Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියානු-‍පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සංචිත පිහිටුවීම වහාම අරඹන්න

2018 ආසියානු සහ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩා සංගම් 25ක ක්‍රීඩා සංචිත සැප්තැම්බර් මස අවසන් වීමට පෙර පිහිටුවන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා සංගම් සහ සම්මේලන නිලධාරීන්ට නියෝග කර තිබේ.
2018 ආසියානු සහ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගී කරවන ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබේ.
මෙම රැස්වීම සඳහා ක්‍රීඩා 25කට අයත් ක්‍රීඩා සම්මේලන නිලධාරීන් සහභාගි වූහ.
මෙම ක්‍රීඩා උළෙලවල් සඳහා සහභාගි කරවන ක්‍රීඩා කණ්ඩායම් සහ ඉසව් මතෛක් ස්ථිර වශයෙන් තීරණය කර නොමැති අතර, එම තරගාවලිවල පරිසාධන මට්ටම් සලකා බලා ඉදිරියේදී එය තීරණය කරන බව එහිදී දන්වා තිබේ.
ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට මෙහිදී තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමටද අවස්ථාව හිමිවී තිබේ.
එහිදී විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, පුහුණු කටයුතු සඳහා ක්‍රීඩාංගණ පහසුකම් සහ දියුණු
තාක්ෂණික පහසුකම්වල අවශ්‍යතාවයන් එම සංගම් නිලධාරීන් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබේ.
එම සියලු පහසුකම් සපයා දීමට පෙර සියලු තේරීම් තරග පවත්වා සංචිත ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් ක්‍රීඩා අමාත්‍යවරයා එම ගැටලු සහ යෝජනා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.
ක්‍රීඩා නිලධාරීන්ගේ එම ඉල්ලීම් සහ ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද යන්න ඉදිරියේදී තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2018 වසරේ අප්‍රේල් මස  ඕස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් හිදී පැවැත්වෙන අතර, ආසියානු ක්‍රීඩා උළෙල එම වසරේම අගෝස්තු මස ඉන්දුනීසියාවේ ජාකාර්තාහිදී පැවැත්වේ.

ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 66

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 791

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 602

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1392

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1075

Please publish modules in offcanvas position.