සහතිකපත් පිරිනැමෙන අතර, පළමු ස්ථාන 3 දිනා ගන්නා ක්‍රීඩකයන්ට පදක්කම් ප්‍රදානය කෙරේ.
සියලුම වයස් සීමා තරග සඳහා දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පාසලට කුසලාන ප්‍රදානය කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ බාලක-බාලිකා ශූරතා, මිශ්‍ර බාලක-බාලිකා ශූරතා සහ බාලක-බාලිකා සමස්ථ ශූරතාද මෙහිදී පිරිනැමේ. 
මේ වන විටත් තරගාවලිය සඳහා පාසල් 180කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2928ක් ඇයැදුම්පත් යොමුකර තිබේ.
නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උළෙල 29දා පෙරවරු 8.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 2දා පස්වරු 4.00ට පැවැත්වේ.
 
ප්‍රභාත් විදානපතිරණ

අධ්‍යාපන කලාප 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් සිව් දිනක් පුරා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලෙහි සමස්ත ශූරතාව මහනුවර අධ්‍යාපන කලාපයට (ලකුණු 1325) හිමිවිය.
ලකුණු 748ක් දිනාගත් වත්තේගම කලාපයට දෙවැනි ස්ථානය හිමිවූ අතර, තෙවැනි ස්ථානය හැටන් (ලකුණු 222) කලාපයට හිමිවිය.
‍‍‍ජ්‍යෙෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා ශූරතා ද්විත්වයම දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල සමත් වූ අතර, බාලක අනුශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලද, බාලිකා අනුශූරතාව හැටන් අඹගමුව මධ්‍ය මහා විදුහලද දිනාගත්තාය. 
මෙවර ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොළ ජාතික පාස‍ලේ එස්.පී. අරුණ දර්ශන සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහ‍ලේ කේ.ජී. ඩිල්ෂී මහීෂා ශ්‍යාමලී කුමාරසිංහ සම්මාන දිනා ගත්හ.
 
සපුමල් වීදියබණ්ඩාර

ශ්‍රීමත් ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග සඳහා 6 වැනි වරටත් අනුග්‍රහය දැක්වීමට සිලෝන් බිස්කට්ස් ආයතනයේ ‘රිට්ස්බරි’ ඉදිරිපත් වී සිටියි.
මෙම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තරග කලාප 3 කට බෙදා මේ දිනවල පැවැත්වෙන අතර, පළමු වටය පසුගිය 16 සහ 17දා ‍පොලොන්නරුවේදී අවසන් විය.
මෙහි දෙවැනි අදියර ජුනි 30 සහ ජූලි 1දා හංවැල්ල රාජසිංහ මැදි විදුහල් පිටියේදී පැවැත්වෙන අතර, තෙවැනි අදියර අගෝස්තු 5-6 දිනවල නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයෙදී පැවැත්වේ.
කනිෂ්ඨ තරගාවලියේ අවසන් තරගාවලිය සැප්තැම්බර් 23 සිට 26දා දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අතර ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ජූලි 4දා සිට 6දා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙවර කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේ තරග සඳහා ක්‍රීඩකයන් 10,000කට ආසන්න පිරිසක් සහභාගි වී සිටින බව පාසල් මලල ක්‍රීඩා සංගමයේ ‍ලේකම් ටී.බි. වෙලගෙදර මහතා ඊයේ (27දා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී පැවැසීය.
තමන් මෙම තරගාවලියට 6 වැනි වරටත් අනුග්‍රහය දක්වන බවත්, වසරින් වසර තරගාවලියේ තත්ත්වය උසස්වී තිබිම ගැන සතුටු වන බවත් මෙම අනුග්‍රහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලා‍පොරොත්තු වන බවත් සලෝන් බිස්කට් ආයතනයේ අලෙවි කළමනාකරු නිලුපුල් ද සිල්වා මහතා පැවැසීය.
පාසල් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වසර 87ක් පැරණි ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලට අනුග්‍රහය දැක්වීමට ලැබිම සතුටට කරුණක් බවත්, පාසල් ක්‍රීඩකයන් දක්වන දස්කම් ඉහළින් අගය කළ යුතු බවත් නිලුපුල් සිල්වා මහතා පැවැසීය.
 
මංගල ධර්මප්‍රේම

ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 6 වැනි දින සිට 9 වැනි දින දක්වා ඉන්දියාවේ බුබනේෂ්වර් නගරයේදී පැවැත්වේ.
තරගාවලියට පෙර පුහුණුවීමට බුබනේෂ්වර් ක්‍රීඩාංගණය හිමිවී ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම කල්වේලා ඇතිව පිටත්ව හැරීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ.
මංජුල කුමාර වීරසේකරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග  පුහුණුකරුවන් 6ක්, අතිරේක පුහුණුකරුවන් 5ක් සහ නිලධාරීන් දෙදෙනකු සහභාගි වෙති.
 
ශ්‍රී ලංකා කණ්ඩායම
 
පිරිමි :- හිමාෂ එෂාන් (මී. 100, 4*100), විනෝද් සුරංජන් (මී. 100, 200, 4*100), අජිත් ප්‍රේමකුමාර (මී. 400, 4*400), දිලිප් රුවන් (මී. 400, 4*400), ඉඳුනිල් හේරත් (මී. 800), මංජුල කුමාර වීරසේකර (උස පැනීම), දනුක ලියනපතිරණ (දුර පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), වරුණ දයාරත්න (හෙල්ල), ඒ.එල්.එම්. අෂ්රොෆ් (4*100), ෂෙහාන් අඹේපිටිය (4*100), මොහොමඩ් සෆ්රාස් (4*100), ප්‍රදීප් කුමාර (4*400), ග්‍රේෂන් ධනංජය (4*400), කාලිංග කුමාරගේ (4*00)
කාන්තා :- රුමේෂිකා රත්නායක (මී. 100, 200), නිර්මලී මධුශිකා (මී. 400), ගයන්තිකා අබේරත්න (මී. 800), නිමාලි ලියනාරච්චි (මී. 800), නිලානි රත්නායක (මී. 3000 බාධක), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), දිල්හානි ‍ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), දුලංජලී රණසිංහ (උස පැනීම)
නිලධාරීන් :- ලාල් චන්ද්‍රකුමාර 
(කළමනාකරු), යසරෝහන  සිල්වා (සහය කළමනාකරු)
පුහුණුකරුවන් :- කේ.ජී. භද්‍රා ගුණවර්ධන, සජිත් ජයලාල්, චමින්ද පෙරේරා, පිලිප් රංජිත්, ලුවිස් මිරැන්ඩෝ, ඒ.ජ්. රුද්‍රිගෝ
අතිරේක පුහුණුකරුවන් :- ඒ.ජී. නන්දාවතී, උමංග සුරේන්ද්‍ර, වී. රත්නකුමාර, මධුක මාරසිංහ, සුජිත් අබේසේකර
 
සුනිල් අභයවර්ධන

ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පැවැති ඌව පළාත් ක්‍රීඩා උළෙ‍ලේදී පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 6ක් දිනා ගැනීමට  ජෙහාන් ඇන්ජලෝ සමත්විය.
බදුල්ල ඌව මහා විදුහ‍ලේ 9 ශේ්‍රණියේ ඉගෙනුම ලබන ජෙහාන් ඇන්ජලෝ මීටර් 50 පසුපස ආර, මීටර් 50 සමනළ ආර, මීටර් 100 පසුපස ආර, මීටර් 200 පසුපස ආර, මීටර් 400 නිදහස් ආර සහ මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වලදී රන් පදක්කම් දිනාගෙන තිබේ.
බදුල්ල ඌව මහා විදුහ‍ලේ විදුහල්පති බි,කේ.එම්. ජයතිස්ස මහතා සමග රන් පදක්කම් දිනූ ජෙහාන් ඇන්ජලෝ ඡායාරූපයේ.
 
සුලක්ෂ පියතිස්ස - බදුල්ල

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.