Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන 44 වැනි ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලිය අද (29දා) සිට ජූලි 2දා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
තරගාවලියේ පිහිනුම් තරග ජුනි 29, 30 ජූලි 01 සහ 02 දිනවල පැවැත්වෙන අතර, දියපිමි තරග ජුනි 30 සහ ජූලි 01 දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
කේවල තරග 140කින් සහ සහාය තරග 24කින් සමන්විත මෙම තරගාවලිය අවු. 9න් පහළ, 11, 13, 15, 17 සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක-බාලිකා තරග පැවැත්වේ.
සියලුම වයස් සීමා තරගවල ප්‍රථම ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා සහතිකපත් පිරිනැමෙන අතර, පළමු ස්ථාන 3 දිනා ගන්නා ක්‍රීඩකයන්ට පදක්කම් ප්‍රදානය කෙරේ.
සියලුම වයස් සීමා තරග සඳහා දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පාසලට කුසලාන ප්‍රදානය කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ බාලක-බාලිකා ශූරතා, මිශ්‍ර බාලක-බාලිකා ශූරතා සහ බාලක-බාලිකා සමස්ථ ශූරතාද මෙහිදී පිරිනැමේ. 
මේ වන විටත් තරගාවලිය සඳහා පාසල් 180කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2928ක් ඇයැදුම්පත් යොමුකර තිබේ.
නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උළෙල 29දා පෙරවරු 8.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 2දා පස්වරු 4.00ට පැවැත්වේ.
 
ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.