Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොළඹ ආනන්ද සහ නාලන්දා දෙවිදුහල් අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති 89 වැනි සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
නාලන්දා මුල් ඉනිමට වඩා ලකුණු 72ක් පිටුපසින් සිටිමින් ආනන්ද දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී ශතකයක් රැස් කරමින් ආනන්දය අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට කමේෂ් නිර්මාල් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද මුල් ඉනිම පන්දුවාර 55කදී ලකුණු 141 කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දාව පන්දුවාර 64.3කදී සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් විය.
නාලන්දා මුල් ඉනිමට වඩා ලකුණු 72ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ආනන්දය දිනය නිමාවන විට පන්දුවාර 60කදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා සිටියේය.
ආනන්ද මුල් ඉනිම වෙනුවෙන් උප නායක ළහිරු හිරණ්‍ය පන්දු 133කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 58ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් විය.
ආනන්ද මුල් ඉනිමේ කඩුලු 6ක් ලකුණු 58ක් තුළ බිඳ වැටී තිබියදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ළහිරු හිරණ්‍ය 7 වැනි කඩුල්ල වෙනුවෙන් දමින්ද රේෂාන් (24) සමග එක්ව ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
නාලන්දාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුහඟ විජේවර්ධන ලකුණු 52ට කඩුලු 6ක් සහ චමිඳු විජේසිංහ ලකුණු 33ට කඩුලු 4ක් බිඳ හෙළමින් ආනන්ද පිතිකරුවන් අසරණ කළහ.
නාලන්දා මුල් ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලක්ෂිත රසාංජන පන්දු 122කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 72ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ආනන්දය වෙනුවෙන් ගිෂාන් විශ්වජිත් සහ අශේල් සිගේරා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
ආනන්ද දෙවැනි ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ කමේෂ් නිර්මාල් පන්දු 138කදී හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර, ඔහුට අනඟිි සහයක් ලබා දුන් නායක අශේල් සිගේරා ලකුණු 46ක්ද, ළහිරු හිරණ්‍ය ලකුණු 33ක්ද රැස් කළහ.
නාලන්දාව වෙනුවෙන් 
උමේෂ්ක ඩිල්ෂාන් ලකුණු 38ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ශතකයක් රැස්කළ කමේෂ් නිර්මාල් (ආනන්ද) දක්ෂතම පිතිකරු ලෙසද, මුල් ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමූ සුහඟ විජේවර්ධන (නාලන්දා) දක්ෂතම පන්දු යවන්නා ලෙසද, ළහිරු හිරණ්‍ය (ආනන්ද) දක්ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන දිනා ගත්හ.
 
ලකුණු තත්ත්වය :-
ආනන්ද: පළමු ඉනිම - 141 (පන්දුවාර 55) ළහිරු හිරණ්‍ය 58, දමින්ද රේෂාන් 24, චාමික ගුණසේකර නොදැවී 18, 
කණිෂ්ක රන්තිලකගේ 10, සුහඟ විජේවර්ධන 52/6, චමිඳු විජේසිංහ 33/4
නාලන්දා: පළමු ඉනිම 
- 213 (පන්දුවාර 64.3) ලක්ෂිත රසාංජන 72, රවීන් ද සිල්වා 35, අවිෂ්ක පෙරේරා 24, දිල්හාර ‍පොල්ගම්‍පොල 23, මහිම වීරකෝන් නොදැවී 20, චමිඳු විජේසිංහ 18, කවීෂ් මධුරප්පෙරුම 11, අශේල් සිගේරා 37/3, ගිෂාන් විශ්වජිත් 38/3, ශ්‍යාමල් හිරුෂාන් 32/2
 
ආනන්ද: දෙවැනි ඉනිම - 252/7 (පන්දුවාර 60) කමේෂ් 
නිර්මාල් නොදැවී 100, අශේල් සිගේරා 46, ළහිරු හිරණ්‍ය 33, කණිෂ්ක රන්තිලකගේ 25, දුෂාන් හෙට්ටිගේ 23, කවිඳු ගිම්හාන 10, උමේෂ්ක ඩිල්ෂාන් 38/3

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ලබන 6දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඇරඹෙන නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශ නිත්‍ය නායක ෂකිබ් අල් හසන්ට අහිමි වී තිබේ.
ඇඟිල්‍ලේ ආබාධයකට ලක්ව සිටින ෂකිබ් අල් හසන් නිදහස් කුසලාන සංචිතයට කලින් නම් කර තිබුනද මේ වන විටත් ඔහු පූර්ණ සුවය නොලැබිම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සංචිතයෙන් ඉවත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20-20 තරගාවලියේදී බංග්ලාදේශ පිල මෙහෙය වූ මහමදුල්ලා නිදහස් කුසලාන තරගාවලියේදීද නායකයා ලෙස නම්කර තිබේ.
 
බංග්ලාදේශ 20-20 සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, ඉම්රුල් කේයස්, මුෂ්ෆිකර් රහීම්, සබිර් රහමන්, මුෂ්ටාෆිසූර් රහමන්, රුබෙල් හොසේන්, ටස්කින් අහමඩ්, අබු හයිඩර්, අබු ජයෙඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරුල් හසන්, මෙහෙදි හසන්, ලිටන් දාස්

කොළඹ ආනන්ද සහ නාලන්දා දෙවිදුහල් අතර “ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝගතා කුසලාන” වෙනුවෙන් 89 වැනි වරටත් පවත්වන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය 3 සහ 4දා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.

අශේල් සිගේරා මෙවර ආනන්ද පිල මෙහෙයවනු ලබන අතර, ළහිරු හිරණ්‍ය උප නායකයා ලෙස කටයුතු කරයි.
ලක්ෂිත මනසිංහ මෙවර නාලන්දා පිල මෙහෙයවනු ලබන අතර, සුහඟ විජේවර්ධන උප නායකයා ලෙස කටයුතු කරයි.

1924 වසරේදී ඇරඹුණු මෙම “සුලෝහිත සංග්‍රාමය” දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් 1942, 1943 සහ 1945 වසරවලදී නොපැවැත්වුණු අතර, මේ දක්වා පැවැති තරග 88 අතුරින් ආනන්ද විදුහල තරග 12ක් ජයගෙන වැඩි ගෞරව දිනාගෙන සිටියි. නාලන්දා විදුහල තරග 6ක් ජයගෙන ඇති අතර, සෙසු තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත.

ආනන්ද විදුහල 1926, 1927, 1930, 1932, 1934, 1937, 1938, 1939, 1941, 1965, 1982 සහ 2003 යන වසරවලදී සුලෝහිත සංග්‍රාමය  ජය ගැනීමට සමත්වී ඇති අතර, නාලන්දා විදුහල 1925, 1928, 1947, 1949, 1950 සහ 1953 වසරවලදී ජයගෙන ඇත.

පළමු සුලෝහිත සංග්‍රාමයේදී ඒ.පී. රාජකරුණා සහ බි.එස්. පෙරේරා ආනන්ද සහ නාලන්දා දෙපිලට නායකත්වය ලබාදුන් අතර, 1925 වසරේ පැවැති දෙවැනි තරගයේදී ආනන්ද පිල පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණු එන්.එම්. පෙරේරා විසින් මෙහෙයවූ අතර, බි.එස්. පෙරේරා නාලන්දාව දෙවැනි වරටත් මෙහෙයවමින් තරග ඉතිහාසයේ පළමු ජය නාලන්දාවට හිමිකර දීමට සමත්විය.

ආනන්ද විද්‍යාලය වසර 15කට පසු මෙන්ම නාලන්දාව වසර 65කට පසුව මහ ක්‍රිකට් තරගයක් ජය ගෙන නොමැත.
මෙම විදුහල් දෙකෙන්ම ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා ජාතික පිලට දායාදකර ඇති අතර, පුහුණුකරුවන්, තරග තීරකවරුන්, විනිසුරුවන් සහ ක්‍රිකට් පරිපාලකවරුන්ද ඒ අතර වෙති.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරග වාරයේදී ආනන්ද විද්‍යාලය තරග 15කට සහභාගිවී තරග 3ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන්කර ගැනීමට සමත් විය.
පසුගිය වසරේ දෙදින තරගාවලියේ ශූරයන් වූ ආනන්ද විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු වටයේදී සිය කාණ්ඩයේ සිව්වැනි ස්ථානය හිමිකර ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී බම්බලපිටිය ශා. පීතර පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙවර අන්තර් පාසල් තරගාවලියේදී නාලන්දාව තරග 18කට සහභාගි වී තරග 3ක් ජයගෙන තරග 2ක් පරාජයට පත්ව සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.
නාලන්දා සිය කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ආනන්දය වෙනුවෙන් මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වන උප නායක ළහිරු හිරණ්‍ය ශතක 2ක් සමගින් ලකුණු 700 සීමාව ඉක්මවා ඇති අතර, දුෂාන් හෙට්ටිගේ සහ කණිෂ්ක රන්තිලකගේ ලකුණු 500 සීමාව ඉක්මවා සිටිති. කමේෂ් නිර්මාල් (478), නායක අශේල් සිගේරා (454) සහ ශ්‍යාමල් හිරුෂාන් (418) ආනන්ද පි‍ලේ පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් පසුවෙති.

තුන් ඉරියව් ක්‍රීඩක නායක අශේල් සිගේරා වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්වෙමින් කඩුලු 50 සීමාව ඉක්මවා සිටින අතර, දමින්ද රේෂාන් (24) සහ තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍යාමල් හිරුෂාන් (24) ආනන්ද පි‍ලේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරති.
නාලන්දාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු නායක තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂිත මනසිංහ එක් ශතකයක් සහ එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 750 සීමාව ඉක්මවා සිටින අතර, පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 49ක් බිඳ හෙළා ඇත. උප නායක සුහඟ විජේවර්ධන ලකුණු 600 සීමාව පසුකරමින් නාලන්දා පිතිකරණ අංශය ශක්තිමත් කරයි.

කවීෂ් මධුරප්පෙරුම කඩුලු 59ක් දවාලමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්ව සිටින අතර, තුන් ඉරියව් ක්‍රීඩක චමිදු විජේසිංහ ලකුණු 500 සීමාව පසු කරමින් පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 48ක් බිඳහෙළා ඇත.

අවිෂ්ක පෙරේරා (550) සහ දිල්හාර ‍පොල්ගම්‍පොල (466) නාලන්දා පිතිකරණ අංශය ශක්තිමත් කරන අතර, රවීන් ද සිල්වා (කඩුලු 47), මහිම වීරකෝන් (කඩුලු 33) සහ උමේක්ෂ ඩිල්ෂාන් (කඩුලු 28) පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති.


පමෝද් ලසන්ත

මාර්තු මස 6 වනදා ආරම්භ වන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලිදේශය අතර නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා පිල නම්කොට තිබේ.
15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.
 
ශ්‍රී ලංකා සංචිතය: 
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අ‍පොන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා

කොළඹ ආනන්ද සහ නාලන්දා දෙවිදුහල් අතර 89 වැනි වරටත් පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට මෙවරත් ඩයලොග් අනුග්‍රහය පිරිනමා තිබේ.
“ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝගතා කුසලාන” වෙනුවෙන් පැවැත්වෙන මෙම සුලෝහිත සංග්‍රාමය මාර්තු මස 3 සහ 4දා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
සීමාසහිත ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන නිලධාරී උපාලි ගජනායක මහතා විසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන්ට ඩයලොග් අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.
ඩයලොග් සමාගමේ ව්‍යාපාර ප්‍රධානී අසංග ප්‍රියදර්ශන (ජංගම දුරකථන සන්නිවේදන), කොළඹ ආනන්ද-නාලන්දා ඒකාබද්ධ තරග කමිටු සම සභාපතිවරුන් වන මොහාන් ගුණදාස සහ මංජුල විජේමාන්න, අශේල් සිගේරා (ආනන්ද නායක) සහ ලක්ෂිත මනසිංහ (නාලන්දා නායක) ද මෙම අවස්ථාවට එක්වූහ.
 
(පමෝද්)

නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා 20 දෙනෙකුගෙන් යුත් මූලික ක්‍රිකට් සංචිතයක් නම් කර තිබේ.
ආබාධයකට ගොදුරු වී සිටින ඇන්ජලෝ මැතිව්ස්ට මෙම තරගාවලියද අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම 20 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩා ඇමැති අනුමැතිය හිමිවී ඇති අතර, අවසන් 15 දෙනාගේ සංචිතය අද (28දා) ප්‍රකාශයට පත් කරන බව එම නිවේදනයේ දැක්වේ.
 
ශ්‍රී ලංකා 20 දෙනාගේ සංචිතය 
දිනේෂ් චන්දිමාල් (නායක),  උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර 
පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනන්ජය, අමිල අ‍පොන්සු, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනන්ජය ද සිල්වා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.