Coss Ear2
lakbima.lk
COSS Ear 1

වයඹ ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබිම අද

ග්‍රාමීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සඳහා දොරගුළු විවර කරමින් පළාත් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ඉදිකිරීමට යෝජිත වයඹ පළාත් කීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබිමේ උත්සවය අද (17දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සුරතින් බිංගිරිය මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.
එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 175ක වියදමින් ගෘහස්ථ ක්‍රීඩාගාරයක්ද, රුපියල් මිලියන 85ක වියදමින් පිහිනුම් තටාකයක්ද, රුපියල් මිලියන 65ක වියදමින් ප්‍රේක්ෂකාගාරයක්ද ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.
අද ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන (අධිෂ්ඨාන) යටතේ ක්‍රීඩා කුසලතාවන් හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයකම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සනිටුහන් කරමින් බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ පුහුණු මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන ඇති ශ්‍රී සරණංකර ජාතික පාසල සඳහාත්, උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාසයේ පුහුණු මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන ඇති දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලය සඳහාත් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරේ.
ක්‍රීඩා කුසලතා හඳුනා ගැනීමේ පරීක්ෂණයෙන් පුහුණුව සඳහා සුදුසුකම් ලබන බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 221 දෙනෙක් සහ උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 137 දෙනෙක් සඳහා සහතික පත්‍ර ප්‍රදානය හා නිල ලාංඡන පැළඳවීමද, ක්‍රීඩා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයකම අන්තර් කීඩා සමාජ තරගාවලියට සහභාගි වූ සක්‍රිය ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමද  අද සිදු කෙරේ.
 
ප්‍රභාත් විදානපතිරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2216

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3215

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3484

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1412

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3361

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2470

Please publish modules in offcanvas position.