Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සියලුම ශූරතා ගම්‍පොලට

20 වැනි වරටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලිකා ශූරතාව පිට පිටම 20 වැනි වරටත් දිනා ගැනීමට ගම්‍පොල ජිනරාජ බාලිකා විදුහල සමත් විය. 
මෙම තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා නොකඩවාම බාලිකා ශූරතාව එකම පාසලක් දිනා ගැනීම ජූඩෝ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වෙයි.
මෙම තරගාවලියේ බාලක ශූරතාව ගම්‍පොල වික්‍රමබාහු විදුහල දිනාගත් අතර, තරගාවලියේ සියලුම ශූරතා ගම්‍පොල පාසල් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය. 
මෙම තරගාවලියේ බාලිකා අනුශූරතාව ගම්‍පොල පන්විලතැන්න මහ විදුහලද, බාලිකා තෙවැනි ස්ථානය ගම්‍පොල ශා. ජෝශප් විදුහලද දිනා ගත්තේය.
බාලක අනුශූරතාව ගඟසිරිපුර මැදි විදුහල දිනාගත් අතර, තෙවැනි ස්ථානය වැවතැන්න මහ විද්‍යාලය සතුවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්‍පොල ජිනරාජ මහ විදුහ‍ලේ නිපුන් පබසර සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අංකුඹුර පරාක්‍රම ජාතික පාස‍ලේ ජේ.ජී.එච්.එම්. හේමන්ත සම්මාන ලැබුවාය.
 
එස්.ඩී. රාජනායක - ගම්‍පොල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.