Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඊයේ (18දා) බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 210ක් ලබාගත් අතර, බංග්ලාදේශයට පන්දුවාර 18.4කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි. 
ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් සුපිරි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 70ක් ලබමින් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දුවාර 11කදී ලකුණු 98ක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, ධනුෂ්ක ලකුණු 42කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 17කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 31ක් වාර්තා කළේය. 
උපුල් තරංග පන්දු 13කදී ලකුණු 25ක් රැස් කළ අතර, දසුන් ශානක පන්දු 11කදී නොදැවී ලකුණු 30ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පෙර පෙළ බිඳ දැමීමට සමත් වූහ.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් මධුෂංක මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු ලබා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
සෞම්‍ය සකාර් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට අකිල ධනංජය සමත් වූ අතර, ලකුණු 29ක් ලබාගත් තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට අමිල අ‍පොන්සු සමත් විය.
පන්දු 31කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 41ක් ලබාගත් නායක මහමදුල්ලා දුවද්දී දැවී යාමකට හසුවීමෙන් බංග්ලාදේශ බලා‍පොරොත්තු සුන් විය. 
පසුපෙළ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඉසුරු උදාන, දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක අවසානයේදී බංග්ලාදේශ ඉනිම ලකුණු 135කට සීමා කළේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෙහාන් මධුෂංක සහ ධනුෂ්ක ගුණතිලක කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, අකිල ධනංජය, දසුන් ශානක, අමිල අ‍පොන්සු, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

බෝපිටිය ලොයොලා විද්‍යාලය සහ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර මීගමුව කදිරාණ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු “මිතුරු සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ මුල් ඉනිම ලකුණු 98කට සීමා වූ අතර, ලොයොලා විදුහල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 146ක් රැස් කළේය.
ලකුණු 48ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ක්‍රිස්තුරාජය කඩුලු 7ක් දැවී ලකුණු 239ක් රැස් කළ අතර, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 36කදී ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ලොයොලා විදුහලට තරගය නිමාවන විට කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.
මෙම මංගල තරගයේදී 
ෂෙනාල් චාරුක (ලොයොලා), ජූඩ් රොෂාන් (ක්‍රිස්තුරාජ) සහ උදාන් කොළඹගමගේ (55) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
ලොයොලා නායක සයුරු ජයකොඩි   මුල් ඉනිමේදී ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ක්‍රිස්තුරාජය වෙනුවෙන් පසිඳු මලිත් මුල් ඉනිමේදී ලකුණු 35ට කඩුලු 4ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
ක්‍රිස්තුරාජ: පළමු ඉනිම - 98 (පන්දුවාර 37.4) උදාන් 
කොළඹගමගේ 22, ළහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 13/4, 
කවිෂ්ක සපරමාදු 9/2
ලොයොලා: පළමු ඉනිම - 146 (පන්දුවාර 56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, පසිඳු මලිත් 35/4, මලින්ද පීරිස් 37/3, ළහිරු සිල්වා 30/2
ක්‍රිස්තුරාජ: දෙවැනි ඉනිම - 239/7 (පන්දුවාර 55) ජුඩ් රොෂාන් 60, උදාන් 
කොළඹගමගේ 55, ළහිරු සිල්වා 45, ළහිරු පීරිස් 38, චරිතංග ලක්ෂාන් 73/3, සයුරු ජයකොඩි 47/2
ලොයොලා: දෙවැනි ඉනිම - 101/6 (පන්දුවාර 36) ෂෙනාල් චාරුක 38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 22/2, නිසල් මාලිංග 31/2
(පමෝද්)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ ඩකාහි පැවැති පළමු තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය පෙරමුණ ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 193ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 4ට ලකුණු 194ක් ලබමින් ජය වාර්තා කළේය.
මෙම තරගයේදී දෙපි‍ලේම පිතිකරුවන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුවද බංග්ලාදේශ පිතිකරුවන් අභිභවා යමින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 53ක් ලබාගත් අතර, ධනුෂ්ක ගුණතිලක පන්දු 15කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 30ක් වාර්තා කළේය.
උපුල් තරංග අසාර්ථක වූ අතර, නිරෝෂන් දික්වැල්ලද ලකුණු 11කට දැවී යාමෙන් පසු පිටියේ එක්වී සුපිරි පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා සහ දසුන් ශානක ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළේය.
තිසර පෙරේරා පන්දු 18කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක් ලබාගත් අතර, දසුන් ශානක පන්දු 24කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය.
තිසර පෙරේරා සහ දසුන් ශානක අතර 5 වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 65ක් ලෙස වාර්තා විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සෞම්‍ය සකාර් පන්දු 32කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 51ක් ලබමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 44කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 66ක් ලබමින් බංග්ලාදේශයට ලකුණු 193ක් රැස්කර ගැනීමට ප්‍රබල ලෙස දායක විය.
ඔහුට අනගි සහයක් දුන් නායක මහමදුල්ලා පන්දු 31කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 43ක් ලබා ගත්තේය.
ලකුණු හඹායාමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි 20-20 තරගය ලබන 18දා සිල්හෙට්හිදී පැවැත්වේ. ලකුණු පුවරුව
බංග්ලාදේශය
සකීර් හසන් ප. ගුණතිලක10
සෞම්‍ය සකාර් ක.මු.ක. ප. ජීවන් මෙන්ඩිස් 51
මුෂ්ෆිකර් රහීම් (නොදැවී)66
අෆිෆ් හොසේන් ඇ. දික්වැල්ල ප. ජීවන් මෙන්ඩිස්0
මහමදුල්ලා ඇ. ධනංජය ප. උදාන43
සබිර් රහමන් ප. පෙරේරා1
අරිෆුල් හක් (නොදැවී)1
අතිරේක 21
මුළු ලකුණු (පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී)193
කඩුලු බිඳ වැටීම :- 1-49, 2-100, 3-100, 4-173, 5-186
පන්දු යැවීම :-  ෂෙහාන් මධුෂංක 3-0-39-0, ධනුෂ්ක ගුණතිලක 2-0-16-1, ඉසුරු උදාන 4-0-45-1, තිසර පෙරේරා 4-0-36-1, අකිල ධනංජය 4-0-32-0, ජීවන් මෙන්ඩිස් 3-0-21-2
ශ්‍රී ලංකාව
කුසල් මෙන්ඩිස් ඇ. සකාර් ප. අෆිෆ්53
ධනුෂ්ක ගුණතිලක ස්ට. මුෂ්ෆිකර් ප. නස්මුල් 30
උපුල් තරංග ඇ. අෆිෆ් ප. නස්මුල් 4
දසුන් ශානක (නොදැවී)42
නිරෝෂන් දික්වැල්ල ඇ. සයිෆුඩීන් ප. රුබෙල්11
තිසර පෙරේරා (නොදැවී)39
අතිරේක 15
මුළු ලකුණු (පන්දුවාර 16.4කදී කඩුලු 4ක් දැවී)194
කඩුලු බිඳ වැටීම :- 1-53, 2-90, 3-92, 4-129
පන්දු යැවීම :- නස්මුල් ඉස්ලාම් 4-0-25-2, මොහොමඩ් සයිෆුඩීන් 2-0-33-0, මහමදුල්ලා 2-0-23-0, රුබෙල් හොසේන් 3.4-0-52-1, මුස්ටාෆිසුර් රහමන් 3-0-32-0, අෆීෆ් හොසේන් 2-0-26-1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 104 දෙනකුට ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 850ක මුදලක් ආයෝජනය කර ඇති අතර, 2016-2017 ක්‍රිකට් තරග වාරයට සහභාගි වූ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් සහ මෑතකදී අවසන් වූ අවු. 19න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගවලදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන තිබේ.


මෙහිදී ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 20ක්, අවු. 23-29 අතර නැගී එන ක්‍රීඩකයන් 23ක්, අවු. 19න් පහළ ක්‍රීඩකයන් 29ක්, හිටපු ජාතික ක්‍රීඩකයන් (තවමත් ක්‍රීඩා කරන) 15ක්, මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් 17ක් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.
මෙයට අමතරව මෙම ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 25 බැගින් හදිසි අනතුරු රක්ෂණයක්ද, රුපියල් ලක්ෂ 3 බැගින් වෛද්‍ය රක්ෂණයක්ද පිරිනැමේ. ක්‍රීඩකයන් 104ට මෙම පහසුකම් ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන දීමනාවන්ට අමතරව වීම විශේෂත්වයකි.
මෙම උත්සවයේදී 2016-17 ක්‍රිකට් තරගාවලියේ ලීග් ශූරතාව දිනාගත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ආයතනය මගින් වෑන් රථයක් ප්‍රදානය කළ අතර, ලීග් තරගාවලියේ වීරයා වූ චතුරංග ද සිල්වාට මෝටර් රථයක් ප්‍රධානය කෙරුණි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කේරි විද්‍යාලයට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 366ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයේ සසංක දුලාජ් සහ ප්‍රමිත් දර්ශන සමත්වූහ.
සසංක දුලාජ් පන්දු 214කදී හතරේ පහර 25ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 198ක් රැස් කළ අතර, ප්‍රමිත් දර්ශන පන්දු 207කදී හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 175ක් රැස් කළේය.
බලපිටිය රේවත විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 196 කින් පරදවමින් මෙවර තරගවාරයේ සිය 8 වැනි පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය සමත්විය.
සෙසු තරගවලදී මනීෂ රූපසිංහ (ශා. තෝමස්), සුනෙර ජයසිංහ (කටුගස්තොට ශා. අන්තෝනි) සහ මොහොමඩ් අබ්සර් (කටුගස්තොට ශා. අන්තෝනි) ශතක රැස් කළ අතර, නිපුන් ලක්ෂාන් (තර්ස්ටන්), හෂාන් සංදීප (මහානාම), නිම්නක ජයතිලක (කටුගස්තොට ශා. අන්තෝනි) සහ ලක්ෂිත රසාංජන (නාලන්දා) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
හේනෙගම මැදි විදුහල-කේරි
හේනෙගම: පළමු ඉනිම - 236 (පන්දුවාර 47.1) ප්‍රමිත් දර්ශන 65, සිසිකැළුම් ලෝචන 61, දමිත් චමල් 32, තරිඳු සඳරුවන් 31, විරංග යේෂාන් 82/7, ජනිත ලක්ෂිත 53/3
කේරි: පළමු ඉනිම - 211 (පන්දුවාර 68.2) 
ඩිමේෂ් සැමුවෙල් 62, දුවින් අංජන 42, නයන බණ්ඩාර 38, අබ්දුල් කාමිල් 22, ළහිරු පෙරේරා 40/4, දමිත් චාමල් 55/3
හේනෙගම: දෙවැනි ඉනිම - 456/4 (පන්දුවාර 89) සසංක දුලාජ් 198, ප්‍රමිත් දර්ශන 175, විමුක්ති ලක්ෂාන් නොදැවී 30, සමිත හර්ෂිත 25, තිසර පෙරේරා 103/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මහානාම-ඉසිපතන
මහානාම: පළමු ඉනිම - 214 (පන්දුවාර 88.2) පවන් රත්නායක 91, ෂොනාල් දිනූෂ 25, බිෂාන් මෙන්ඩිස් 23, විනුක රූබසිංහ 17, පවන්ත වීරසිංහ 16, මධුෂික සඳරුවන් 67/4, අයන සිරිවර්ධන 24/2, කාලික් අමාත් 51/2
ඉසිපතන: පළමු ඉනිම - 137 (පන්දුවාර 56.2) තෙවිඳු දික්වැල්ල 27, සංජුල අබේවික්‍රම 22, කාලික් අමාත් 21, හෂාන් සංදීප 7/33
මහානාම: දෙවැනි ඉනිම - 80/4 (පන්දුවාර 20.5) බිෂාන් මෙන්ඩිස් 49, කාලික් අමාත් 6/2, සංජුල බණ්ඩාර 19/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
කටුගස්තොට ශා. අන්තෝනි-බලපිටිය රේවත
ශා. අන්තෝනි: පළමු ඉනිම - 517/8 (පන්දුවාර 70) සුනෙර ජයසිංහ 133, මොහොමඩ් අබ්සර් 113, තීක්ෂ ගුණසිංහ 82, ඩියොන් ස්ටවුටර් 59, ගිහාන් අචින්ත නොදැවී 43, ජනිඳු හිම්සර 34, නවෝද්‍ය විජේකුමාර 22, කවිඳු දිල්හාර 130/2, චමි නිම්සර 135/2
බලපිටිය රේවත: පළමු ඉනිම - 143 (පන්දුවාර 36.5) නවිඳු පැහැසර 51, රුමේෂ් මධුෂාන් 38, නිම්නක ජයතිලක 30/5, කල්හාර සේනාරත්න 59/3
බලපිටිය රේවත: දෙවැනි ඉනිම - 178 (පන්දුවාර 45.5) දිමුතු කුමාර 42, ප්‍රියමන්ත රුක්මාල් 31, 
රුමේෂ් මධුෂාන් 22, නිම්නක ජයතිලක 44/4, තමාෂන අබේකෝන් 36/2, කල්හාර සේනාරත්න 60/2
කටුගස්තොට ශා. අන්තෝනිට ඉනිමක සහ ලකුණු 196ක ජයක්.
 
නාලන්දා-ශා. පීතර
නාලන්දා: පළමු ඉනිම - 219 (පන්දුවාර 76.2) චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, දිල්හාර ‍පොල්ගම්‍පොල 21, මොහොමඩ් අමීන් 51/3, පබසර හේරත් 14/2, සචින් සිල්වා 47/2
ශා. පීතර: පළමු ඉනිම - 154 (පන්දුවාර 52.5) රන්මිත් ජයසේන 53, ශලිත ප්‍රනාන්දු 25, ෂැනොන් ප්‍රනාන්දු 24, ලක්ෂිත රසාංජන 30/5, චමිඳු විජේසිංහ 3/24, කවීෂ මධුරප්පෙරුම 30/2
නාලන්දා: දෙවැනි ඉනිම - 87/2 (පන්දුවාර 36) 
අවීෂ්ක පෙරේරා නොදැවී 37, රුසිරු ද සිල්වා 28, සචින් සිල්වා 7/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
තර්ස්ටන්-මොරටු විද්‍යාලය
මොරටු විද්‍යාලය: පළමු ඉනිම - 164 (පන්දුවාර 38.3) ජීවන්ත ප්‍රනාන්දු 50, නදිත් මිෂේන්ද්‍ර 46, නිපුන් ලක්ෂාන් 61/7
තර්ස්ටන්: පළමු ඉනිම - 303/9 (පන්දුවාර 71.3) ශවන් ප්‍රභාෂ් 95, නිමේෂ් ලක්ෂාන් 80, පන්සිළු දේශාන් 55, ජීවන්ත ප්‍රනාන්දු 64/2, රශාන් කවිෂ්ක 102/2
මොරටු විද්‍යාලය: දෙවැනි ඉනිම - 259 (පන්දුවාර 71) ෂෙහාද සොයිසා 92, නිශාන් මධුෂ්ක 67, ඩිල්ෂාන් දුලක්ෂණ නොදැවී 32, ශවන් ප්‍රභාෂ් 32/4, සඳරු ඩයස් 58/4 
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. තෝමස්-ශා. බෙනඩික්ට්
ශා. තෝමස්: පළමු ඉනිම - 230/6 (පන්දුවාර 62.3) මනීෂ රූපසිංහ 133, ඩිලොන් පීරිස් 50, පෘතුවි ජෙගරාජසිංහම් 35/2, මහීෂ් තීක්ෂණ 76/2
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 150 (පන්දුවාර 67.5) අශාන් සිල්වා 39, ෂෙහාන් ප්‍රනාන්දු 37, රයන් ෆෙල්සිංගර් 25, ෂැනොන් ප්‍රනාන්දු 9/4, තෙවින් ඊරියගම 21/2, ඩිලොන් පීරිස් 32/2
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 153/5 (පන්දුවාර 34) මන්තිල විජේරත්න 57, මනීෂ රූපසිංහ 44, ශලින් ද මෙල් 31, මහීෂ් තීක්ෂණ 20/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත
 

සාමාන්‍යයෙන් සංචාරක පිලක පන්දු යවන්නෙකු විකට්ටුවක් දවා ගැනීම සත්කාරක රටේ ප්‍රේක්ෂකයකුගේ සතුටට හේතුවන්නේ නැත.  එහෙත් මෙයින් වසර පහළොවකට පමණ පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියානු සංචාරයක යෙදුණු මොහොතේ චන්දිගාර් නුවරට ආසන්න නිවෙසක එක්තරා පැංචෙකු, ක්‍රිකට් ගැන හරිහැටි අවබෝධයක් හෝ නොවූ කොලුවෙකු, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු විකට්ටුවක් ගත් සෑම මොහොතකම අත්‍පොළසන් දෙමින් උඩපනින්නට වූයේය. ඒ දෙස ඇස යොමා සිටි සියලු දෙනාගේම පාහේ අදහස වූයේ මේකා කවදහරි ඕස්ට්‍රේලියාවෙ තමයි නවතින්නේ යන්නය.
සැබැවින්ම එය එසේම විය. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජර්සියද අඳින්නට වාසනාව උදාකරගත්තේය. ඒ අන් කවරකු හෝ නොව ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක පරම් උප්පාල්ය.
පරම්ගේ පියා දේවේන්දර් උප්පාල් මහ උසාවියේ නීතිඥයකු වූ අතර පරම්ගේ මව් පාර්ශ්වයේ ඥාති සබඳතාව මත උප්පාල් පවුල සිඩ්නි නුවරට සේන්දු වූයේ වඩා යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමේ අරමුණින් යුතුවය. ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබුණු දේවේන්දර් උප්පාල් සිය පුතු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ ආවාට ගියාට නොවේ.
එයා පුංචි දවස්වල මං එක්ක සම්පූර්ණ තරගයක් වුණත් එක දිගට බලන්න පුරුදුවෙලා හිටියා. ඕන නම් ‍පොඩි එකෙක් පැයක් එක තැනක ඉඳගෙන ක්‍රිකට් මැච් එකක් බලයි. ඒත් හරි පුදුමයි අවුරුදු හතක්වත් නැති පරම් මා එක්ක මුළු තරගයම ඉවර වෙනකම් උනන්දුවෙන් ක්‍රිකට් බැලුවා. එතැනදීයි මට තේරුම් ගියේ ඔහුයි ක්‍රිකට් ක්‍රීඩාවයි අතරේ මොකක් හරි බැඳීමක් තියෙනවා කියලා.
තවත් දෙවසරකින් පසුව ක්‍රිකට් පිටියකට බසින්නට පරම්ට අවස්ථාවක් උදාවූයේය. ඒ කෙලිවිල් ක්‍රිකට් සමාජයේ 
කනිෂ්ඨ ක්‍රිකට් ඇකඩමියේ පුහුණු සඳහා ලියාපදිංචි වීමත් සමගය. තාත්තාගේත් පුතාගේත් ක්‍රිකට් පිස්සුව අම්මාට නම් ඒ හැටි හිතට ඇල්ලුයේ නැති සැටියකි.
පාසල් ගුරුවරියක් හැටියට මං දැනගෙන හිටියා ක්‍රීඩාවත් අධ්‍යාපනයත් එකට කරගෙන යන්නට තියෙන අසීරුව. ඒ නිසා මට අවශ්‍ය වුණේ ඔහු අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කරනවා දකින්නයි.
ඕස්ට්‍රේලියාවට පැමිණි පරම් ක්‍රිකට්වලින් ඈත් වූයේ නැත. අවුරුදු දහහතර වෙද්දී පරම් 
විශිෂ්ටයකු වීමේ ගමන් මගේ 
පළමු ඉඟිය පෙන්වන්නට සමත් වූයේ ඉන්දියාවෙන් පැමිණි උප්පාල් පවුලට ප්‍රදේශයේ සුදු හම ඇත්තවුන් අතින් ගෞරවයක් ලබන්නටද ඉඩ පාදමිනි. ඒ ඔහුට ස්වකීය ප්‍රාන්තයේ හොඳම 
කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් නම් කරනු ලැබිමෙනි. පරම්ගේ පියා දේවේන්දර් වටිනාම තීරණය ගත්තේ මෙහිදීය. සිය පුතු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම යන්නට අවැසි දක්ෂතාවලින් යුතු බව හඳුනාගත් හේ පුතු පෞද්ගලික ක්‍රිකට් පුහුණුවක් ලබාදෙන්නට තීරණය කෙළේය.
ඔහුගේ දක්ෂතාවල හැඩ වැඩ දැකගන්නට ඉඩ ලැබුණේ ඉන් අනතුරුවය. 16න් පහළ කාණ්ඩයේ තරගාවලියේදී පිට පිට ශතක තුනක් රැස්කළ පරම් 
පළමු කාණ්ඩයේ වැඩිහිටි තරගයකදී අගනා අර්ධ ශතකයක් රැස් කෙළේය. ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට තෝරා ගැනීම පරම් සැමරුයේ සිය කුළුඳුල් තරගයේදීම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරමිනි.
2015 ලෝක කුසලානය නරඹද්දී මම ඇඳගෙන හිටියෙ ඉන්දියාවේ ෂර්ට් එක. පරම් ඕස්ට්‍රේලියානු ජර්සිය. ඒත් 2018  19 න් පහළ අවසාන මහා තරගයේදී නම් මං ඕස්ට්‍රේලියාවටයි ජය පතන්නේ.
දේවේන්දර් උප්පාල් පැවැසුයේ අවසාන මහා තරගයට දින කිහිපයකට පෙරය. අවසාන මහා තරගය පහසුවෙන්ම ජයගෙන ජය පැන් බොන්නට ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සමත් වූ නමුදු චන්දිගාර් නගරයේ සිට ඕස්ටේලියානු මැද පෙළ ශක්තිමත් කළ පරම් උප්පාල් පිළිබඳ වූ උනන්දුව ක්‍රිකට් ලෝලීන් වෙතින් දුරස්ව ගියේ නැත. 
 
පාලිත ජයකොඩි
 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.