Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියානු ශූරතා මළල ක්‍රීඩා උළෙල අද ඇරඹෙයි

22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල අද (6දා) ඉන්දියාවේ බුබනේෂ්වර් නගරයේදී ආරම්භවේ.
ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ බුබනේෂ්වර් නගරයේ කාලිංග ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින්  අද සිට ලබන 9දා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 45ක් නියෝජනය කරමින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650ක් සහභාගි වෙති.
මලල ක්‍රීඩා ඉසව් 42කින් සමන්විත මෙවර ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද සැලකේ.
තරගාවලියට පෙර පුහුණුවීමට බුබනේෂ්වර් ක්‍රීඩාංගණය හිමිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින 10කට පෙරම ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මංජුල කුමාර වීරසේකර කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග  පුහුණුකරුවන් 6ක්, අතිරේක පුහුණුකරුවන් 5ක් සහ නිලධාරීන් දෙදෙනකුද  එක්වී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි :- හිමාෂ එෂාන් (මී. 100, 4*100), විනෝද් සුරංජන් (මී. 100, 200, 4*100), අජිත් ප්‍රේමකුමාර (මී. 400, 4*400), දිලිප් රුවන් (මී. 400, 4*400), ඉඳුනිල් හේරත් (මී. 800), මංජුල කුමාර වීරසේකර (උස පැනීම), දනුක ලියනපතිරණ (දුර පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), වරුණ දයාරත්න (හෙල්ල), ඒ.එල්.එම්. අෂ්රොෆ් (4*100), ෂෙහාන් අඹේපිටිය (4*100), මොහොමඩ් සෆ්රාස් (4*100), ප්‍රදීප් කුමාර (4*400), ග්‍රේෂන් ධනංජය (4*400), කාලිංග කුමාරගේ (4*00)
කාන්තා :- රුමේෂිකා රත්නායක (මී. 100, 200), නිර්මලී මධුශිකා (මී. 400), ගයන්තිකා අබේරත්න (මී. 800), නිමාලි ලියනාරච්චි (මී. 800), නිලානි රත්නායක (මී. 3000 බාධක), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), දිල්හානි ‍ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), දුලංජලී රණසිංහ (උස පැනීම)
නිලධාරීන් :- ලාල් චන්ද්‍රකුමාර (කළමනාකරු), යසරෝහන  සිල්වා (සහය කළමනාකරු)
පුහුණුකරුවන් :- කේ.ජී. භද්‍රා ගුණවර්ධන, සජිත් ජයලාල්, චමින්ද පෙරේරා, පිලිප් රංජිත්, ලුවිස් මිරැන්ඩෝ, ඒ.ජ්. රුද්‍රිගෝ
අතිරේක පුහුණුකරුවන් :- ඒ.ජී. නන්දාවතී, උමංග සුරේන්ද්‍ර, වී.
රත්නකුමාර, මධුක මාරසිංහ, සුජිත් අබේසේකර

ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.