Coss Ear2
lakbima.lk
COSS Ear 1

මී. 400 රන් පදක්කම දකුණු අප්‍රිකාවේ නිකර්ක්ට

එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 400 වත්මන් ලෝක ශූරයා වන වේඩ් වැන් නිකර්ක් දකුණු අප්‍රිකාවට රන් පදක්කම දිනා දීමට සමත් විය.
2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ සහ 2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේද මීටර් 400 රන් පදක්කම් ලාභී වැන් නිකර්ක් මෙවර ලන්ඩන් තරගාවලියේදී තත්පර 43.98ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
බහමාස්හි ස්ටීවන් ගාර්ඩිනර් රිදී පදක්කම (44.41) දිනාගත් අතර, කටාර් රාජ්‍යයේ අබ්ඩලෙල්ලා හරොන් ලෝකඩ පදක්කමේ (44.48) හිමිකරුවා විය.
ක්‍රීඩා උළෙ‍ලේ තවත් ප්‍රධාන තරග ඉසව්වක් වූ පිරිමි මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ප්‍රංශයේ පියර් ඇම්බ්‍රොයිස් බොසේ (මි. 1.44.67) සමත් විය. එහි රිදී පදක්කම ‍පෝලන්තයේ කේ. ඇඩම් (1.44.95) දිනාගත් අතර, ලෝකඩ පදක්කම කෙන්යාවේ කිපිගොන් බෙට් (1.45.21) සතුවිය.
පිරිමි රිටි පැනීම ඉසව්වේදී මීටර් 5.95ක දක්ෂතාවක් දැක්වූ ඇමෙරිකාවේ සෑම් කෙන්ඩිරික්ස් රන් පදක්කම දිනා ගනිද්දී, එහි රිදී පදක්කම ‍පෝලන්තයේ පියොට් ලිසෙක්ටද (5.89), ලෝකඩ පදක්කම ප්‍රංශයේ රෙනෝඩ් ලැවිලිනයි (5.89) සතු විය.
කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේදී චෙක් ජනරජයට පළමු රන් පදක්කම දිනා දීමට බාබරා ස්‍පොටකෝවා (මී. 66.7) සමත් වූ අතර, රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම චීනයට හිමි විය.
පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේදී මි. 8.14.12ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ කොන්සෙස්ලූස් කිප්රුටෝ  සමත් වූ අතර, රිදී පදක්කම මොරොක්කෝවටද, ලෝකඩ පදක්කම ඇමෙරිකාවටද හිමි විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.