Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියානු මලල ක්‍රීඩා තේරීම් තරග අද - හෙට

http://www.lakbima.lk/images/frontimage/2017/May/2017.05.22/malala-krida.jpgලබන ජූලි මාසයේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ බුවනේෂ්වර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙලට  සහභාගි කරවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තරග අද සහ හෙට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 40ක් මෙම තරග උළෙලට සහභාගි වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30කට ආසන්න පිරිසක් සහභාගි කරවන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාටම මම තරග උළෙල අනිවාර්ය කර තිබේ.
එසේ වුවද ජාතික ශූර ශූරියන් කීප දෙනෙක් වන උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර වීරසේකර, කෙටි ධාවන ශූර හිමාෂ එෂාන්, මීටර් 800 ආසියාතික ශූරිය වන ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි ඇතුළු කීප දෙනෙක් විවිධ හේතූන් මත මෙම තේරීම් තරග සඳහා සහභාගි නොවන බව වාර්තාවේ.
තේරීම් තරග උළෙලට සහභාගි වීමට අ‍පොහොසත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් හිමාෂ එෂාන් හැරෙන්නට මංජුල, නිමාලි, ගයන්තිකා ඇතුළු අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජුනි මස 20 වැනි දින දියගමදී පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි වීම අනිවාර්ය කර ඇති බව ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා ‘ලක්බිම’ට අනාවරණය කර සිටියේය.

සුනිල් අභයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 924

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1702

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3496

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2825

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4049

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5023

Please publish modules in offcanvas position.