Coss Ear2
lakbima.lk
COSS Ear 1

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) සවස නිමාවට පත්වූ 33 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලෙහි සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත (ලකුණු 1268) සමත් වූ අතර, අනුශූරතාව මධ්‍යම පළාතටද (ලකුණු 526), තෙවැනි ස්ථානය වයඹ පළාතටද (ලකුණු 438) හිමිවිය. 
මෙවර අති ශූරතම ක්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ එස්.පී. අරුණ දර්ශන සම්මාන ලැබූ අතර, වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා අති ශූරතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
අරුණ දර්ශන අවු. 20 න් පහළ මී. 400 ඉසව්වේදී දැක්වූ තත්. 47.19ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද, හෂිනි ප්‍රබෝධා අවු. 20න් පහළ තුන් පිම්ම ඉසව්වේදී දැක්වූ මීටර් 13.22ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද අදාළ සම්මානවලට හිමිකම් කීවේය.
අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ ඉගෙනුම ලබන නිවුන් සොහොයුරන් වන අරුණ දර්ශන සහ පසිඳු බවන්ත දක්ෂතම ජවන ක්‍රීඩකයා සහ විසිකිරීමේ ක්‍රීඩකයා සම්මාන ද්විත්වය දිනා ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
එස්. අරුණ දර්ශන බාලක මී. 400 ඉසව්වේදී තත්. 47.19ක දක්ෂතාවක් දක්වමින් දක්ෂතම ජවන ක්‍රීඩකයා ලෙසද, එස්. පසිඳු බවන්ත බාලක හෙල්ල විසිකිරීම ඉසව්වේදී මීටර්. 57.01 දක්ෂතාවක් දක්වමින් දක්ෂතම විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්හ.
මෙවර පැනීමේ ඉසව් ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය දිනා ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා (බාලිකා තුන්පිම්ම - මී. 13.22) ද, දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය කොළඹ ශා. ජෝශප් විදුහ‍ලේ ෂෙහාන් දිලූෂ කාරියවසම් (බාලක මීටර් 110 කඩුලු - තත්. 13.91) ද දිනා ගත්හ.
දින 5ක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙවර මලල ක්‍රීඩා තරගාවලියෙහි සමස්ත බාලක ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 105 හිමිකර ගත් මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර, ප්‍රසාද ලකුණු 187ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මැදි විදුහලට සමස්ත බාලිකා ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව හිමිවිය.
සමස්ත බාලක අනුශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහලටද (ලකුණු 97), බාලිකා සමස්ත සම අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහලට සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට  (ලකුණු 62) හිමිවිය.
බාලක තෙවැනි ස්ථානය ලකුණු 92ක් ලැබූ වලල ඒ. රත්නායක මැදි විදුහල සතු විය.
මෙවර තරගාවලියේ කනිෂ්ඨ බාලක සමස්ත ශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 37) දිනාගත් අතර, කනිෂ්ඨ බාලිකා සමස්ත ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 29) සතුවිය.
කනිෂ්ඨ බාලක අනුශූරතාව කොළඹ රාජකීය විදුහල (ලකුණු 20) සතු වූ අතර, තෙවැනි ස්ථානය වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහල (ලකුණු 19) සතුවිය.  
කනිෂ්ඨ බාලිකා අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 23) සතු වූ අතර, තෙවැනි ස්ථානය නාවල ජනාධිපති බාලිකා විදුහල (ලකුණු 22) සතුවිය.
මෙවර බාලක සහය දිවීමේ ශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (ලකුණු 37) දිනාගත් අතර, වලල ඒ. රත්නායක මැදි විදුහලට (ලකුණු 46) බාලිකා සහය දිවීමේ ශූරතාව හිමිවිය.
සහය දිවීමේ බාලක සම අනුශූරතාව පන්නිපිටිය ධර්මපාල සහ මීගමුව මාරිස්ටෙලා (ලකුණු 20) දිනාගත් අතර, බාලිකා අනුශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 22) සතුවිය.
මිශ්‍ර පාසල් ශූරතාව දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 269) සමත් වූ අතර, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට (ලකුණු 73) අනුශූරතාව හිමිවිය. 
ලකුණු 69ක් ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 69) තෙවැනි ස්ථානයට පත්විය. 
ක්‍රීඩා 28ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39700කගේ සහභාගිත්වයෙන් පසුගිය 2දා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උලෙළ ඊයේ (15දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 913

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1696

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2819

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4043

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5017

Please publish modules in offcanvas position.