Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශා. ජෝසප්, ආනන්ද සහ ත්‍රිත්ව විදුහල් සමත් විය.
රිච්මන්ඩ්ට එරෙහිව දුනිත් වෙල්ලාලගේ (137) සහ අශාන් ඩැනියෙල් (නොදැවී 43) අවසන් කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 174ක වාර්තාගත සම්බන්ධතාවය හේතුවෙන් ශා. ජෝසප්ට පළමු ඉනිමේ ජයක් හිමි විය.
ගාල්ල ශා. ඇලෝසියස්ට එරෙහිව මහනුවර ත්‍රිත්ව කඩුලු 9ක ජයක් වාර්තා කරමින්ද, ශා. පීතරට එරෙහිව ආනන්ද විදුහල මුල් ඉනිමේ ජයක් වාර්තා කරමින්ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සිය තෙවැනි ශතකය වාර්තා කිරීමට රවිඳු සංජන (ශා. ඇලෝසියස්) සමත්වූ අතර, පුබුදු බණ්ඩාර (ත්‍රිත්ව) ශතකයක් රැස් කළේය.
 
රිච්මන්ඩ්-ශා. ජෝසප් 
රිච්මන්ඩ්: පළමු ඉනිම - 216 (පන්දුවාර 65.3) තවීෂ අභිෂේක් 78, සඳුන් මෙන්ඩිස් 33, ආදිත්‍ය සිරිවර්ධන 33, ධනංජය ලක්ෂාන් 27, දුවීන් කලසූරිය 21, දුනිත් වෙල්ලාලගේ 65/4, මිහිරංග වික්‍රමගේ 28/3, අශාන් ඩයස් 48/2
ශා. ජෝසප්: පළමු ඉනිම - 401 (පන්දුවාර 106.4) දුනිත් වෙල්ලාලගේ 137, ෂෙවාන් රසූල් 78, ජෙහාන් ඩැනියෙල් 47, අශාන් ඩැනියෙල් නොදැවී 43, ලක්ෂාන් ගමගේ 34, සචින්ත රවිඳු 24, කමිඳු මෙන්ඩිස් 87/5, අවිඳු තීක්ෂණ 66/2
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 165/4 (පන්දුවාර 44) ධනංජය ලක්ෂාන් 88, අවිඳු තීක්ෂණ නොදැවී 29, ආදිත්‍ය සිරිවර්ධන 22, දුනිත් වෙල්ලාලගේ 38/3
ශා. ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ත්‍රිත්ව-ශා. ඇලෝසියස් 
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 130 (පන්දුවාර 47) අශේන් බණ්ඩාර 49, රවිඳු සංජන 26, විමුක්ති නෙතුමාල් 43/4, හසිත බෝයගොඩ 24/3, රශ්මික ඩිල්ෂාන් 18/2
ත්‍රිත්ව: පළමු ඉනිම -  158 (පන්දුවාර 50.1) හසින්ත ජයසූරිය 37, අරවින්ද ලොකුකැටිය 37, හසිත බෝයගොඩ 25, අභිෂේක් ආනන්දකුමාර් 25, කවික ඩිල්ෂාන් 52/5, හරීන් බුද්දිල 32/2
ශා. ඇලෝසියස්: දෙවැනි ඉනිම - 227/5 (පන්දුවාර 33.4) රවිඳු සජන 102, සදීප චමෝද් 52, අශේන් බණ්ඩාර 34, රුවින් පීරිස් 38/2
ත්‍රිත්ව: දෙවැනි ඉනිම -  203/1 (පන්දුවාර 46.4) පුබුදු බණ්ඩාර නොදැවී 127, හසින්ත ජයසූරිය 47, හසිත බෝයගොඩ නොදැවී 24
ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 9ක ජයක්.
 
ආනන්ද-ශා. පීතර
ශා. පීතර: දෙවැනි ඉනිම - 128 (පන්දුවාර 44.4) මොහොමඩ් අමීන් 22, දෙනෙත් නිශ්ශංක 34/4, අශේල් සිගේරා 14/3, ගිහාන් විශ්වජිත් 2/2
ආනන්ද: පළමු ඉනිම -  213 (පන්දුවාර 70.5) කණිෂ්ක
රන්තිලකගේ 51, ශ්‍යාමල් හිරුෂාන් නොදැවී 45, කවිඳු ගිම්හාන් 26, ගිහාන් විශ්වජිත් 22, සංතුෂ් ගුණතිලක 43/3, මොහොමඩ් අමීන් 81/3, සචින් සිල්වා 37/2
ශා. පීතර: දෙවැනි ඉනිම - 166/4 (පන්දුවාර 56) සුලක්ෂණ ප්‍රනාන්දු 69, නිපුනක ෆොන්සේකා 46, ෂැනොන් ප්‍රනාන්දු 22
කොළඹ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සංචිතය නම්කර ඇති අතර, එහි නායකත්වය යළිත් ෂකිබ් අල් හසන්ට හිමිවී තිබේ.
පසුගිය ශ්‍රී ලංකා තරගාවලියේදී ආබාධයකට ලක්වූ ෂකිබ් සුවය ලැබිමෙන් පසු යළිත් කණ්ඩායමට එක්වී සිටියි. 
 
බංග්ලාදේශ 20-20 සංචිතය 
ෂකිබ් අල් හසන් (නායක), මහමදුල්ලා, තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, සබිර් රහමන්, මුස්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, අබු හයිඩර්, අබු ජයේඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරුල් හසන්, මෙහෙඩි හසන් 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී සිය තෙවැනි ශතකය රැස් කිරීමට රත්ගම දේවපතිරාජයේ රවීන් යසස් සමත්විය.
රවීන් යසස් යාපනය ශා. ජෝන් විද්‍යාලයට එරෙහිව පන්දු 273කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 190ක් රැස් කරමින් දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක් හිමිකර දුන්නේය.
කටුනේරිය ශා. සෙබස්තියන් විදුහ‍ලේ ශෙෂාන් උදාර මීගමුව ශා. පීතරයට එරෙහිව තුන් ඉරියව් දස්කම් (91, 80, 27/5) දැක්වූ අතර, කළුතර තිස්ස මැදි විදුහ‍ලේ රොහාන් සංජය කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ඉනිම දෙකේදී කඩුලු 12ක් (22/4, 34/8) දවාලීය.
 
දේවපතිරාජ-යාපනය ශා. ජෝන්
ශා. ජෝන්: පළමු ඉනිම-184 (පන්දුවාර 55.4) වසන්තන් 
ජතූෂන් 72, කනගරත්නම් කබිල්රාජ් 31, රවීන් යසස් 36/3, ඉරුෂ්ක තිමිර 30/2, තිසර ඩිල්ෂාන් 38/2, පවන් සංදේශ් 44/2
දේවපතිරාජ: පළමු ඉනිම - 490 (පන්දුවාර 105) රවීන් යසස් 190, චාමික සඳරුවන් 54, ජීවක ශෂීන් 50, හරීන් අචින්ත 48, සුදීර වීරරත්න 43, පැතුම් මධුසංක 34, ටී. ඩිනෝෂන් 109/4, වී. අභිලක්ෂ්මන් 38/2, වසන්තන් ජතූෂන් 99/2
රත්ගම දේවපතිරාජයට පළමු ඉනිමේ ජයක්.
 
කටුගස්තොට ශා. අන්තෝනි-කළුතර විද්‍යාලය
ශා. අන්තෝනි: පළමු ඉනිම - 252 (පන්දුවාර 62.3) තමාෂන අබේකෝන් 61, මොහොමඩ් අබ්සර් 43, ගිහාන් අචින්ත 43, තීක්ෂ ගුණසිංහ 37, අවිෂ්ක ලක්ෂාන් 68/4, විෂාර ප්‍රනාන්දු 54/2
කළුතර විද්‍යාලය: පළමු ඉනිම - 155 (පන්දුවාර 46) දුනිත් ජයතුංග 54, විශ්මික කොස්තා නොදැවී 20, ධනුක නිම්හාන 20, ජනිඳු නිිම්සර 23/3, නිම්නක ජයතිලක 41/3, නවෝද්‍ය විජේකුමාර 22/2
ශා. අන්තෝනි: දෙවැනි ඉනිම - 330/7 (පන්දුවාර 75) තීක්ෂ ගුණසිංහ නොදැවී 92, ඩියොන් ස්ටවුටර් 68, සුනෙර ජයසිංහ 54, ජනිඳු නිිම්සර 38, නවෝද්‍ය විජේකුමාර 34, ප්‍රමෝද් වනිගසිංහ 79/5
කටුගස්තොට ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජයක්.
 
කටුනේරිය ශා. සෙබස්තියන්-මීගමුව ශා. පීතර
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 284 (පන්දුවාර 67.2) ශෙෂාන් උදාර 91, කවිඳු ඉරෝෂ් 61, දමිත් කෝසල නොදැවී 40, දීමන්ත සිල්වා 23, උදාර මෙන්ඩිස් 20, දිනෙත් තත්සර 86/4, ශලිඳු මධුසංක 50/3
ශා. පීතර: පළමු ඉනිම - 72 (පන්දුවාර 32.3) ශෙෂාන් උදාර 27/5, ඩිල්ෂාන් පමෝද් 2/3, උදාර මෙන්ඩිස් 13/2
ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 170 (පන්දුවාර 53.5) ශෙෂාන් උදාර 80, දිනෙත් තත්සර 34/4, ලසිත් නිශ්ශංක 46/3, බ්‍රයන් ජූලියන් 57/3
ශා. පීතර: දෙවැනි ඉනිම - 178 (පන්දුවාර 31.4) උමේෂ් ලක්ෂාන් 58, තිසර මධුවන්ත 43. දීමන්ත සිල්වා 64/5
කටුනේරිය ශා. සෙබස්තියන්ට ලකුණු 104ක ජයක්.
 
කුරුණෑගල ශා. ආනා-කළුතර සිරිකුරුස
ශා. ආනා: පළමු ඉනිම - 195 (පන්දුවාර 77.4) රන්දීර රණසිංහ 40, ධනංජය බණ්ඩාර 37, දිල්හාර නානායක්කාර 39/5, නදීර මධුවන්ත 14/2
සිරිකුරුස: පළමු ඉනිම - 158 (පන්දුවාර 57.5) නදීර මධුවන්ත 49, කවිඳු උමයංග 42, දිනෙත් සිල්වා 22, රන්දීර රණසිංහ 54/6, පුබුදු ගනේගම 2/30
ශා. ආනා: දෙවැනි ඉනිම - 201 (පන්දුවාර 52.3) වනිත වන්නිනායක 73, රන්දීර රණසිංහ 48, දිල්හාර නානායක්කාර 81/5, විහඟ ගුණරත්න 19/2, නිර්මල රත්නායක 27/2
සිරිකුරුස: දෙවැනි ඉනිම - 75/2 (පන්දුවාර 11) මළින්ද ජයෝද් 47
කුරුණෑගල ශා. ආනාට පළමු ඉනිමේ ජයක්.
 
කළුතර තිස්ස-කිංග්ස්වුඩ්
තිස්ස: පළමු ඉනිම - 271 (පන්දුවාර 63.1) සතින් හිමාෂ් 71, කෝසල රවිඳු 48, තාරක සඳරුවන් 30, රමේෂ් මධුසංක 28, නිකිල් ශෂ්මික 24, රසාංජන අරවින්ද නොදැවී 22, හර්ෂණ වික්‍රමසිංහ 66/6, ලක්මාල් ද සිල්වා 70/2
කිංග්ස්වුඩ්: පළමු ඉනිම - 184 (පන්දුවාර 46.1) ධනංජය මධුරංග 59, අචල බෝගොඩවත්ත 37, රොහාන් සංජය 22/4, රසාංජන අරවින්ද 43/4
තිස්ස: දෙවැනි ඉනිම - 121 (පන්දුවාර 37.4) සතින් හිමාෂ් 44, රමේෂ් මධුසංක 29, හර්ෂණ වික්‍රමසිංහ 35/2
කිංග්ස්වුඩ්: දෙවැනි ඉනිම - 116 (පන්දුවාර 67.2) දුලින් විජේනාරායන 33, රොහාන් සංජය 34/8
කළුතර තිස්ස මැදි විදුහලට ලකුණු 92ක ජයක්.
 
කරන්දෙණිය මැදි විදුහල-පානදුර ශ්‍රී සුමංගල
කරන්දෙණිය: පළමු ඉනිම - 203 (පන්දුවාර 73.3) ජනෙත් කෞශාල් 77, දිමුත් සඳරුවන් 34, සමිත් ඉසුරු 25, තරණ ගන්ධාර 8/3, නිපුන දේශාන් 32/3, ජනිඳු ඉඳුවර 46/2
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 174 (පන්දුවාර 60.4) තරණ ගන්ධාර 62, සමිත් ඉසුරු 45/5, ඉෂාර මධුවන්ත 33/3
කරන්දෙණිය: දෙවැනි ඉනිම - 152 (පන්දුවාර 53.5) දිමුත් සඳරුවන් 53, ජනෙත් කෞශාල් 33, ජනිඳු ඉඳුවර 46/4, අනුක ජයසිංහ 33/3
ශ්‍රී සුමංගල: දෙවැනි ඉනිම - 116 (පන්දුවාර 15) ඉමේෂ ද සිල්වා 45, ඉසුරු උමංග 24, දිනූප ක්‍රිෂාන් 43/5, සමිත් ඉසුරු 28/4
කරන්දෙණිය මැදි විදුහලට ලකුණු 65ක ජයක්.
 
පමෝද් ලසන්ත

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත්විය.
ඊයේ (25දා) කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයට අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් බාධා ඇතිවූ අතර, එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලැබිය.
කාසියේ වාසිය දිනාගත් මහින්ද විද්‍යාලයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක විද්‍යාලය පන්දුවාර 41කදී කඩුලු 9ක් දැවී ලකුණු 241ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලය පන්දුවාර  14කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 40ක් රැස් කර සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය.
ඩී.එස්. වෙනුවෙන් ගවිරු ෂෙනාස් පන්දු 35කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 39ක් රැස් කළ අතර, රුචිර තීක්ෂණ පන්දු 81කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 56ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා දුන්හ.
ඉන්පසු ඩී.එස්. ලකුණු පුවරුව ඉහළ නංවමින් පන්දු 33කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට දේශාන් හෙට්ටිගේ සමත් වූ අතර, කෝෂිත ප්‍රනාන්දු පන්දු 20කදී හතරේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 33ක් රැස් කළේය.
මහින්ද විදුහල වෙනුවෙන් ශවින්ද්‍ය රන්මිණ ලකුණු 27ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, හිරුණ මන්දිල සහ සඳිළු ලියනාරච්චි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී පිටියට පිවිසි මහින්ද විදුහ‍ලේ ආරම්භක පිතිකරු නායක ධනුජ ඉඳුවර 1 ලකුණකට දැවී ගියේය.
ලකුණු තත්ත්වය :-
ඩී.එස්. සේනානායක: 241/9 (පන්දුවාර 41.1) රුචිර තීක්ෂණ 56, දේශාන් හෙට්ටිගේ 47, ගවිරු ෂෙනාස් 39, කෝෂික ප්‍රනාන්දු 33, ශවින්ද්‍ය රන්මිණ 27/3, හිරුණ මන්දිල 36/2, සඳිළු ලියනාරච්චි 62/2                                                                                                     
ගාල්ල මහින්ද: 40/1 (පන්දුවාර 14) චන්දූප ද සිල්වා නොදැවී 17

පමෝද් ලසන්ත

කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන දෙවිදුහල් අතර 55 වැනි වරටත් පැවැති “සහෝදර සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය තර්ස්ටන් විද්‍යාලයට වැඩි ගෞරව හිමිකර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
තර්ස්ටන් වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජයවිහාන් මහවිතාන නොදැවී ශතකයක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් මුල් ඉනිම වෙනුවෙන් පන්දුවාර 60කදී කඩුලු 5ක් දැවී ලකුණු 314ක් රැස් කරමින් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉසිපතනයට මුල් ඉනිම වෙනුවෙන් පන්දුවාර 60දී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 201ක් පමණි.
ලකුණු 110ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ තර්ස්ටන් කඩුලු 5ට ලකුණු 140ක් රැස් කරමින් ඉසිපතනට ජයග්‍රහණය සඳහා ලකුණු 254ක ඉලක්කයක් ලබා දුන් අතර, තරගය නිමාවන විට ඔවුන්ට රැස්කර ගත හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 153ක් පමණි.
තර්ස්ටන් වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජයවිහාන් මහවිතාන පන්දු 146කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය.
නිමේෂ් පෙරේරා (52) සහ ජයවිහාන් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 120ක සම්බන්ධතාවයක් පවත්වමින් තර්ස්ටන් මුල් ඉනිම ශක්තිමත් කළහ.
පන්දු 106කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 52ක් ලබා සිටි නිමේෂ් පෙරේරාට ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, ඉන්පසු ජයවිහාන්ට එක්වූ ශවන් ප්‍රභාෂ් ලකුණු 74ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශවන් ප්‍රභාෂ්
පන්දු 25කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 50ක් රැස් කළේය.
ඉසිපතන මුල් ඉනිම වෙනුවෙන් සංජුල අබේවික්‍රම පන්දු 144කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 79ක්ද, නායක අයන සිරිවර්ධන පන්දු 103කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 52ක්ද රැස් කළහ.
සංජුල සහ අයන සිරිවර්ධන 5වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සම්බන්ධතාවක් පවත්වමින් ඉසිපතනය අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට සමත් වූහ.
තර්ස්ටන් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ශවන් ප්‍රභාෂ් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 41කට කඩුලු 4ක් බිඳ හෙළීය.
කාලික් අමාත් තර්ස්ටන් දෙවැනි ඉනිමේ කඩුලු 3ක් ලකුණු 30කට බිඳ දැමීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 254ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන වෙනුවෙන් මුල් ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කළ සංජුල අබේවික්‍රම ලකුණු 48ක් රැස් කළේය.
තර්ස්ටන් වෙනුවෙන් අයේෂ් හර්ෂණ ලකුණු 52කට කඩුලු 4ක් බි½ද හෙලූ අතර, ජනුෂ්ක ප්‍රනාන්දු ලකුණු 43ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
තර්ස්ටන්: පළමු ඉනිම - 314/5 (පන්දුවාර 60) ජයවිහාන් මහවිතාන නොදැවී 125, නිමේෂ්
පෙරේරා 52, ශවන් ප්‍රභාෂ් 50, නිපුන් ලක්ෂාන් 38, කාලික් අමාත් 56/2
ඉසිපතන: පළමු ඉනිම - 201/9 (පන්දුවාර 60) සංජුල අබේවික්‍රම 79, අයන සිරිවර්ධන 52, ශවන් ප්‍රභාෂ් 41/4, නිපුන් ලක්ෂාන් 58/2
තර්ස්ටන්: දෙවැනි ඉනිම - 140/5 (පන්දුවාර 23) යෙෂාන් වික්‍රමාරච්චි 32, පන්සිළු දේශාන් නොදැවී 25, නිමේෂ් ලක්ෂාන් 22, කාලික් අමාත් 30/3
ඉසිපතන: දෙවැනි ඉනිම - 153/7 (පන්දුවාර 52) සංජුල අබේවික්‍රම 48, සංජුල බණ්ඩාර 25, තෙවිඳු දික්වැල්ල 27, අයේෂ් හර්ෂණ 52/4, ජනුෂ්ක ප්‍රනාන්දු 43/3

පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු රැකීමේදී අතේ සිදුවූ ආබාධයක් හේතුවෙන් නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.