Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගියදා ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ විශේෂ උත්සවයක් ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ කොමාන්ඩෝ රෙජිමේන්තුවේසැරයන් ජේ.පී.සී. ලක්මාල්, ඉංජිනේරු සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ නායක නැවි අයි.සී.ඩී. දිසානායක සහ ගුවන් භට බි.ඩී.එච්. ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත විශේෂ සමරු තිළිණ, සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනමන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක රාජ්‍ය ‍ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මෙවර සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ සැණකෙළිය කන්ත‍ලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන අන්තර් පාසල් සහාය දිවීමේ තරගාවලිය මෙවර ජුනි 29, 30 සහ ජූලි 01 යන දිනයන්හිදී පැවැත්වේ.
සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළියක් කන්ත‍ලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේ තරගාවලිය යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණි.
මෙවර තරගාවලිය අවුරුදු 20න් පහළ, 18න් පහළ, 16න් පහළ, 14න් පහළ සහ 12න් පහළ (බාලක-බාලිකා) වයස් සීමා යටතේ ක්‍රියාත්මක කෙරේ.
 
සපුමල් වීදිය බණ්ඩාර

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපහාර පිරිනැමීම පසුගියදා සිදුවිය.
මෙම රිදී පදක්කම නාවික හමුදා ඉතිහාසයේ නාවිකයකු ලබාගත් ඉහළම ජාත්‍යන්තර පදක්කම වන අතර එය මුළු නාවික හමුදාවටම  ගෞරවයක් බව ප්‍රකාශ විය.
නාවික හමුදාපතිවරයා ඉන්දිකට සුභ පැතූ අයුරු ඡායාරූපයේ. 
මෙම අවස්ථාවට බර ඉසිලීමේ සංචිතයේ සභාපති කොමදෝරු සංජීව පෙරේරා මහතා ද එක්විය.

සමස්ත ලංකා මල්ලව‍පොර (2018) තරගාවලියේ ආධුනික අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ජා ඇළ තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසල සමත් විය.
ශ්‍රී ලංකා මල්ලව‍පොර සම්මේලනයේ සංවිධායකත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ ක්‍රිස්තුරාජ විදුහල ආධුනික අංශයේ රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනාගනු ලැබිය.
රංජිත් චන්දිමාල් මහතා විද්‍යාලයීය මල්ලව‍පොර පුහුණුකරු ලෙස කටයුතු කරයි.
 
ප්‍රසංග පෙරේරා - ජා ඇළ

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි පැවති ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේදී රන් පදක්කම් 80 ක් දිනාගත් ඕස්ට්‍රේලියාව සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියාව රන් 80 ක් රිදී 59 ක් සහ ලෝකඩ 59 ක් දිනාගත් අතර දෙවැනි තැන දිනූ එංගලන්තය රන් 45 ක් රිදී 45 ක් සහ ලෝකඩ පදක්කම් 46 ක් ලබා ගත්තේය.
තෙවැනි තැන දිනාගත් ඉන්දියාව රන් 26 ක් දිනාගත් අතර රිදී 20 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේදී ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා කල ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් පදක්කම් 6 ක් ලබා ගනිමින් රටවල් 71 ක් අතුරින් 31 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවට බර ඉසිලීමෙන් පදක්කම් 3 ක්ද බොක්සිං පදක්කම් 3 ක්ද හිමිවූ අතර මලල ක්‍රීඩා ඇතුළු සෙසු ක්‍රීඩා වලින් කිසිදු පදක්කමක් හිමි නොවීය.
බර ඉසිලීමෙන් ඉන්දික දිසානායක (රිදී) දිනූෂා ගොමස් (ලෝකඩ) චතුරංග ලක්මාල් (ලෝකඩ) පදක්කම් දිනා ගැනීමට සමත් විය.
අනූෂා කොඩිතුවක්කු (ලෝකඩ) ඉෂාන් බණ්ඩාර (ලෝකඩ) තිවංක රණසිංහ (ලෝකඩ) බොක්සිං පදක්කම් දිනා ගැනීමට සමත්වූහ.
අනූෂා කොඩිතුවක්කු දිනාගත් පදක්කම කාන්තා බොක්සිං ක්‍රීඩාවෙන් ‍පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම ලෙස වාර්තා ‍පොතට එක්වූ අතර ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙ‍ලේදී බොක්සිං පදක්කමක් දිනාගත්තේ වසර 68 කට පසුව වීමද වාර්තාවක් විය.
විචිත්‍රවත් සමාප්ති උළෙලකින් ක්‍රීඩා උළෙල අවසන්වූ අතර මීළඟ 22 වැනි පෙදරද මඩුළු ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වේ.
 

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි පැවැත්වෙන 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.
කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී වැනිආටු දේශයේ ක්‍රීඩකයාව පරාජය කළ තිවංක ලබන 13දා එංගලන්ත ක්‍රීඩකයා සමග අවසන් පූර්ව සටනට පිවිසෙයි.
මීට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ජනක විමලසිරි දුර පැනීමේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර, රුමේෂිකා රත්නායක මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.
ජනක විමලසිරි මූලික වටයේ තරගයේදී මීටර් 7.84ක දක්ෂතාවක් දක්වමින් අද (11දා) පැවැත්වෙන අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර, රුමේෂිකා රත්නායක තත්පර 23.42ක කාලයකින් මීටර් 200 ඉසව්ව අවසන් කරමින් අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලා‍පොරොත්තුවක් වන බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑම් 45-48 බර පන්තිය) අද ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සමග අවසන් පූර්ව වටයට සහභාගි වන අතර, දුලානි ජයසිංහ (කි.ග්‍රෑම් 51 බර පන්තිය) කෙන්යානු ක්‍රීඩිකාව සමගද, ඉෂංක බණ්ඩාර (කි.ග්‍රෑම් 52 බර පන්තිය) ලෙසතෝ රාජ්‍යයේ ක්‍රීඩකයා සමගද අද අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වෙති.
ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර අද අවසන් වටයේ තරගයට සහභාගි වන අතර, දිල්හානි ‍ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ අවසන් වටයට සහභාගි වෙයි.
ඊයේ බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වූ කේෂානි හංසිකා (කි.ග්‍රෑම් 57 බර පන්තිය) නවසීලන්ත ක්‍රීඩිකාව හමුවේද, පී.වී. දිනිදු (කි.ග්‍රෑම් 64 බර පන්තිය) නැමීබියානු ක්‍රීඩකයා හමුවේද පරාජය ලැබිය.
ඊයේ ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය තරග ඉසව් සඳහා සහභාගි වූ අතර එහිදී එරන්දි වරුසවිතාන, ඉෂාරා මධුරංගි, හංසනී කපුගීකියන කේවල තරග ඉසව්වලදී මුල් තරය ජය ගත්තද දෙවැනි තරගයෙන් හංසනී පමණක් කැනඩා ක්‍රීඩිකාවට එරෙහිව 4-1ක ජයක් වාර්තා කිරීමට සමත් වූවාය.
මේසපන්දු පිරිමි කේවල තරග ඉසව් සඳහා සහභාගි වූ බුවනෙක ජයසිංහ, ඉමේෂ් රණසිංහ, රොහාන් සිරිසේන මූලික වටයේ පළමු තරගයෙන් ජය වාර්තා කළ අතර, දෙවැනි වටයේ තරගවලදී බුවනෙක ජැමෙයිකාව 4-3කින්ද, රොහාන් සිරිසේන වැනිආටු දේශයේ ක්‍රීඩකයා 4-0කින්ද පරාජය කළ අතර, ඉමේෂ් 4-3කින් අයර්ලන්ත ක්‍රීඩකයාට පරාජය විය.
ඊයේ බැඩ්මින්ටන් තරග ඉසව් රැසකටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, එහිදී නිලූක කරුණාරත්න, දිනූක කරුණාරත්න කේවල මූලික වටයේ තරගයන්ගෙන් ජයගත් අතර, අද දෙවැනි වටයේ තරග සඳහා සහභාගි වෙති.
බැඩ්මින්ටන් කේවල මූලික වටයේ තරගයන්ට සහභාගි වූ හෂිනි අම්බලන්ගොඩ සහ බුවනෙක ගුණතිලක පළමු වටයේ තරග ජය ගනිමින් අද පැවැත්වෙන දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර, මිශ්‍ර යුගළ තරග සඳහා සහභාගි වූ බුවෙනක ගුණතිලක/කාවින්දි සිරිමාන්නගේ සහ සචින් ඩයස්/තිළිණි හෙන්දහේවා මූලික වටයේ තරගයන් ජය ගනිමින් අද දෙවැනි වටය සඳහා තරග වදියි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.