Coss Ear2
lakbima.lk
COSS Ear 1

නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් රාත්‍රී අර්ධ මැරතන් තරගාවලියේ පළමු අදියරයේදී බාලක ප්‍රථම ස්ථාන වවුනියාව දෙමළ මහා විදුහ‍ලේ එස්. කින්තුෂාන් (1.14.52)  දිනාගත් අතර, බාලිකා ප්‍රථම ස්ථානය මුලතිව් උදියාකඩ්ඩු මහා විදුහ‍ලේ එස්. සුදර්මතී (1.37.3) දිනා ගැනීමට සමත් වූහ.
යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ කි.මී. 21.5ක දුරකින් යුත් මෙම අර්ධ මැරතන් තරගයට උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
බාලක දෙවැනි ස්ථානය මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විදුහ‍ලේ ජී. ජිනන්තානන් දිනාගත් අතර, තෙවැනි ස්ථානය යාපනය කොකුවිල් හින්දු විදුහ‍ලේ ආර්. රිනුජන්ට හිමිවිය.
බාලිකා දෙවැනි ස්ථානය මුලතිව් කචිලායිමඩු මහා විදුහ‍ලේ එස්. විතූෂාට දිනාගත් අතර, තෙවැනි ස්ථානය කිලිනොච්චි මධ්‍ය මහා විදුහ‍ලේ ටී. ඩෙන්සිකා සතුවිය.


ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක  ක්‍රීඩිකාවන් පසුගියදා ‘ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්’ නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1948 සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනකු ඔලිම්පික් තරග සඳහා සහභාගි වී ඇති අතර, ඉන් 68 දෙනකු මේ වන විට ජීවතුන් අතර පසුවෙති.
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංවිධානයේ සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශද, ‍ලේකම්වරිය ලෙස දමයන්ති දර්ශාද, භාණ්ඩාගාරික ලෙස අනුරුද්ධ රත්නායකද, උප සභාපති ලෙස සුගත් තිලකරත්නද මෙහිදී තෝරා පත්කරගෙන තිබේ.
මෙම සංවිධානයේ උපදේශකවරිය ලෙස ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ පත්කරගෙන තිබේ. 
සංවිධානය පිහිටුවාගත් අවස්ථාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. 

ඉන්දියාවේ බුබනේෂ්වර්හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (9දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම් දිනාගැනීමට නදීෂා දිල්හානි ‍ලේකම්ගේ, රුමේෂිකා රත්නායක සහ නිමාලි ලියනාරච්චි සමත් වූහ.
මීට අමතරව ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වූවාය. 
ක්‍රීඩා උළෙ‍ලේ ආරම්භක දිනයේදීම නදීෂා දිල්හානි ‍ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 58.11ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 
රුමේෂිකා රත්නායක මීටර් 200 මූලික වටයේදී තත්පර 23.40ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඊයේ පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තත්. 23.43 කාලයක් ලබමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.  
ඊයේ මීටර් 800 කාන්තා අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි මි. 2.05.23ක කාලයක් ලබමින් රිදී පදක්කම දිනාගත් අතර, එම ඉසව්වටම සහභාගි වූ ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම (මි. 2.05.27) දිනා ගැනීමට සමත් වූවාය.
පිරිමි මීටර් 800 තරගයට සහභාගි වූ ඉඳුනිල් හේරත් මූලික වටයේ තෙවැනි තරගයේදී මිනිත්තු 1.51.70ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔහු සහභාගි වන මී. 800 අවසන් තරගයද ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ අජිත් ප්‍රේමකුමාර, දිලිප් රුවන්, ප්‍රදීප් කුමාර සහ ග්‍රේෂන් ධනංජය 4*400 සහාය දිවීමේ දෙවැනි මූලික තරගයේදී මි. 3.09.06ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම ඉසව්වේ අවසන් තරගය ක්‍රීඩා උළෙ‍ලේ අවසන් තරග ඉසව්ව ලෙස ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර හිමාෂ එෂාන් මීටර් 100 මූලික වටයේ පළමු තරගයේදී සිව්වැන්නා බවට (තත්. 10.53) පත්වූ අතර, මූලික වටයේ තෙවැනි තරගයේදී විනෝජ් සුරංජය ද සිල්වා සිව්වැන්නා (තත්. 10.44) බවට පත්විය. 

ඉන්දියාවේ බුබනේෂ්වර්හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.

මීට අමතරව මී. 400 ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වූ දිලිප් රුවන් සහ අජිත් ප්‍රේමකුමාර දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මංජුල කුමාර මූලික වටයේදී මීටර් 2.10ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මීටර් 400 මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ දිලිප් රුවන් කුමාර තත්පර 46.82ක දක්ෂතාවක් දක්වමින් පළමු ස්ථානය දිනා ගනිමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබිය.

මෙම තරගයේදී දිලිප් කුමාර හමුවේ ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගවලටද සහභාගි වූ මුහාමද් අනාස් දෙවැනියා බවට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මීටර් 400 මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ අජිත් ප්‍රේමකුමාර තත්පර 46.82ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබිය.

22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල අද (6දා) ඉන්දියාවේ බුබනේෂ්වර් නගරයේදී ආරම්භවේ.
ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ බුබනේෂ්වර් නගරයේ කාලිංග ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින්  අද සිට ලබන 9දා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 45ක් නියෝජනය කරමින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650ක් සහභාගි වෙති.
මලල ක්‍රීඩා ඉසව් 42කින් සමන්විත මෙවර ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද සැලකේ.
තරගාවලියට පෙර පුහුණුවීමට බුබනේෂ්වර් ක්‍රීඩාංගණය හිමිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින 10කට පෙරම ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මංජුල කුමාර වීරසේකර කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග  පුහුණුකරුවන් 6ක්, අතිරේක පුහුණුකරුවන් 5ක් සහ නිලධාරීන් දෙදෙනකුද  එක්වී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි :- හිමාෂ එෂාන් (මී. 100, 4*100), විනෝද් සුරංජන් (මී. 100, 200, 4*100), අජිත් ප්‍රේමකුමාර (මී. 400, 4*400), දිලිප් රුවන් (මී. 400, 4*400), ඉඳුනිල් හේරත් (මී. 800), මංජුල කුමාර වීරසේකර (උස පැනීම), දනුක ලියනපතිරණ (දුර පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), වරුණ දයාරත්න (හෙල්ල), ඒ.එල්.එම්. අෂ්රොෆ් (4*100), ෂෙහාන් අඹේපිටිය (4*100), මොහොමඩ් සෆ්රාස් (4*100), ප්‍රදීප් කුමාර (4*400), ග්‍රේෂන් ධනංජය (4*400), කාලිංග කුමාරගේ (4*00)
කාන්තා :- රුමේෂිකා රත්නායක (මී. 100, 200), නිර්මලී මධුශිකා (මී. 400), ගයන්තිකා අබේරත්න (මී. 800), නිමාලි ලියනාරච්චි (මී. 800), නිලානි රත්නායක (මී. 3000 බාධක), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), දිල්හානි ‍ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), දුලංජලී රණසිංහ (උස පැනීම)
නිලධාරීන් :- ලාල් චන්ද්‍රකුමාර (කළමනාකරු), යසරෝහන  සිල්වා (සහය කළමනාකරු)
පුහුණුකරුවන් :- කේ.ජී. භද්‍රා ගුණවර්ධන, සජිත් ජයලාල්, චමින්ද පෙරේරා, පිලිප් රංජිත්, ලුවිස් මිරැන්ඩෝ, ඒ.ජ්. රුද්‍රිගෝ
අතිරේක පුහුණුකරුවන් :- ඒ.ජී. නන්දාවතී, උමංග සුරේන්ද්‍ර, වී.
රත්නකුමාර, මධුක මාරසිංහ, සුජිත් අබේසේකර

ප්‍රභාත් විදානපතිරණ

යුද හමුදා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ‘යුද හමුදා දෙවන තුන්ප්‍රයාම තරගාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට හිමිවිය.
තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට හිමිවිය.
මෙම තුන්ප්‍රයාම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ ජී.ජේ.ඒ.එල්.  පෙරේරා සමත් වූ අතර, දෙවැනි ස්ථානය පී,එච්.ඩී. රාජපක්ෂටද (ශ්‍රීලකාහ), තෙවැනි ස්ථානය කේ.කේ.ජී.එල්. කුමාරසිංහටද (ශ්‍රීලකාහ) හිමිවූහ.
කාන්තා තරගාවලියේ ප්‍රථම ස්ථානය එස්.එන්.ඒ. ගුණතිලක (ශ්‍රීලයුකාබ) දිනාගත් අතර, දෙවැනි ස්ථානය ටී.එම්.අයි. ලක්මාලිට (ශ්‍රීලයුකාබ) හිමි වූවාය. 
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ල අසලදී පැවැති මෙම තුන්ප්‍රයාම තරගාවලිය මීටර් 750ක පිහිනුම් ඉසව්වක්, කිලෝ මීටර් 20ක බයිසිකල් ධාවන ඉසව්වක් සහ කිලෝ මීටර් 5ක ධාවන ඉසව්වකින් සමන්විත විය. 
(ප්‍රභාත්)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.