Coss Ear2
lakbima.lk
COSS Ear 1

බංග්ලාදේශයට එරෙහිව තරගාවලි සියල්ලම ජය ගැනීමට හැකි වූයේ ක්‍රීඩකයන්ගේ සුපිරි දක්ෂතා
නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (19දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“බංග්ලාදේශ පුවත්පත්වල පවා තිබුණා මම ඔවුන්ගේ රහස් දන්න නිසයි තරගාවලිය දිනුවේ කියලා. ඒත් මම ක්‍රීඩා කළේ නෑ. පිටිය මැද ක්‍රීඩා කළේ ක්‍රීඩකයන්. සියලු ගෞරව ඔවුන්ට හිමි විය යුතුයි” යැයි හතුරුසිංහ පැවැසීය
තුන්කොන් තරගාවලියේ පළමු තරග දෙක පරාජය වුවද යළිත් තරගාවලියට අවතීර්ණ වීමට හැකි බව දැඩි විශ්වාසයක් තිබූ බව හතුරුසිංහ පවසයි.
“පළමු තරග දෙකේදී අපේ විරුද්ධවාදීන් හොඳින් ක්‍රීඩා කළා. අපෙන් සිදුවූ වැරදි කතා කරලා කණ්ඩායමක් ලෙස නැගීසිටින්න අපිට හැකිවුණා” යැයි හතුරුසිංහ පවසයි. මෙම තරගාවලියේදී සහය පුහුණුකරු සංචිතයෙන් හොඳ සහායක් ලැබුණු බවත් එයද මෙම ජයග්‍රහණයට ඉවහල් වූ බව හතුරුසිංහ පවසයි.
කුසල් ජනිත් නැවත පැමිණීමෙන් පසු ඔහුගේ ස්ථානය පිළිබඳව විමසූ විට හතුරුසිංහ පැවැසුවේ තරගාවලිය සහ තරග කරන රට අනුව ඕනෑම ක්‍රීඩකයකුට දක්ෂතා දක්වා කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව හිමිවන බවයි.
“මම කණ්ඩායම තෝරන්නේ තණතීරුව, ක්‍රීඩා කරන රට සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ තත්ත්වය ගැන හිතලයි. තරගය දිනන්න අවශ්‍ය ක්‍රීඩකයන් තමයි කණ්ඩායමට යොදවන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනෑම වෙලාවක අවස්ථාවක් හිමිවිය හැකියි” යැයි හතුරුසිංහ පවසයි.
තිසර පෙරේරාගේ ක්‍රීඩා කරන විලාශය වෙනස් කිරීමට යමක් කළාදැයි විමසූ විට හතුරුසිංහ පැවැසුවේ ඔහුට කරන්න පුළුවන් දේ වටහා දුන් බවත්, පුහුණු කරන ආකාරය වෙනස් කළ බවයි.
ඉදිරියේදී නිදහස් කුසලාන තරගාවලියේදී ඉන්දීය අභියෝගය පිළිබඳව අදහස් දැක්වූ හතුරුසිංහ පවසන්නේ ජය පරාජය නොව දිනෙන් දින කණ්ඩායමේ දියුණුව පිළිබඳව තමන් කල්පනා කරන බවයි.
ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට එක්වීම පිළිබඳව විමසූ විට හතුරුසිංහ පැවැසුවේ එවන් තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අවශ්‍යතාව තිබූ බවත්, තරග දෙකේදීම ඔහු සිය යුතුකම් ඉටු කළ බවයි.
මෙහිදී අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් කලකට පසු ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳව සතුටුවන බව පැවැසීය.
පසුගිය වසර එකහමාරක් තුළ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි වූ බවත්, 2018 පළමු තරගාවලියම ජය ගැනීමට හැකි වීම සියලුම ක්‍රීඩකයන්ට සතුටුදායක තත්ත්වයක් බව චන්දිමාල් පවසයි.
තුන්කොන් තරගාවලියේ පළමු තරග දෙක පරාජය වීමෙන් පසු ජයග්‍රහණයට අවශ්‍ය සැලසුම් සකස් කළ බවත්, සියලුම ක්‍රීඩකයන් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කිරීමෙන් අවසානයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකිවූ බවත් චන්දිමාල් පැවැසීය.
මෙම තරගාවලියේදී කණඩායමක් ලෙස නොව එකම පවුලක් ලෙස ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවද චන්දිමාල් පැවැසීය.
සියලු පහසුකම් ලබා දුන් ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු ක්‍රිකට් ආයතනයටත්, සියලුම පුහුණුකරුවන්ටත් සෑම විටම කණ්ඩායම සමග සිටි ක්‍රීඩා ලෝලීන්ටත් සිය ස්තූතිය පුද කරන බව චන්දිමාල් පැවැසීය.

මංගල ධර්මප්‍රේම
 

ශ්‍රී ලංකා කණ්ඩායම රටක් ලෙසත්, ජාතියක් ලෙසත් ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණය අතිවිශිෂ්ට බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
පසුගිය මාස කිහිපයේදී කණ්ඩායම ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙනයාමට ගත් වෑයමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වීම පිළිබඳව සතුටුවන බව ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
නව පුහුණුකරු ලෙස හතුරුසිංහවත්, පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීරවත්, වේගපන්දු පුහුණුකරු ලෙස රුමේෂ්
රත්නායකත් බඳවාගෙන කණ්ඩායම ශක්තිමත් කළ බවත් එම පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ වැරදි නිවැරදි කර මෙම ජයග්‍රහණයට දායක වූ බවද සුමතිපාල මහතා පැවැසීය.
දිනේෂ් චන්දිමාල් නායකයකු ලෙස කණ්ඩායම මෙහෙයවීම උපරිම අයුරින් ඉටුකළ බවත්, ‍‍‍ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයන් එක්ව විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය ඉදිරියට ගෙන යාමට හොඳ ආරම්භයක් ලබාදුන් බවත් සුමතිපාල මහතා පවසයි.
ලෝකයේ වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයා වීමට රංගන හේරත් සමත් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් බවත්, ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සියලුම රටවැසියන් වෙනුවෙන් ප්‍රණාමය පුදකරන බවද සුමතිපාල මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඊයේ (18දා) බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 210ක් ලබාගත් අතර, බංග්ලාදේශයට පන්දුවාර 18.4කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි. 
ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් සුපිරි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 70ක් ලබමින් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දුවාර 11කදී ලකුණු 98ක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, ධනුෂ්ක ලකුණු 42කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 17කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 31ක් වාර්තා කළේය. 
උපුල් තරංග පන්දු 13කදී ලකුණු 25ක් රැස් කළ අතර, දසුන් ශානක පන්දු 11කදී නොදැවී ලකුණු 30ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පෙර පෙළ බිඳ දැමීමට සමත් වූහ.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් මධුෂංක මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු ලබා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
සෞම්‍ය සකාර් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට අකිල ධනංජය සමත් වූ අතර, ලකුණු 29ක් ලබාගත් තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට අමිල අ‍පොන්සු සමත් විය.
පන්දු 31කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 41ක් ලබාගත් නායක මහමදුල්ලා දුවද්දී දැවී යාමකට හසුවීමෙන් බංග්ලාදේශ බලා‍පොරොත්තු සුන් විය. 
පසුපෙළ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඉසුරු උදාන, දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක අවසානයේදී බංග්ලාදේශ ඉනිම ලකුණු 135කට සීමා කළේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෙහාන් මධුෂංක සහ ධනුෂ්ක ගුණතිලක කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, අකිල ධනංජය, දසුන් ශානක, අමිල අ‍පොන්සු, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

බෝපිටිය ලොයොලා විද්‍යාලය සහ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර මීගමුව කදිරාණ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු “මිතුරු සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ මුල් ඉනිම ලකුණු 98කට සීමා වූ අතර, ලොයොලා විදුහල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 146ක් රැස් කළේය.
ලකුණු 48ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ක්‍රිස්තුරාජය කඩුලු 7ක් දැවී ලකුණු 239ක් රැස් කළ අතර, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 36කදී ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ලොයොලා විදුහලට තරගය නිමාවන විට කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.
මෙම මංගල තරගයේදී 
ෂෙනාල් චාරුක (ලොයොලා), ජූඩ් රොෂාන් (ක්‍රිස්තුරාජ) සහ උදාන් කොළඹගමගේ (55) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
ලොයොලා නායක සයුරු ජයකොඩි   මුල් ඉනිමේදී ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ක්‍රිස්තුරාජය වෙනුවෙන් පසිඳු මලිත් මුල් ඉනිමේදී ලකුණු 35ට කඩුලු 4ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
ක්‍රිස්තුරාජ: පළමු ඉනිම - 98 (පන්දුවාර 37.4) උදාන් 
කොළඹගමගේ 22, ළහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 13/4, 
කවිෂ්ක සපරමාදු 9/2
ලොයොලා: පළමු ඉනිම - 146 (පන්දුවාර 56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, පසිඳු මලිත් 35/4, මලින්ද පීරිස් 37/3, ළහිරු සිල්වා 30/2
ක්‍රිස්තුරාජ: දෙවැනි ඉනිම - 239/7 (පන්දුවාර 55) ජුඩ් රොෂාන් 60, උදාන් 
කොළඹගමගේ 55, ළහිරු සිල්වා 45, ළහිරු පීරිස් 38, චරිතංග ලක්ෂාන් 73/3, සයුරු ජයකොඩි 47/2
ලොයොලා: දෙවැනි ඉනිම - 101/6 (පන්දුවාර 36) ෂෙනාල් චාරුක 38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 22/2, නිසල් මාලිංග 31/2
(පමෝද්)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ ඩකාහි පැවැති පළමු තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය පෙරමුණ ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 193ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 4ට ලකුණු 194ක් ලබමින් ජය වාර්තා කළේය.
මෙම තරගයේදී දෙපි‍ලේම පිතිකරුවන් විශිෂ්ට පිතිහරඹයක නිරත වුවද බංග්ලාදේශ පිතිකරුවන් අභිභවා යමින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 53ක් ලබාගත් අතර, ධනුෂ්ක ගුණතිලක පන්දු 15කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 30ක් වාර්තා කළේය.
උපුල් තරංග අසාර්ථක වූ අතර, නිරෝෂන් දික්වැල්ලද ලකුණු 11කට දැවී යාමෙන් පසු පිටියේ එක්වී සුපිරි පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා සහ දසුන් ශානක ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළේය.
තිසර පෙරේරා පන්දු 18කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක් ලබාගත් අතර, දසුන් ශානක පන්දු 24කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේය.
තිසර පෙරේරා සහ දසුන් ශානක අතර 5 වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 65ක් ලෙස වාර්තා විය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සෞම්‍ය සකාර් පන්දු 32කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 51ක් ලබමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.
බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 44කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 66ක් ලබමින් බංග්ලාදේශයට ලකුණු 193ක් රැස්කර ගැනීමට ප්‍රබල ලෙස දායක විය.
ඔහුට අනගි සහයක් දුන් නායක මහමදුල්ලා පන්දු 31කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 43ක් ලබා ගත්තේය.
ලකුණු හඹායාමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි 20-20 තරගය ලබන 18දා සිල්හෙට්හිදී පැවැත්වේ. ලකුණු පුවරුව
බංග්ලාදේශය
සකීර් හසන් ප. ගුණතිලක10
සෞම්‍ය සකාර් ක.මු.ක. ප. ජීවන් මෙන්ඩිස් 51
මුෂ්ෆිකර් රහීම් (නොදැවී)66
අෆිෆ් හොසේන් ඇ. දික්වැල්ල ප. ජීවන් මෙන්ඩිස්0
මහමදුල්ලා ඇ. ධනංජය ප. උදාන43
සබිර් රහමන් ප. පෙරේරා1
අරිෆුල් හක් (නොදැවී)1
අතිරේක 21
මුළු ලකුණු (පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී)193
කඩුලු බිඳ වැටීම :- 1-49, 2-100, 3-100, 4-173, 5-186
පන්දු යැවීම :-  ෂෙහාන් මධුෂංක 3-0-39-0, ධනුෂ්ක ගුණතිලක 2-0-16-1, ඉසුරු උදාන 4-0-45-1, තිසර පෙරේරා 4-0-36-1, අකිල ධනංජය 4-0-32-0, ජීවන් මෙන්ඩිස් 3-0-21-2
ශ්‍රී ලංකාව
කුසල් මෙන්ඩිස් ඇ. සකාර් ප. අෆිෆ්53
ධනුෂ්ක ගුණතිලක ස්ට. මුෂ්ෆිකර් ප. නස්මුල් 30
උපුල් තරංග ඇ. අෆිෆ් ප. නස්මුල් 4
දසුන් ශානක (නොදැවී)42
නිරෝෂන් දික්වැල්ල ඇ. සයිෆුඩීන් ප. රුබෙල්11
තිසර පෙරේරා (නොදැවී)39
අතිරේක 15
මුළු ලකුණු (පන්දුවාර 16.4කදී කඩුලු 4ක් දැවී)194
කඩුලු බිඳ වැටීම :- 1-53, 2-90, 3-92, 4-129
පන්දු යැවීම :- නස්මුල් ඉස්ලාම් 4-0-25-2, මොහොමඩ් සයිෆුඩීන් 2-0-33-0, මහමදුල්ලා 2-0-23-0, රුබෙල් හොසේන් 3.4-0-52-1, මුස්ටාෆිසුර් රහමන් 3-0-32-0, අෆීෆ් හොසේන් 2-0-26-1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 104 දෙනකුට ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 850ක මුදලක් ආයෝජනය කර ඇති අතර, 2016-2017 ක්‍රිකට් තරග වාරයට සහභාගි වූ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් සහ මෑතකදී අවසන් වූ අවු. 19න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගවලදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන තිබේ.


මෙහිදී ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 20ක්, අවු. 23-29 අතර නැගී එන ක්‍රීඩකයන් 23ක්, අවු. 19න් පහළ ක්‍රීඩකයන් 29ක්, හිටපු ජාතික ක්‍රීඩකයන් (තවමත් ක්‍රීඩා කරන) 15ක්, මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් 17ක් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා අත්සන් තබා ඇත.
මෙයට අමතරව මෙම ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 25 බැගින් හදිසි අනතුරු රක්ෂණයක්ද, රුපියල් ලක්ෂ 3 බැගින් වෛද්‍ය රක්ෂණයක්ද පිරිනැමේ. ක්‍රීඩකයන් 104ට මෙම පහසුකම් ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන දීමනාවන්ට අමතරව වීම විශේෂත්වයකි.
මෙම උත්සවයේදී 2016-17 ක්‍රිකට් තරගාවලියේ ලීග් ශූරතාව දිනාගත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ආයතනය මගින් වෑන් රථයක් ප්‍රදානය කළ අතර, ලීග් තරගාවලියේ වීරයා වූ චතුරංග ද සිල්වාට මෝටර් රථයක් ප්‍රධානය කෙරුණි.

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 107

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 820

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 610

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1809

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1402

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1082

Please publish modules in offcanvas position.