Coss Ear2
lakbima.lk
COSS Ear 1

මී. 110 කඩුලු පැනීමේ රන් පදක්කම ජැමෙයිකාවේ ඔමාර්ට

ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ ඔමාර් මැක්ලියොඩ් සමත් විය.
මෙවර තරගාවලියේදී මීටර් 100 කාන්තා සහ පිරිමි රන් පදක්කම් දෙකම ජැමෙයිකාවෙන් ගිලිහී යාමෙන් පසු ඔමාර් මැක්ලියොඩ් තත්පර 13.04කදී මී. 110 කඩුලු පැනීමේ ඉසව්ව අවසන් කරමින් ජැමෙයිකාවට පළමු රන් පදක්කම දිනා දුන්නේය. 
එම ඉසව්වේ රිදී පදක්කම කිසිදු රටක් නියෝජනය නොකරමින් ස්වාධීන ක්‍රීඩකයකු ලෙස තරගාවලියට සහභාගි වූ සර්ජි ෂුබෙන්කෝව් (13.14) දිනා ගැනීම කාගේත් අවධානයට ලක්වූ අතර, ලෝකඩ පදක්කම හංගේරියාවේ බැලස් බාජ්ට (13.28) හිමිවිය.
කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට හිමිකර දීමට චෙපන්ගෙටිච් කිපිගන් (මි. 4.02.59) සමත් වූ අතර, රිදී පදක්කම ඇමෙරිකාවේ ජෙනිෆර් සිම්ප්සන් (4.02.76) ටද, ලෝකඩ පදක්කම දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමන්යා (4.02.90) ටද හිමි වූවාය.
කාන්තා මිටිය විසිකිරීම ඉසව්වේදී ඇනිටා වොඩර්සියැක් මීටර් 77.90ක දක්ෂතාවක් දක්වමින් ‍පෝලන්තයට පළමු රන් පදක්කම දිනාදුන් අතර, කාන්තා තුන්පිම්ම ඉසව්වේදී වෙනිසියුලාවේ යුලිමාර් රොජස් (14.91) රන් පදක්කම දිනා ගත්තාය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.