Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31දා) චිතගොංහිදී ආරම්භ විය.
ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර, බංග්ලාදේශ පිල මහමදුල්ලා විසින් මෙහෙයවනු ලබයි.
ආබාධයකට ගොදුරුවීම නිසා බංගලිදේශ නිත්‍ය ටෙස්ට් නායක ෂකිබ් අල් හසන් මෙම තරගයට ක්‍රීඩා නොකරයි.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ද ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මතෛක් ටෙස්ට් තරග 18ක් පවත්වා ඇති අතර, ඉන් තරග 15ක ජය ශ්‍රී ලංකාවටත්, එක් තරගයක ජය බංග්ලාදේශයටත් හිමිවී ඇති අතර, තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී ටෙස්ට් තරග 6ක් පවත්වා ඇති අතර, ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති 2017 ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, එහිදී බංග්ලාදේශය පළමු වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකින් පරාජය කළේය.
එම තරගාවලියේදී බංග්ලාදේශ පි‍ලේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කළ අතර, අද ඔහු ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරුවා වීම කැපී පෙනෙයි.
නව පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු හතුරුසිංහ මුහුණ දෙන පළමු ටෙස්ට් අභියෝගය මෙම තරගාවලියයි.
පසුගියදා අවසන් වූ තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත්, එහිදී බංග්ලාදේශය දෙවරක් පරාජය කිරීමත් නිසා ශ්‍රී ලංකාව යහපත් මානසික තත්ත්වයකින් සටනට පිවිසී සිටියි.
තම පි‍ලේ ප්‍රබලතම ක්‍රීඩකයා වන ෂකිබ් අල් හසන් අහිමිවීමත් සමගම අද තරගයේදී බංග්ලාදේශයට වැඩි පීඩනයක් එල්ල වී තිබේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 9.00ට ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, 
දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, ලහිරු කුමාර
 
බංග්ලාදේශ ටෙස්ට් සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, ඉම්රුල් කේයස්, මොමිනුල් හක්, මොසඩෙක් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටාෆිසූර් රහ්මාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රුබෙල් හොසේන්, නයීම් හසන්, සන්සාමුල් ඉස්ලාම්, තම්බිර් හයිඩර්, අබ්දුල් රසාක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඳාන දි මැසිනෝද් විදුහලට එරෙහිව විනුර දුල්සර සහ නවෝද් පරණවිතාන රැස් කළ ශතක හේතුවෙන් මහින්ද විදුහල 6 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
මෙහිදී විනුර දුල්සර ලකුණු 123ක් රැස් කරමින් සිය තෙවැනි ශතකය වාර්තා කළ අතර, නවෝද් පරණවිතාන ලකුණු 121ක් රැස් කරමින් සිය දෙවැනි ශතකය වාර්තා කළේය.
කෞමාල් නානායක්කාර සහ ශවිඳු පීරිස්ගේ පන්දු යැවීම හමුවේ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 74ක ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර සමත් විය.
 
මහින්ද-කඳාන දි මැසිනෝද්
මහින්ද: පළමු ඉනිම - 330/3 (පන්දුවාර 73) විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ.කේ. කෙවින් නොදැවී 50
දි මැසිනෝද්: පළමු ඉනිම - 213 (පන්දුවාර 73.1) නිම්න ප්‍රනාන්දු 53, සාලිය ජූඩ් 41, නඳුන් ඩිල්ෂාන් 37, මිථිල ගීත් 29, පසන් පෙතන්ගොඩ 85/3, සුභානු රාජපක්ෂ 12/2, කවිඳු එදිරිවීර 57/2
දි මැසිනෝද්: දෙවැනි ඉනිම-121 (පන්දුවාර 30.1) පසිඳු රාජමුණීන්ද්‍ර 43, ප්‍රවීන් ෆොන්සේකා 36, පසන් පෙතන්ගොඩ 49/4, නවෝද් පරණවිතාන 19/3, අශේන් කණ්ඩම්බි 12/2
මහින්ද: දෙවැනි ඉනිම - 6/0 (පන්දුවාර 2.2)
මහින්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
 
වේල්ස් කුමර-වෙස්ලි
වේල්ස් කුමර: පළමු ඉනිම - 105 (පන්දුවාර 45.4) ෂෙහාන් අවිෂ්ක 28, සුවත් මෙන්ඩිස් 24, මොහොමඩ් උබේදුල්ලා 42/5, ෂෙනාල් දංගල්ල 35/4
වෙස්ලි: පළමු ඉනිම - 136 (පන්දුවාර 49.4) ජනිත් සඳකැළුම් 28, හසිත් ගීසර 25, ෂෙනාල් දංගල්ල 24, කෞමාල් නානායක්කාර 44/6, ශවිඳු පීරිස් 37/3
වේල්ස් කුමර: දෙවැනි ඉනිම - 227/5 (පන්දුවාර 55) සනෝජ් දර්ශික 67, ෂෙහාන් අවිෂ්ක 46, ප්‍රින්ස් ප්‍රනාන්දු නොදැවී 45, සඳුන් ප්‍රනාන්දු 45, තරිඳු බක්මීවැව 30/2
වෙස්ලි: දෙවැනි ඉනිම - 122 (පන්දුවාර 42) තිසුරක අක්මීමණ 68, ශවිඳු පීරිස් 56/5, කෞමාල් නානායක්කාර 46/3
වේල්ස් කුමරට ලකුණු 74ක ජයක්.
 
නාලන්දා-ශා. සර්වේෂස් 
නාලන්දා: පළමු ඉනිම - 194 (පන්දුවාර 70) රුසිරු ද සිල්වා නොදැවී 56, දිල්හාර ‍පොල්ගම්‍පොල 31, ලක්ෂිත රසාංජන 28, අවිෂ්ක පෙරේරා 22, පසිඳු මනුප්‍රිය 62/4, ඉසුරු උදයංග 24/2
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 89 (පන්දුවාර 43.2) කේෂර නුවන්ත 28, ලක්ෂිත රසාංජන 19/4, මධුෂාන් හසරංග 35/3
ශා. සර්වේෂස්: දෙවැනි ඉනිම - 155 (පන්දුවාර 70.2) සුපුන් කාවින්ද 46, කේෂර නුවන්ත 34, ඉසුරු උදයංග 23, රිශිර ලක්වින් 20, රවීන් ද සිල්වා 44/6, 
කවීෂ් මධුරප්පෙරුම 44/3
නාලන්දා: දෙවැනි ඉනිම - 36/2 (පන්දුවාර 4) 
අවිෂ්ක පෙරේරා නොදැවී 24, පසිඳු මනුප්‍රිය 10/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මීගමුව ශා. පීතර - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
ශා. පීතර: පළමු ඉනිම - 213 (පන්දුවාර 44.1) තිසර මධුවන්ත 99, ෂෝන් මලීෂ 38, අවිෂ්ක ඩිල්ෂාන් 20/2, විනුක් හෙට්ටිආරච්චි 36/2, තිමිර මල්ෂාන් 66/2
ආනන්ද ශාස්ත්‍රාලය: පළමු ඉනිම - 236 (පන්දුවාර 58.1) ඉසුරු අවින්ද 82, තිමිර මල්ෂාන් 71, කුෂාන් දාබරේ 32, බ්‍රයන් ජූලියස් 39/3, රුවින් ශාලින්ද 64/3, දිනෙත් තත්සර 74/3
ශා. පීතර: දෙවැනි ඉනිම - 189 (පන්දුවාර 42) තිසර මධුවන්ත නොදැවී 61, පසිඳු නවෝද් 27, උමේෂ් 
ලක්ෂාන් 20, බ්‍රයන් ජූලියස් 20, තිමිර මල්ෂාන් 57/3, විනුක් හෙට්ටිආරච්චි 51/2
ආනන්ද ශාස්ත්‍රාලය: දෙවැනි ඉනිම - 102 (පන්දුවාර 34) හසිඳු නොදැවී 29, බ්‍රයන් ජූලියස් 35/6, දිනෙත් තත්සර 54/3
මීගමුව ශා. පීතරයට ලකුණු 64ක ජයක්.
 
යාපනය මැදි විදුහල - මාරවිල ශා. ෂේවියර් 
ශා. ෂේවියර්: පළමු ඉනිම - 185 (පන්දුවාර 50) රවිඳු අංජන 76, යොහාන් පෙරේරා 22, දිනුෂ අබේසේකර 20, ඒ. ජයදර්ශන් 15/4, එස්. තුෂාන්තන් 33/3, එස්. මතුෂාන් 27/2
යාපනය මැදි විදුහල: පළමු ඉනිම - 197 (පන්දුවාර 57.2) එස්. මතුෂාන් 39, ආර්. රාජ්ක්ලින්ටන් 32, එස්. කෞතමන් 26, කේ. අයිලරාසන් 20, එස්. තුෂාන්තන් 20, ආකාෂ් නදීෂාන් 51/4, හෂේන් මධුසංක 54/3, දුලාජ් අශේන් 19/2
ශා. ෂේවියර්: දෙවැනි ඉනිම - 216/8 (පන්දුවාර 53.2) දිනූෂ අබේසේකර 52, රවිඳු අංජන 52, සිතුම් සංජන 36, ආකාෂ් නදීෂාන් නොදැවී 28, එස්. තුෂාන්තන් 53/4, ජේ. ප්‍රියදර්ශන් 48/3
යාපනය මැදි විදුහල: දෙවැනි ඉනිම - 137/3 (පන්දුවාර 25) එස්. මතුෂාන් නොදැවී 69, ආර්. රාජ්ක්ලින්ටන් නොදැවී 30, හෂේන් මධුසංක 40/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ
පළමු සති අන්තයේ තරගවලදී  ජය වාර්තා කිරීමට චිලව් මේරියන්ස්, එස්.එස්.සී. කෝල්ට්ස් සහ රාගම සමත් විය.
සචිත්‍ර සේරසිංහ (චිලව් මේරියන්ස්), ඕෂධ ප්‍රනාන්දු (චිලව් මේරියන්ස්) සහ කෞශාල් සිල්වා (එස්.එස්.සී.) මෙවර තරග වාරයේ සිය තෙවැනි ශතක රැස් කිරීම කැපී පෙනුණි.
චිලව් මේරියන්ස් පි‍ලේ සචිත්‍ර සේරසිංහ සැරසන්ට එරෙහිව මුල් ඉනිමේ ලකුණු 109ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 87ක් රැස් කළ අතර, කඩුලු 50 සීමාව ඉක්මවූ
පළමු පන්දු යවන්නා බවට පත්වීමට මලින්ද පුෂ්පකුමාර (කඩුලු 53) සමත්විය.
මලින්ද පුෂ්පකුමාර සැරසන්ස්ට එරෙහිව කඩුලු 9ක් දවාලූ අතර, නිසල තාරක (කෝල්ට්ස්), නිශාන් පීරිස් (රාගම) සහ සාලිය සමන් (සැරසන්ස්) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එස්.එස්.සී.-වරාය අධිකාරිය
වරාය අධිකාරිය: පළමු ඉනිම - 165 (පන්දුවාර 44.2) ගිහාන් රූපසිංහ 36, යොහාන් ද සිල්වා 24, යශෝධ ලංකා 21, දසුන් ශානක 26/3, ජෙෆ්රි වැන්ඩර්සේ 28/3, සචිත්‍ර සේනානායක 40/3
එස්.එස්.සී.: පළමු ඉනිම - 413 (පන්දුවාර 104) කෞෂාල් සිල්වා 120, චාමර කපුගෙදර 109, කවිඳු කුලසේකර 78, මිලින්ද සිරිවර්ධන 49, මිනෝද් භානුක 20, චානක කොමසාරු 119/4, අකලංක ගනේගම 99/3
වරාය අධිකාරිය: දෙවැනි ඉනිම - 166 (පන්දුවාර 40.1) යශෝධ ලංකා 67, සචිත්‍ර සේනානායක 11/3, ජෙෆ්රි වැන්ඩර්සේ 40/3, දසුන් ශානක 64/3
එස්.එස්.සී.ට ඉනිමක සහ ලකුණු 82ක ජයක්.
චිලව් මේරියන්ස්-සැරසන්ස්
චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 401 (පන්දුවාර 109.2) ඕෂධ
ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, අශේන් සිල්වා 47, තික්ෂිල ද සිල්වා 45, සාලිය සමන් 76/5
සැරසන්ස්: පළමු ඉනිම - 236 (පන්දුවාර 65.5) ගමිඳු කණිෂ්ක 43, හර්ෂ කුරේ 41, රනිත ලියනාරච්චි 36, චතුර රන්දුණු 25, අසිත ප්‍රනාන්දු 47/5, මලින්ද පුෂ්පකුමාර 71/3
චිලව් මේරියන්ස්: දෙවැනි ඉනිම - 259/8 (පන්දුවාර 56.3) සචිත්‍ර සේරසිංහ 87, ෂෙහාන් ජයසූරිය 40, රිශිත් උපමාල් 39, අශේන් සිල්වා 32, චතුර රන්දුණු 68/4
සැරසන්ස්: දෙවැනි ඉනිම - 180 (පන්දුවාර 56.3) හර්ෂ කුරේ 62, ප්‍රමෝද් මධුවන්ත 36, රනිත ලියනාරච්චි 20, මලින්ද
පුෂ්පකුමාර 73/6, සචිත්‍ර සේරසිංහ 25/2
චිලව් මේරියන්ස්ට ලකුණු 244ක ජයක්.
රාගම-එන්.සී.සී.
එන්.සී.සී.: පළමු ඉනිම - 247 (පන්දුවාර 76.1) චතුරංග ද සිල්වා 90, චාමික කරුණාරත්න 32, ෆර්වීස් මහරුෆ් 24, සඳුන් වීරක්කොඩි 24, තරිඳු කෞශාල් නොදැවී 23, ඉෂාර ජයරත්න 46/4, අමිල අ‍පෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2
රාගම: පළමු ඉනිම - 337 (පන්දුවාර 108.3) ජනිත් ලියනගේ 69, උදාර ජයසුන්දර 57, ළහිරු තිරිමාන්න 56, සමීර ද සොයිසා 39, අක්ෂු ප්‍රනාන්දු 32, ෂෙහාන් ප්‍රනාන්දු 23, චාමික කරුණාරත්න 80/4, ෆර්වීස් මහරුෆ් 48/2
එන්.සී.සී.: පළමු ඉනිම - 215 (පන්දුවාර 57.1) චාමික කරුණාරත්න 51, මාලිංග අමරසිංහ 34, චතුරංග ද සිල්වා 37, නිශාන් පීරිස් 56/5
රාගම: දෙවැනි ඉනිම - 129/5 (පන්දුවාර 40.1) ජනිත් ලියනගේ නොදැවී 44, සමීර ද සොයිසා නොදැවී 43, තරිඳු කෞශාල් 33/3
රාගමට කඩුලු 5ක ජයක්.
කෝල්ට්ස්-බි.ආර්.සී.
බි.ආර්.සී.: පළමු ඉනිම - 310 (පන්දුවාර 90.2) ශෂීන් දිල්රංග 124, හෂේන් රාමනායක 66, හර්ෂ විතාන 41, නිසල තාරක 71/6, ප්‍රභාත් ජයසූරිය 62/2
කෝල්ට්ස්: පළමු ඉනිම - 231 (පන්දුවාර 97.1) ප්‍රියමාල් පෙරේරා 88, ඇන්ජෙලෝ ජයසිංහ 37, නිසල තාරක 31, විෂාඩ් රන්දික 22, නේරංජන් වන්නිආරච්චි 38/4, හෂේන් රාමනායක 47/3, සුරාජ් රන්දිව් 36/2
බි.ආර්.සී.: දෙවැනි ඉනිම - 122 (පන්දුවාර 38.4) ලසිත් ලක්ෂාන් 64, රුමේෂ් බුද්ධික 22, ප්‍රභාත් ජයසූරිය 15/4, කවිෂ්ක අංජුල 35/4, නිසල තාරක 26/2
කෝල්ට්ස්: දෙවැනි ඉනිම - 203/7 (පන්දුවාර 62.3) සංගීත් කුරේ 39, හෂාන් දුමිඳු 38, ප්‍රියමාල් පෙරේරා 35, පසිඳු ලක්ෂංක 6, සදීර සමරවික්‍රම 20, සුරාජ් රන්දිව් 72/5
කෝල්ට්ස්ට කඩුලු 3ක ජයක්.

පමෝද් ලසන්ත

අයි.පී.එල්. ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී අයි.පී.එල්. වරම් ලබා ගැනීමට  ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර සමත් වී තිබේ.
පිට දඟ පන්දු යවන අකිල ධනංජය ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගෙන ඇති අතර, වේග පන්දු  යවන දුෂ්මන්ත චමීර ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට රාජස්ථාන් රෝයල්ස් මිලදී ගෙන තිබේ.
මතෛක් පැවැති අයි.පී.එල්. තරගවලදී ප්‍රබලතම පන්දු යවන්නා වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙවර අලෙවි නොවීම කැපී පෙනෙන සිදුවීමකි. 
මාලිංග සමග තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ෂෝන් මාෂ් ද, එංගලන්ත එක්දින නායක එවයින් මෝගන් සහ ජෝ රූට්ද අලෙවි නොවීම කැපී පෙනෙයි.
තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ක්‍රිස් ගේල් පළමු දිනයේ අලෙවි නොවූ අතර, ඊයේ දිනයේ අවසන් මොහොතේ ඉන්දියානු රුපියල් කෝටි දෙකකට කිංග්ස් පන්ජාබ් මිලදී ගෙන තිබේ.
මෙම වෙන්දේසියට ඉදිරිපත්ව සිටි ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ලද අලෙවි නොවීය.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේ වැඩිම මුදල වූ ඉන්දියානු රුපියල් කෝටි 12.5කට දිනා ගැනීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත් වී තිබේ.

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඊයේ (28දා) පැවැති පළඟ ශූරතා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පසුගිය වසරේ ශූර බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 3කින් පරාජය ලැබූහ.
මේ අනුව පළඟ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ 9 වැනි ස්ථානයට පත්විය.
හසිත බෝයගොඩ (116) සහ ධනංජය ලක්ෂාන් (98) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 50 දී කඩුලු 5ක් දැවී ලකුණු 254ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49.4කදී කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
හසිත බෝයගොඩ පන්දු 124කදී හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 116 රැස් කරමින් දෙවැනි ශතකය වාර්තා කළ අතර, ධනංජය ලක්ෂාන් පන්දු 119කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය.
හසිත සහ ධනංජය එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 218ක සම්බන්ධතාව ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්‍ලේ හොඳම සම්බන්ධතාව ලෙස  වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 33ට කඩුලු 2ක්ද, නිපුන් මාලිංග ලකුණු 63ට කඩුලු 2ක් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව්: 254/5යි (පන්දුවාර 50) ඇලික් අත්නාසේ නොදැවී 110, බ්‍රැඩ් බාන්ස් 37, බාස්කර් යද්‍රම් 31, කීගන් සිමන්ස් 24, තිසරු රශ්මික 59/1, ප්‍රවීන් ජයවික්‍රම 33/2, නිපුන් මාලිංග 63/2
ශ්‍රී ලංකාව: 255/7 (පන්දුවාර 49.4) ධනංජය ලක්ෂාන් 98, හසිත බෝයගොඩ 116, මධුෂ්ක ප්‍රනාන්දු 01, ජෙහාන් ඩැනියෙල් 6, කමිඳු මෙන්ඩිස් 1, නුවනිඳු ප්‍රනාන්දු 14, අශේන් බණ්ඩාර 0, හරීන් බුද්දිල නොදැවී 05, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 5, තිසරු රශ්මික නොදැවී 04, බාස්කර් යද්‍රම් 42/2, ජේරියන් හොයිට් 44/2
 
සටහන :- පමෝද් ලසන්ත 

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (25දා) ධකාහි පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 10ක  විශිෂ්ට ජයක් වාර්තා කළ  ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මේ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය හෙට (27දා) ධකාහිදී පැවැත්වේ.
බංග්ලාදේශය තරගාවලියේ මතෛක් අපරාජිතව සිටියද එම වාර්තාව බිඳ දමමින් අන්ත පරාජයකට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනෙයි.ශ්‍රී ලංකා පන්දු යවන්නන්  විශිෂ්ට දස්කම් දක්වමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ අතර, ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමණි.
ලකුණු 83ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී ලකුණු 83ක් ලබමින් පහසු ජයක් වාර්තා කළේය.
තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශය පෙර පෙළ පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කළ සුරංග ලක්මාල් එනමුල් හක්, තමීම් ඉක්බාල් සහ මහමදුල්ලා පිටියෙන් ඉවත් කළ අතර, ලකුණු අතර සිටි ෂකිබ් අල් හසන්
ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට හසු වීමෙන් කඩුලු 4ක් ලකුණු 34ක් තුළ බිඳ වැටුණි.
මුෂ්ෆිකර් රහීම් සහ සබිර් රහ්මන් එක්ව ඉනිම ගොඩනැංවීමට උත්සාහ ගනිමින් සිටියදී ක්‍රියාත්මක වූ තිසර පෙරේරා සබිර් රහ්මන් ලකුණු 10කට දවාගත් අතර, ඉන්පසු පිටියට පිවිසි අබුල් හසන් ලකුණු 7කට දවා ගැනීමෙන් ලකුණු 71ක් තුළ කඩුලු 6ක් බිඳ වැටුණි.
සටන්කාමී ඉනිමක නිරත වෙමින් පන්දු 56කදී එක් හතරේ පහරක් සහිතව ලකුණු 26ක් ලබා සිටි මුෂ්ෆිකර් රහීම් දවාගත් 
දුෂ්මන්ත චමීර නසීර් හොසේන් ලකුණු 3කට දවා ගැනීමෙන් ලකුණු 80දී කඩුලු 8ක් බිඳ වැටුණි.
පසුපෙළ බිඳ දමමින් නායක මොර්ටාසා (1), රුබෙල් හොසේන් (0) දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වීමෙන් බංග්ලාදේශ ඉනිම ලකුණු 82කට අවසන් විය.
ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලූ සුරංග ලක්මාල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 6ට කඩුලු 2ක්ද, තිසර පෙරේරා ලකුණු 27ට කඩුලු 2ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 24ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී කිසිදු අපහසුවකින් තොරව ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් වූ අතර, උපුල් තරංග පන්දු 37කදී හතරේ පහර 1ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක්ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 35කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 35ක්ද ලබා සිටියහ.

ලකුණු පුවරුව

බංග්ලාදේශය
තමීම් ඉක්බාල් ඇ. ගුණතිලක ප. ලක්මාල්5
එනමුල් හක් ප. ලක්මාල්0
ෂකිබ් අල් හසන් දු.දැ.ගි. (ගුණතිලක)8
මුෂ්ෆිකර් රහීම් ඇ. මෙන්ඩිස් ප. චමීර26
මහමදුල්ලා ඇ. චමීර ප. ලක්මාල්7
සබිර් රහමන් ඇ. (මධුෂංක) ප. පෙරේරා10
අබුල් හසන් ඇ. දික්වැල්ල ප. පෙරේරා7
නසීර් හොසේන් ඇ. දික්වැල්ල ප. චමීර3
මෂ්රෆී මොර්ටාසා ප. සඳකැන්1
රුබෙල් හොසේන් ඇ. තරංග ප. සඳකැන්0
මුස්ටාෆිසූර් රහ්මන් (නොදැවී)1
අතිරේක 14
මුළු ලකුණු (පන්දුවාර 24කදී සියලු දෙනා දැවී)82
කඩුලු බිඳ වැටීම :- 1-5, 2-15, 3-16, 4-34, 5-57, 6-71, 7-79, 8-80, 9-81, 10-82
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 7-1-21-3, දුෂ්මන්ත චමීර 5-1-6-2, තිසර පෙරේරා 6-0-27-2, ලක්ෂාන් සඳකැන් 6-0-24-2

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක (නොදැවී)35
උපුල් තරංග (නොදැවී)39
අතිරේක 9
මුළු ලකුණු (පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී)83
පන්දු යැවීම :- මෂ්ෆරී මොර්ටාසා 2-0-15-0, අබුල් හසන් 4-0-25-0, නසීර් හොසේන් 3-0-19-0, මුස්ටාෆිසූර් රහ්මන් 1.5-0-14-0, ෂකිබ් අල් හසන් 1-0-10-0

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 934

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1717

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3507

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2836

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4061

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5032

Please publish modules in offcanvas position.