Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල ලබන ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මේ අනුව ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ 20-20 තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
පළමු එක්දින තරග දෙක රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේද, තෙවැනි සහ සිව්වැනි තරග පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේද පැවැත්වේ.
5 වැනි එක්දින ක්‍රිකට් තරගය සහ 20-20 තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියාව තරග 3-1කින් පරාජය කිරීමෙන් පසු දකුණු අප්‍රිකානු පිල සහභාගි වන පළමු තරගාවලිය මෙය වෙයි.
ශ්‍රී ලංකාව ලබන ජුනි මාසයේදී තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව තිබේ. 
 
තරග සටහන
 
ජූලි 12-16- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - ගාල්ල 
ජූලි 20-24- දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - එස්.එස්.සී.
ජූලි 29- පළමු එක්දින තරගය (දිවා) - දඹුල්ල
අගෝ. 1- දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - දඹුල්ල
අගෝ. 5- තෙවැනි එක්දින තරගය (දිවා) - පල්ලෙකැ‍ලේ
අගො. 8- සිව්වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - පල්ලෙකැ‍ලේ
අගෝ. 12- 5 වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - ආර්. ප්‍රේමදාස පිටිය
අගෝ. 14- 20-20 තරගය (රාත්‍රී) - ආර්. ප්‍රේමදාස පිටිය
 
මංගල ධර්මප්‍රේම 

රත්ගම දේවපතිරාජ සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර දෙවැනි වරටත් පැවැත්වෙන “සහෝදර සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 6 සහ 7දා මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම පාසල් දෙක අතර පැවැති පළමු සහෝදර සංග්‍රාමයෙන් ජය වාර්තා කළ දේවපතිරාජය වැඩි ගෞරව දිනාගෙන සිටියි.
මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදී දෙවැනි කොටස යටතේ සහභාගි වූ තරග 14න් තරග 4ක් ජය ගෙන තරග 2ක් පරාජයට පත් වූ දේවපතිරාජය අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. 
දේවපතිරාජය පළමු වටයේදී අනුශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, මේ වනවිට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී තෙවැනි කොටස යටතේ තරග වැදුණු මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහභාගි වූ තරග 7න් එක් තරගයක් ජයගෙන සෙසු තරග 6ම පරාජයට පත්විය.
දේවපතිරාජය වෙනුවෙන් පසුගිය වසරේ නායකත්වය දැරූ වමත් පිතිකරු රවීන් යසස් එක් ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් සමගින් ලකුණු 1200 සීමාව ඉක්මවමින් මෙවර දෙවැනි කොටසේ තරගාවලියේ මෙන්ම විද්‍යාලයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වී සිටියි. නායක පැතුම් මධුසංක ලකුණු 700 සීමාව ඉක්මවමින් මෙන්ම කඩුලු 69ක් දවාලමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා මෙන්ම තුන් ඉරියව්වෙන් වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයා බවට පත්ව සිටියි.
සුදීර වීරරත්න ලකුණු 600 සීමාවද, පවන් සංදේශ් සහ ජීවක ශෂීන් ලකුණු 450 සීමාව පසුකර සිටියි. 
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් කවිඳු ද සොයිසා ලකුණු 200 සීමාව ඉක්මවමින් වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව සිටින අතර, මල්ෂ තරුපති කඩුලු 28ක් දවාලමින් වැඩිම කඩුලුලාභී පන්දුයවන්නා බවට පත්ව සිටියි.
 
දේවපතිරාජ සංචිතය:
පැතුම් මධුසංක (නායක), තිසර ඩිල්ෂාන් (උප නායක), රවීන් යසස්, කල්ප ච්ෙතිය ගිම්හාන, සුදීර වීරරත්න, චාමික සඳරුවන්, ජීවක ශෂීන්, පවන් සංදේශ්, සසංක නිර්මාල්, ෂෙහාන් හසරංග, රවිඳු රන්දික, තරිඳු රුක්ෂාන්, ඉරුෂ්ක තිමිර, හරීන් අචින්ත, සඳරු තීක්ෂණ, රංජන් ලසන්ත ද සිල්වා මහතා (පුහුණුකරු), වයි. නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් මහතා (විදුහල්පති) 
 
මාදම්පා මැදි විදුහල් සංචිතය:
උදේශ් චතුරංග මෙන්ඩිස් (නායක), කාවින්ද සුරේෂණ (උප නායක), මල්ෂ තරුපති, ධනුක මධුරංග ද සිල්වා, සුනෙත් මධුරංග, දිල්ක ඉෂාන්, කවිඳු විදුරංග, චමෝද් දිල්හාර ද සිල්වා, පසිඳු ලක්ෂාන් දසනායක, තවිඳු නිමේෂාන්, රශ්මික ගුරුසිංහ, සසිඳු නිමේෂ් ද සිල්වා, සචින් දිල්හාර, රවිඳු ඉරෝෂ් ද සිල්වා, කවිඳු විරාජ්, චමිඳු අචින්ත, 
කවිෂ්ක ඩිල්ෂාන්, පරාක්‍රම වීරසිංහ මහතා (පුහුණුකරු), සුදත් කුමාර නොරගල් මහතා (නියෝජ්‍ය විදුහල්පති සහ ක්‍රිකට් භාර ආචාර්ය), කේ. ජී. සරත් ගමගේ මහතා (විදුහල්පති)

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජොහැන්නස්බර්ග්හි පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 492ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය තරග 3-1කින් ජය ගැනීමට සමත් විය.
මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේදී වසර 48කට පසු ලබාගත් පළමු තරගාවලි ජය ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
ලකුණු 612ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 119ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වර්නන් පිලැන්ඩර් දෙවැනි ඉනිමේදී ලකුණු 21ට කඩුලු 6ක් බිඳ දැමූ අතර, පළමු ඉනිමේදීද ඔහු කඩුලු 3ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කගිසෝ රබාඩා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකාව මුල් ඉනිම - 488යි
ඒඩ්‍රියන් මාක්රාම් 152, ටෙන්ඩර් බවුමා නොදැවී 95, ඒ.බි. ඩිවිලියර්ස් 69, පැට් කමින්ස් 89/5, නේතන් ලයන් 182/3
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 221යි
උස්මාන් කවාජා 53, ටිම් පේන් 62, පැට් කමින්ස් 50, පිලැන්ඩර් 30/3, රබාඩා 53/3, මහාරාජ් 92/3
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 344/6යි
ෆැෆ් ඩුප්ලෙසිස් 120, ඩීන් එල්ගා 81, පැට් කමින්ස් 58/4, නේතන් ලයන් 116/2
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 119යි
ජෝ බර්න්ස් 42, පීටර් හැන්ස්කෝම් 24, පිලැන්ඩර් 21/6, මෝනි මෝකල් 28/2

51 වැනි “සුනිල සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්දය කඩුලු 6කින් පරාජය කරමින් තරග ඉතිහාසයේ සිය 11 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට නිමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් අම්බලන්ගොඩ ධර්මාශෝකය සමත්විය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී දේවානන්දය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 167ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මාශෝකය මුල් ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කළේය.
මුල් ඉනිමේ ලකුණු 64ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී දේවානන්දය ලකුණු 142කට දැවී යෑම හේතුවෙන් පන්දුවාර 17කදී ලකුණු 79ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ධර්මාශෝකය කඩුලු 4ක් දැවී ඉලක්කය පසු කළේය.
මෙම තරගයේදී ෂොහාන් ද ලිවේරා (ශ්‍රී දේවානන්ද), කවිඳු නදීෂාන් (ධර්මාශෝක) සහ නිමේෂ් මෙන්ඩිස් (ධර්මාශෝක) පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක රැස් කළහ.
තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ධර්මාශෝක නායක නිමේෂ් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
කවිඳු නදීෂාන් (ධර්මාශෝක) තරගයේ දක්ෂතම පිතිකරු ලෙසද, ලොහාන් ද සොයිසා (ධර්මාශෝක) දක්ෂතම පන්දු යවන්නා ලෙසද, ෂොහාන් ද ලිවේරා (ශ්‍රී දේවානන්ද) දක්ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන ලැබිය.
 
ලකුණු තත්ත්වය :-
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 167 (පන්දුවාර 44.2) ෂොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, සමිත් මධුෂාන් 17, අකිල මෙන්ඩිස් 23/3, ලොහාන් ද සොයිසා 0/2, නවීන් රසාංග 26/2, දිනුක ඩිල්ෂාන් 41/2
ධර්මාශෝක: පළමු ඉනිම - 231 (පන්දුවාර 44.2) කවිඳු නදීෂාන් 57, නිමේෂ් මෙන්ඩිස් 54, උෂාන් ඉමන්ත 40, ලොහාන් ද සොයිසා 21, සඳුන් ද සොයිසා 55/4, දසුන් ද සිල්වා 39/3, කවිඳු රාජපක්ෂ 67/3
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 142 (පන්දුවාර 52.4) සචිඳු උද්දීපන 29, නිමේෂ් ද සිල්වා 27, නිමේෂ් මෙන්ඩිස් 27/4, ලොහාන් ද සොයිසා 28/4
ධර්මාශෝක: දෙවැනි ඉනිම - 79/4 (පන්දුවාර 15) උෂාන් ඉමන්ත 22, සඳුන් ද සොයිසා 19/2
 
පමෝද් ලසන්ත

බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ කරච්චිහිදී පැවැති පළමු තරගයෙන් ලකුණු 143ක විශිෂ්ට ජයක් ලැබූ පාකිස්තානය තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
කරච්චිහිදී වසර 9කට පසු පැවැති මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ලකුණු 41ක්, එක් කඩුල්ලක් සහ උඩපන්දු 3ක් රැකගත් හුසේන් තලාට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 203ක් රැස් කළ අතර, කොදෙව් පිළිතුරු ඉනිම පන්දුවාර 13.4කදී ලකුණු 60කට සීමා විය.
පාකිස්තානු ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 24කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 39ක් රැස් කළ අතර, හුසේන් තලාට් සහ නායක සෆ්රාස් අහමඩ් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් ගොඩනංවමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.
හුසේන් තලාට් පන්දු 37කදී හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 41ක් රැස් කළ අතර, සෆ්රාස් අහමඩ් පන්දු 22කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 38ක් රැස් කළේය.
අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරක් දියත් කළ ෂොයිබ් මලික් පන්දු 14කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කරමින් පාකිස්තානු මුළු ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා රැගෙන ගියේය.
ලකුණු හඹායාමේදී කොදෙව් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන් අතර, මොහොමඩ් නවාස්, මොහොමඩ් අමීර්, ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු - 203යි
ෆකාර් සමාන් 39, බාබර් අසාම් 17, හුසේන් තලාට් 41, සෆ්රාස් අහමඩ් 38, ෂෙයිබ් මලික් (නොදැවී) 37, ෆාහීම්
අෂ්රෆ් (නොදැවී) 16
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 13.4කදී සියලු දෙනා දැවී - 60යි
මාලන් සැමුවල්ස් 18, කීමෝ පාවුල් (නොදැවී) 10, රියාඩ් එම්රිට් 11, මොහොමඩ් නවාස් 19/2, මොහොමඩ් අමීර් 3/2, ෂොයිබ් මලික් 13/2

ශ්‍රී ලංකා-පාකිස්තාන කාන්තා තෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
තරගාවලියේ පළමු තරගය පාකිස්තානයද, දෙවැනි තරගය ශ්‍රී ලංකාවද ජය ගැනීමත් සමග තරගාවලි ජය තීරණය කෙරෙන තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියෝ සිව්දෙනකුම දුවද්දී දැවී යාමෙන් පාකිස්තානයට පහසු ජයක් හිමිවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 113ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.
ලකුණු 66ට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී පන්දු 38කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 38ක් රැස් කරමින් පාකිස්තානු මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූ ජවේරියා ඛාන් තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබුවාය.
ලකුණු හඹායාමේදී ශ්‍රී ලංකාවේ කඩුලු 7ක් ලකුණු 36ක් තුළ බිඳ වැටුණු අතර, හුදෙකලා සටනක නිරත වූ ඉමල්කා මෙන්ඩිස් පන්දු 49කදී එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 25ක් රැස් කිරීමට සමත් වූවාය.
 
ලකුණු තත්ත්වය :- 
පාකිස්තානය පන්දුවාර 20දී - 113/6යි
සිද්රා අමීන් 23, නහිඩා ඛාන් 19, ජවේරියා ඛාන් 38, නිඩා ඩාර් 22, සුගන්ධිකා කුමාරි 20/2, ඕෂධි රණසිංහ 23/2, අමා කාංචනා 17/1, ශෂිකලා සිරිවර්ධන 20/1
ශ්‍රී ලංකාව පන්දුවාර 20දී - 75/8යි
අනුෂ්කා සංජීවනී 14, ඉමල්කා මෙන්ඩිස් (නොදැවී) 25, බිෂ්මා මාරූෆ් 14/2, ඩියානා බේග් 19/1, සානා මීර් 11/1

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 104

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 810

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 610

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1806

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1401

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1081

Please publish modules in offcanvas position.