Coss Ear2
lakbima.lk
COSS Ear 1

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ දඹුල්‍ලේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 94ක ජයක් ලැබූ පාකිස්තානය තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මේ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තෙවැනි තරගය හෙට (24දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 250ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 37කදී ලකුණු 156කට සීමා විය.
පාකිස්තාන ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බිෂ්මා මාරූෆ් පන්දු 90කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 89ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සානා මීර් ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙලුවාය.
ශ්‍රී ලංකාවේ කිසිදු පිතිකාරිනියකට සාර්ථක වීමට පාකිස්තානු පන්දු යවන්නියෝ ඉඩ ලබා නොදුන් අතර, ශ්‍රී ලංකාවේ කඩුලු එක පිට එක බිඳ වැටුණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ශ්‍රීපාලි වීරක්කොඩි පන්දු 28කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වූවාය.
ශ්‍රීපාලි සහ සුගන්ධිකා කුමාරි (17) අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු සම්බන්ධතාව වාර්තා කළහ.
ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 50දී කඩුලු 6ට - 250යි
නහිඩා ඛාන් 29, මුනීබා අලි 31, ජවේරියා ඛාන් 16, බිෂ්මා මාරූෆ් 89, සිද්රා අමානී 2, නිඩා ඩාර් 38, සානා මීර් 27, නතාලියා පර්වේස් 5, ශ්‍රීපාලි වීරක්කොඩි 46/2, අමා කාංචනා 48/1, ඉනෝකා රණවීර 34/1
ශ්‍රී ලංකාව පන්දුවාර 37කදී සියලු දෙනා දැවී - 156යි
නිපුනි හංසිකා 5, චමරි අතපත්තු 24, දිලිනි මනෝරා 5, ශෂිකලා සිරිවර්ධන 0, චමරි ‍පොල්ගම්‍පොල 24, රෙබෙකා වැන්ඩොට් 10, හෂිනි පරේරා 11, අමා කාංචනා 23, ශ්‍රීපාලි වීරක්කොඩි (නොදැවී) 29, ඉනෝකා රණවීර 1, සුගන්ධිකා කුමාරි 17, සානා මීර් 32/4, නිඩා ඩාර් 27/2, ඩියානා බේග් 21/1, නෂ්රා සන්දු 27/1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් සිව්දින තරගාවලිය සඳහා සංචිත නම්කර තිබේ.
කණ්ඩායම් නායකයින් ලෙස කොළඹ පිල දිනේෂ් චන්දිමාල්ද, ගාල්ල පිල සුරංග ලක්මාල්ද, මහනුවර පිල ඇන්ජෙලෝ මැතිව්ස්ද, දඹුල්ල පිල දිමුත් කරුණාරත්නද මෙහෙයවනු ලබයි.

කොළඹ සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා (උපනායක), කෞෂාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය,
ළහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් පීරිස්,
ළහිරු උදාර, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ්ක අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, අවිෂ්ක ගුණවර්ධන (පුහුණුකරු), චරිත් සේනානායක (කළමනාකරු)
ගාල්ල සංචිතය:
සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, රුමේෂ්  බුද්ධික, පබසර වඩුගේ, සම්මු අශාන්, ඕෂධ ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ, ලක්ෂිත මධුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ෂාඩ්, උපුල් තරංග, මලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිශාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර, හෂාන් තිලකරත්න (පුහුණුකරු), වරුණ වරාගොඩ (කළමනාකරු)
මහනුවර සංචිතය:
ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිශ්ශංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ළහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, පියල් විජේතුංග (පුහුණුකරු), මලින්ද වර්ණපුර
(කළමනාකරු)
දඹුල්ල සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, තරිඳු රත්නායක, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුසංක, හිමේෂ්
රාමනායක, තිසරු රශ්මික, නිශාන් මධුෂ්ක, සුමිත්‍ර වර්ණකුලසූරිය (පුහුණුකරු), විනෝදන් ජෝන්
(කළමනාකරු)

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (22දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ 
පළමු තරගය ජයගත් පාකිස්තානය  තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
තරගාවලියට යළි අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට අද තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී ඇති අතර, පළමු තරගයේදී දුර්වල වූ පිතිකරණ අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු  කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකා පිල චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර, බිෂ්මා මාරූෆ් පාකිස්තාන පිල මෙහෙයවනු ලබයි.
 
පාකිස්තාන කාන්තා සංචිතය
බිෂ්මා මාරූෆ් (නායිකා), නිඩා ඩාර්, සානා මීර්, නහිඩා ඛාන්, මුනීබා අලි, සිද්රා අමීන්, ජවේරියා ඛාන්, නටාලියා පර්වේස්, ඩියානා බේග්, නෂ්රා සන්දු, සිද්රා නවාස්, කයිනාට් ඉම්ටියාස්, ගුලාම් ෆාතිමා, අයිමා අන්වීර්, ෆරීහා මහමූද් 
 
ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), නිපුනි හංසිකා (උපනායිකා), ශෂිකලා සිරිවර්ධන, ප්‍රසාදිනී වීරක්කොඩි, ඩිලානි මනෝදරා, හෂිනි පෙරේරා, රෙබෙකා වැන්ඩොට්, චමරි ‍පොල්ගම්‍පොල, අමා කාංචනා, අචිනි කුලසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, කවීෂා දිල්හාරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සැරසන්ස්, එස්.එස්.සී., එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් සමත් විය.
ඊයේ (21දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී සැරසන්ස් හමුවේ ටැමිල් යූනියන් කඩුලු 4කින්ද, චිලව් මේරියන්ස් හමුවේ බි.ආර්.සී. ලකුණු 30කින්ද, එන්.සී.සී. හමුවේ කෝල්ට්ස් කඩුලු 5 කින්ද,  එස්.එස්.සී. හමුවේ රාගම කඩුලු 8කින්ද පරාජය ලැබිය.
සැරසන්ස් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුර රන්දුණු ලකුණු 30ට කඩුලු 6ක් දවාලූ අතර, එන්.සී.සී. වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 51ට කඩුලු 5ක් දවාලීය.
අවසන් පූර්ව වටයේදී සැරසන්ස් සහ එන්.සී.සී. කෝල්ට්ස් පිටියේදී තරග වදින අතර, චිලව් මේරියන්ස් සහ එස්.එස්.සී. කටුනායක ආයෝජන කලාප පිටියේදී තරග වදියි.
මෙම අවසන් පූර්ව තරග හෙට (23දා) පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ලබන 25දා එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
 
සැරසන්ස්-ටැමිල් යූනියන් 
ටැමිල් යූනියන්: 113 (පන්දුවාර 40.3) තරංග පරණවිතාන 47, රමිත් රඹුක්වැල්ල 20, චතුර රන්දුණු 30/6, ඇන්ඩි සොලමන්ස් 12/3
සැරසන්ස්: 114/6 (පන්දුවාර 29.3) තනුක දාබරේ 26, සාලිය සමන් නොදැවී 19, අශේන් බණ්ඩාර 17, හර්ෂ කුරේ 17, බිනුර ප්‍රනාන්දු 19/3
සැරසන්ස්ට කඩුලු 4ක් ජයක්.
 
එන්.සී.සී.-කෝල්ට්ස්
කෝල්ට්ස්: 218 (පන්දුවාර 49.1) නිසල තාරක 83, සහන් ආරච්චිගේ 31, නුවන් කුලසේකර 22, සධීර සමරවික්‍රම 19, දුෂ්මන්ත චමීර 51/5, ෆර්වීස් මහරුෆ් 16/2
එන්.සී.සී.: 220/5 (පන්දුවාර 36.4) ඇන්ජෙලෝ පෙරේරා නොදැවී 74, උපුල් තරංග 72, ෆර්වීස් මහරුෆ් නොදැවී 30, අකිල ධනංජය 34/2
එන්.සී.සී.ට කඩුලු 5ක ජයක්.
 
චිලව් මේරියන්ස්-බි.ආර්.සී.
චිලව් මේරියන්ස්: 256 (පන්දුවාර 49.4) ෂෙහාන් ජයසූරිය 84, රෝහිත් දමෝදරන් 32, කසුන් විදුර 29, ඉසුරු උදාන 29, රුක්ෂාන් ෂෙහාන් 21, රුමේෂ් බුද්ධික 46/2, චාමිකර එදිරිසිංහ 46/2, විකුම් සංජය 52/2
බි.ආර්.සී.: 226 (පන්දුවාර 46.2) දේශාන් ඩයස් 60, විකුම් සංජය බණ්ඩාර 55, රුමේෂ් 
බුද්ධික 37, ටී.එන්. සම්පත් 25, ඩිල්ෂාන් ගුණවර්ධන 35/3, අසිත ප්‍රනාන්දු 39/2, ඉසුරු උදාන 43/2
චිලව් මේරියන්ස්ට ලකුණු 30ක ජයක්.
 
රාගම-එස්.එස්.සී.
රාගම: 206 (පන්දුවාර 48) ළහිරු මිලන්ත 48, සමීර ද සොයිසා 39, රොෂේන් ද සිල්වා 37, සමින්ද ප්‍රනාන්දු 20, සචිත්‍ර සේනානායක 25/4 
එස්.එස්.සී.: 207/2 (පන්දුවාර 36.5) දිමුත් කරුණාරත්න නොදැවී 70, දසුන් ශානක නොදැවී 54, ධනුෂ්ක ගුණතිලක 53, කෞෂාල් සිල්වා 20, ළහිරු මිලන්ත 43/2
එස්.එස්.සී.ට කඩුලු 8ක ජයක්.
 
පමෝද් ලසන්ත

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ සංචාරක පාකිස්තාන කාන්තා පිල අතර පළමු
එක්දින ක්‍රිකට් තරගය අද (20) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග 3කින් සමන්විත වන එක්දින තරගාවලියේ තරග තුනම අද (20), 22 සහ 24 යන දිනයන්හිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර, බිෂ්මා මාරූෆ් පාකිස්තාන කාන්තා පිල මෙහෙයවනු ලබයි.
මීට අමතරව දෙපිල අතර වන තරග 3කින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය කොළඹ එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග සටහන                                                                                                

මාර්තු 20 - පළමු එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
මාර්තු 22 - දෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
මාර්තු 24 - තෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  
මාර්තු 28 - පළමු පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය       
මාර්තු 30 - දෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණය                  
මාර්තු 31 - තෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය

පමෝද් ලසන්ත

ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද දෙවිදුහල් අතර 113 වැනි වරටත් පැවැති “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
මෙම තරගයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුදීර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් මුල් ඉනිම ලකුණු 170කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහින්ද මුල් ඉනිම ලකුණු 118කට සීමා කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ සමත් වූහ.
මුල් ඉනිමේ ලකුණු 52ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඇරඹූ රිච්මන්ඩ් වේගවත් පිතිකරණක නිරත වෙමින් පන්දුවාර 33කදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කර ඉනිම අත්හිටු වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය මහින්ද දෙවැනි ඉනිම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කඩුලු 2ක් දැවී ලකුණු 20ක් ලබා සිටියේය.
රිච්මන්ඩ් වෙනුවෙන් දිලුම් සුදීර සහ සඳුන් මෙන්ඩිස් මුල් ඉනිමේ කඩුලු 5 බැගින් බිඳ හෙලූ අතර, දෙවැනි ඉනිමේදී අවිඳු තීක්ෂණ ලකුණු 5ට කඩුලු 2ක් බිඳ හෙළීය.
තරගයේ වැඩිම ලකුණු ලාභියා වන තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 71ක් රැස් කරමින් රිච්මන්ඩ් දෙවැනි ඉනිම ශක්තිමත් කළහ.
මහින්ද මුල් ඉනිම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පසන් පෙතන්ගොඩ ලකුණු 46ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, නවෝද් පරණවිතාන කඩුලු 3ක් බිඳ හෙළීය.
මෙවර තරගාවලියේ සියලුම සම්මාන රිච්මන්ඩ් විදුහලට  හිමිකර දෙමින් දක්ෂතම පිතිකරු ලෙස තවීෂ 
අභිෂේක්ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස සඳුන් මෙන්ඩිස්ද, දක්ෂතම පන්දු රකින්නා ලෙස විමුත් සප්නකද සම්මාන දිනා ගත්හ.
 
ලකුණු තත්ත්වය :-
රිච්මන්ඩ්: පළමු ඉනිම - 170 (පන්දුවාර 62.4) දුවීන් කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුදීර 25, අවිඳු තීක්ෂණ 22, පසන් පෙතන්ගොඩ 46/5, නවෝද් පරණවිතාන 20/3
මහින්ද: පළමු ඉනිම - 118 (පන්දුවාර 53.4) නවෝද් පරණවිතාන  27, හසික වැළිහිඳ 26, දිලුම් සුදීර 29/5, සඳුන් මෙන්ඩිස් 38/5
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 150/4 (පන්දුවාර 33) තවීෂ අභිෂේක් නොදැවී 71, ආදිත්‍ය සිරිවර්ධන 20, නිපුන් මාලිංග 50/2
මහින්ද: දෙවැනි ඉනිම - 20/2 (පන්දුවාර 15) අවිඳු තීක්ෂණ 5/2   
 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.