Coss Ear2
lakbima.lk
COSS Ear 1

නදීෂා-රුමේෂිකා-නිමාලි රිදී පදක්කම් දිනති

ඉන්දියාවේ බුබනේෂ්වර්හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (9දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම් දිනාගැනීමට නදීෂා දිල්හානි ‍ලේකම්ගේ, රුමේෂිකා රත්නායක සහ නිමාලි ලියනාරච්චි සමත් වූහ.
මීට අමතරව ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වූවාය. 
ක්‍රීඩා උළෙ‍ලේ ආරම්භක දිනයේදීම නදීෂා දිල්හානි ‍ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 58.11ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 
රුමේෂිකා රත්නායක මීටර් 200 මූලික වටයේදී තත්පර 23.40ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඊයේ පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තත්. 23.43 කාලයක් ලබමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.  
ඊයේ මීටර් 800 කාන්තා අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි මි. 2.05.23ක කාලයක් ලබමින් රිදී පදක්කම දිනාගත් අතර, එම ඉසව්වටම සහභාගි වූ ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම (මි. 2.05.27) දිනා ගැනීමට සමත් වූවාය.
පිරිමි මීටර් 800 තරගයට සහභාගි වූ ඉඳුනිල් හේරත් මූලික වටයේ තෙවැනි තරගයේදී මිනිත්තු 1.51.70ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔහු සහභාගි වන මී. 800 අවසන් තරගයද ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ අජිත් ප්‍රේමකුමාර, දිලිප් රුවන්, ප්‍රදීප් කුමාර සහ ග්‍රේෂන් ධනංජය 4*400 සහාය දිවීමේ දෙවැනි මූලික තරගයේදී මි. 3.09.06ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම ඉසව්වේ අවසන් තරගය ක්‍රීඩා උළෙ‍ලේ අවසන් තරග ඉසව්ව ලෙස ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර හිමාෂ එෂාන් මීටර් 100 මූලික වටයේ පළමු තරගයේදී සිව්වැන්නා බවට (තත්. 10.53) පත්වූ අතර, මූලික වටයේ තෙවැනි තරගයේදී විනෝජ් සුරංජය ද සිල්වා සිව්වැන්නා (තත්. 10.44) බවට පත්විය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.