Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රේසිං පාපැදි ඉසව්වේ පිරිමි සහ කාන්තා ප්‍රථම ස්ථාන දිනා ගැනීමට දර්ශන ප්‍රසාද් (වයඹ) සහ එන්.එස්.පී. සුලෝචනා (බස්නාහිර) සමත් වුහ.
ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට සිසිර කුමාර (වයඹ) සහ එල්.එච්.ඒ.එන්. මධුරංගි (බස්නාහිර) සමත් වූහ.
රේසිං කාන්තා පාපැදි තරගය පුත්තලමේ සිට ආනමඩුව දක්වා කිලෝ මීටර් 52ක දුරක් ගෙවා අවසන් වූ  අතර, පිරිමි තරගය පුත්තලමේ සිට ආනමඩුවට ගොස් ආපසු පුත්තලමට පැමිණ කිලෝ මීටර් 129ක දුරක් ගෙවා අවසන් විය. ස්ටෑන්ඩර්ඩ් පිරිමි සහ කාන්තා පාපැදි තරගද ඉහත දුර ප්‍රමාණයන්ගෙන් සමන්විත විය.
 
රේසිං පාපැදි - පිරිමි
1. දර්ශන ප්‍රසාද් (වයඹ) 
- පැය 3.14.07
2. එල්.ඩී. නයනප්‍රිය (දකුණ) 
- පැය 3.15.55
3. පැතුම් සම්පත් (උතුරු මැද)
- පැය 3.16.40
4. සජිත් හසන්ත (බස්නාහිර) 
- පැය 3.17.48
5. මධුෂාන් ද සිල්වා (බස්නාහිර) 
- පැය 3.17.55
රේසිං පාපැදි -කාන්තා 
1. එන්.එස්.පී. සුලෝචනා (බස්නාහිර) - පැය 1.39.42
2. මනෝමි කුමාරි (නැගෙනහිර) 
- පැය 1.37.42
3. දිනේෂා දිල්රුක්ෂි (වයඹ) 
- පැය 1.45.02
4. ශාලිකා දිල්හානි (බස්නාහිර) 
- පැය 1.45.02
5. සුධාරිකා ප්‍රියදර්ශනී (වයඹ) 
- පැය 1.45.02
ස්ටෑන්ඩර්ඩ් පාපැදි - පිරිමි 
1. සිසිර කුමාර (වයඹ) - පැය 3.36.18
2. වසන්ත හරිස්චන්ද්‍ර (බස්නාහිර) 
- පැය 3.36.18
3. ඩබ්ලිව්.එම්.එස්. විතානගේ (ඌව) 
- පැය 3.36.18
4. රොෂාන් විජේසූරිය (වයඹ) 
- පැය 3.39.34
5. නිපුන් විමුක්ති (උතුරු මැද) 
- පැය 3.39.34
ස්ටෑන්ඩර්ඩ් පාපැදි -කාන්තා
1. ඒ.එන්. මධුරංගි (බස්නාහිර) 
- පැය 1.52.25
2. බි. තනුසුජාන්තිනී (උතුර) 
- පැය 1.52.25
3. එම්.එන්.එස්. වීරසිංහ (නැගෙනහිර) - පැය 1.52.25
4. ඉනෝකා චාන්දනී (උතුරු මැද) 
- පැය 1.52.25
5. එස්.පී.එස්. නිරාෂානි (වයඹ) 
- පැය 1.52.25
 
ප්‍රභාත් විදානපතිරණ

30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග හෙට සිට (19දා) ජූලි 23දා දක්වා පැවැත්වේ.
මෙම තරග මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයීය ක්‍රීඩාංගණය ඇතුළු  දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වේ.
ජාතික මට්ටමේ කණ්ඩායම් තරග ආරම්භ කරමින් වොලිබෝල් කාන්තා සහ පිරිමි තරග 19 සහ 20දා මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහි සමාරම්භක උළෙල 19දා පෙ.ව. 9.00ට තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්ලිව්.ජී.එස්. එරන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 27දා සිට 30දා දක්වා මඩකලපුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ප්‍රභාත් විදානපතිරණ

කන්ත‍ලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී ජුනි 29, 30, ජූලි 1දා පැවැත්වීමට සැලසුම් කර තිබූ සමස්ත ලංකා පාසල් වයස් සීමා සහාය දිවීමේ සැණකෙළිය ජුනි 24, 25 සහ 26 දිනයන්හි බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැති පසුගිය වසරේ තරගාවලියේදී බාලක ශූරතාව ශා. බෙනඩික්ට් විදුහල දිනාගත් අතර, බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහල සතුවිය.
(සපුමල්)

නේපාලයේදී පැවැති දකුණු ආසියානු ජූඩෝ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත විය.
 
රිදී පදක්කම් (පිරිමි) 
එච්.එම්.එම්.බි. සෙනෙවිරත්න (කි.ග්‍රෑ. 60ට අඩු) - ශ්‍රී ලංකා යුද හමුදාව
ආර්.වයි.එල්. රත්නායක (කි.ග්‍රෑ. 100ට වැඩි) - ශ්‍රී ලංකා යුද හමුදාව
රිදී පදක්කම් (කාන්තා)
ජේ.එම්.එන්. සිල්වා (කි.ග්‍රෑ 78ට වැඩි) - ශ්‍රී ලංකා යුද හමුදාව
ලෝකඩ පදක්කම් (පිරිමි)
ටී.ජී. රොෂාන් මධුෂංක (කි.ග්‍රෑ. 66ට අඩු) - ශ්‍රී ලංකා යුද හමුදාව
ටී.ජී. රොෂාන් මධුෂංක (කණ්ඩායම් තරගය) - ශ්‍රී ලංකා යුද හමුදාව
බි.එච්.එස්.පී.බි. පීරිස් (කි.ග්‍රෑ. 81ට අඩු) - ශ්‍රී ලංකා නාවික හමුදාව
බි.එච්.එස්.පී.බි. පීරිස් (කණ්ඩායම් තරගය) - ශ්‍රී ලංකා නාවික හමුදාව
එස්.ඒ.එන්.අයි. බණ්ඩාර (කණ්ඩායම් තරගය) - ශ්‍රී ලංකා යුද හමුදාව
එම්. ඔස්මාන් (කණ්ඩායම් තරගය) - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කේ.ටී.එස්. හංසමාල් (කණ්ඩායම් තරගය) - ගඟසිරිපුර ක්‍රීඩා සමාජය
ලෝකඩ පදක්කම් (කාන්තා)
කේ.එම්.පී.කේ. ලියනගේ (කි.ග්‍රෑ. 57ට අඩු) - ශ්‍රී ලංකා යුද හමුදාව
ඩී.ජී.ඩබ්ලිව්.එස්. කරුණාරත්න (කි.ග්‍රෑ. 63ට අඩු) - ශ්‍රී ලංකා ‍පොලීසිය
ඩබ්.එන්.ජී.ආර්.එල්. ජයරත්න (කි.ග්‍රෑ. 70ට අඩු) - ශ්‍රී ලංකා ‍පොලීසිය
 
එස්.ඩී. රාජනායක - ගම්‍පොළ

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (6දා) නිමාවට පත්වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව ඉන්දියාව දිනාගත් අතර, ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය.
පළමු ස්ථානය දිනාගත් ඉන්දියාව රන් පදක්කම් 20ක්, රිදී 22ක් සහ ලෝකඩ 8ක් දිනාගත් අතර, දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවට රන් 12ක්, රිදී 10ක් සහ ලෝකඩ 19ක් හිමිවිය.
රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ 1ක් දිනාගත් පාකිස්තානය තෙවැනි ස්ථානයට පත්වූ අතර, ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් බංග්ලාදේශයට සිව්වැනි ස්ථානයද, එක් ලෝකඩ පදක්කමක් දිනාගත් මාලදිවයිනට 5 වැනි ස්ථානයද හිමි විය.
සමස්ත තරගාවලියේදී නව තරග වාර්තා 20ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, එයින් වාර්තා 13ක් ඉන්දියාවට ද, වාර්තා 7ක් ශ්‍රී ලංකාවටද හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූ ශ්‍යාමලී කුමාරසිංහ නව තරග වාර්තා තුනක් සමගින් රන්පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වූවාය.
මීටර් 400, මීටර් 800 සහ සහ මීටර් 4*400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනාගත් ශ්‍යාමලී ජපානයේ පැවැත්වෙන කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තාය. 
තරගාවලිය ආරම්භක දිනයේදී පිරිමි මීටර් 400 ඉසව්වේදී එස්. අරුණ දර්ශන (46.55), කාන්තා මීටර් 100 ඉසව්වේදී ඩී.ටී. අමාෂා ද සිල්වා (11.92), කාන්තා මීටර් 400 ඉසව්වේදී ශ්‍යාමලී කුමාරසිංහ (54.47) සහ කාන්තා මීටර් 4*100 ඉසව්වෙන් නව තරග වාර්තා පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගාවලියේදී දෙවැනි දිනය වූ ඊයේ නව තරග වාර්තා පිහිටු වීමට ශ්‍යාමලී කුමාරසිංහ (කාන්තා මී. 800 - මි. 2.07.73), පී.එම්.පී.එල්. කොඩිකාර (පිරිමි මී. 400 කඩුලු - තත්. 52.56), කාන්තා මීටර් 4*400 කණ්ඩායම සහ පිරිමි මීටර් 4*400 කණ්ඩායම සමත් වූහ. 
 
රන් පදක්කම්ලාභී 
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
 
එස්.ඒ. තරිඳු දසුන් - පිරිමි උස පැනීම (මීටර් 2.04)
අමාශා ද සිල්වා - කාන්තා මීටර් 100 (තත්. 11.92 නව තරග වාර්තාවකි)
ශ්‍යාමලී කුමාරසිංහ - කාන්තා මීටර් 400 (තත්. 54.47 නව තරග වාර්තාවකි)
එස්. අරුණ දර්ශන - පිරිමි මීටර් 400 (තත්. 46.55 නව තරග වාර්තාවකි)
කාන්තා මීටර් 4*100 සහය දිවීම (තත්. 46.23 නව තරග වාර්තාවකි)
ශ්‍යාමලී කුමාරසිංහ - කාන්තා මී. 800 (මි. 2.07.73 නව තරග වාර්තාවකි)
ඩී.එම්. හර්ෂ කරුණාරත්න - පිරිමි මී. 800 (මි. 1.53.35)
පී.එම්.පී.එල්. කොඩිකාර - පිරිමි මී. 400 කඩුලු (තත්. 52.56 නව තරග වාර්තාවකි)
ඩී.ටී. අමාෂා ද සිල්වා - කාන්තා මී. 200 (තත්. 24.70)
එස්. අරුණ දර්ශන - පිරිමි මී. 200 (තත්. 21.50)
කාන්තා මීටර් 4*400 (මි. 3.43.31 නව තරග වාර්තාවකි)
පිරිමි මීටර් 4*400 (මි. 3.08.21 නව තරග වාර්තාවකි)
 
රිදී පදක්කම් ලාභී 
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
 
ප්‍රගති ප්‍රසන්න රණවක - පිරිමි හෙල්ල විසිකිරීම (මීටර් 61.71)
රිද්මා නිෂාදි අබේරත්න - කාන්තා දුර පැනීම (මීටර් 5.91)
ලහිරු කේෂාන් පතිරණ - පිරිමි කව පෙත්ත විසිකිරීම (මීටර් 47.37)
චානුක සන්දීප - පිරිමි මී. 100 (තත්. 10.88)
පී.එම්.පී.අයි. කොඩිකාර - පිරිමි මී. 400 (තත්. 46.99)
ආර්.පී. ඉසුරු ලක්ෂාන් - පිරිමි මී. 800 (මි. 1.53.95)
පී.පී.අයි.එන්. පල්‍ලේගම - කාන්තා උස පැනීම (මීටර් 1.70)
ඩී.එම්.අයි. හසන්ති - කාන්තා හෙල්ල විසිකිරීම (මීටර් 40.80)
ආර්.පී. ඉසුරු ලක්ෂාන් - පිරිමි මී. 800 (මි. 1.53.95)
ෂර්මිලා ජෑන් - කාන්තා මී. 200 (තත්. 24.80)
 
ලෝකඩ දක්කම්ලාභී 
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
 
ඩබ්ලිව්.එස්. අංජන ෆොන්සේකා - පිරිමි හෙල්ල විසිකිරීම (මීටර් 60.47)
නෙත්මි මේඝවර්ණ - කාන්තා දුර පැනීම (මීටර් 5.67)
එස්.ටී. අමරසිංහ - පිරිමි උස පැනීම (මීටර් 2.00)
සරීෂා ගුණසේකර - කාන්තා යගුලිය විසිකිරීම (මීටර් 11.51)
ප්‍රමෝද් මුධුභාෂ - පිරිමි දුර පැනීම (මීටර් 7.02)
එන්.ජී.පී.ආර්. ගුණතිලක - කන්තා මී. 100 කඩුලු (තත්. 15.25)
ෂෙෂාන් දිලූෂ කාරියවසම් - පිරිමි මී. 110 කඩුලු (තත්. 14.60)
ෂෙලින්දා ජැන්සන් - කාන්තා මී. 100 (තත්. 12.28)
ජී.ඩී.කේ.කේ. පබසර - පිරිමි මී. 400 (තත්. 47.43)
කේ.එම්.ජේ.එම්. කනගරත්න - කාන්තා මී. 1500 (මිනිත්තු 4.36.71)
කේ.ඒ.කේ. මධුෂංක - පිරිමි මීටර්. 1500 (මිනිත්තු 4.02.46)
රන්දි කුරේ - කාන්තා තුන් පිම්ම (මීටර් 12.5)
එන්. උත්‍යාවනී - කාන්තා හෙල්ල විසිකිරීම (මීටර් 39.12)
ඩබ්ලිව්.එම්.ඒ. මලීෂ් මලින්ත  - පිරිමි යගුලිය (මීටර් 14.97)
කාවින්ද්‍යා තත්සරණි - කාන්තා මී. 400 කඩුලු (මි. 1.03.28)
ඩබ්ලිව්.කේ. හේෂානි මහේෂිකා - කාන්තා කවපෙත්ත (මීටර් 37.50)
ෂෙලින්දා ජෙන්සන් - කාන්තා මී. 200 (තත්. 25.08)
එච්.එම්.සී.එස්. හේරත් - කාන්තා මී. 3000 (මි. 10.06.12)
එස්. කින්තුෂාන් - පිරිමි මී. 5000 (මි. 16.18.43)
 
ප්‍රභාත් විදානපතිරණ

තෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල 5 සහ 6දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කලාපීය රටවල් 7කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය 5දා පස්වරු 2.00ට ආරම්භ කෙරේ.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 44ක් සහ ක්‍රීඩිකාවන් 40දෙනකුගෙන් සමන්විත 84 දෙනකුගේ කණ්ඩායමක් එක්කර තිබේ.
ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ නායකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොළ ජාතික පාස‍ලේ අරුණ දර්ශන පත්කර ඇති අතර, ක්‍රීඩකයන්ගේ නායකයා ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ ශානුක සන්දීප ද, ක්‍රීඩිකාවන්ගේ නායිකාව ලෙස මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහ‍ලේ අමාෂා ද සිල්වා කටයුතු කරති.
රංචිහිදී පැවැති දෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියේදී ඉන්දියාව රන් පදක්කම් 20ක්, රිදී 20ක් සහ ලෝකඩ 12ක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, ශ්‍රී ලංකාව රන් 10ක්, රිදී 10ක් සහ ලෝකඩ 12ක් සමගින් දෙවැනි ස්ථානයට පත් විය.
ලෝකඩ පදක්කම් 3ක් පමණක් හිමිකරගත් බංග්ලාදේශය තෙවැනි ස්ථානයට පත්වූ අතර, එක් ලෝකඩ පදක්කමක් දිනාගත් පාකිස්තානය සිව් වැනි ස්ථානයට පත් විය. මාලදිවයින, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් තුනම පසුගිය තරගාවලියේදී කිසිදු පදක්කමක් දිනා ගැනීමට අසමත් විය.
 

Page 1 of 15

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.