Coss Ear2
lakbima.lk
COSS Ear 1

විදූෂාට රිදී පදක්කමක්

තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවේ විදූෂා ලක්ෂාණි රිදී පදක්කමක් ද අජිත් කරුණාතිලක ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්වී තිබේ.
ඊයේ පැවැති කාන්තා තුන් පිම්ම තරගයේදී මීටර් 13.43ක දක්ෂතාවක් දක්වමින් විදූෂා රිදී පදක්කම දිනාගෙන ඇති අතර පිරිමි දස ප්‍රයාම තරගයේදී අජිත් කරුණාතිලක ලකුණු 6913ක් සමගින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
ඊයේ නිමාවට පත්වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.