Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු පළාත් ක්‍රීඩා සමස්ත ශූරතාව ගාල්ලට

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ 27 වැනි දකුණු පළාත් ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය.
මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙ‍ලේදී ගාල්ල දිස්ත්‍රික්කය ලකුණු 1497ක් රැස් කරගත් අතර, ලකුණු 812ක් රැස්කරගත් මාතර දිස්ත්‍රික්කයට අනුශූරතාව හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා (මලල ක්‍රීඩා) 8ක් බිහිකිරීමට ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙහිදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ අරමුණින් එක් නව තරග වාර්තාවක් වෙනුවෙන් රුපියල් 25,000ක මුදල් තිළිණ පිරිනැමීමට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණි.
පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිමකරමින් නව තරග වාර්තාවක් පිහිටුවූ ගාල්ල දිස්ත්‍රික්කයේ විනෝජ් සුරංජය දකුණු පළාත් ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 54.9කින් නිමකොට නව තරග වාර්තාවක් පිහිටුවූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිමාලි ලියනාරච්චි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබුවාය.
(පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.