Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ තෙවැනි කොටසේ සීමිත පන්දුවාර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල සහ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.
අර්ධ අවසන් පූර්ව තරගවලදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 64කින් පරාජය කරමින්ද, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය නුගේගොඩ ශා. ජෝන් විද්‍යාලය පැරබෝලා ක්‍රමයට ලකුණු 6කින් පරාජය කරමින්ද, හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය ලකුණු 229කින් පරාජය කරමින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයේ දමිත් විජේනායක කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 21ට කඩුලු 5ක් දවාලීය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය සමගින් තරග වදින අතර, යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටයේදී තරග වදියි.
 
හේනෙගම-කටුගස්තොට ශ්‍රී රාහුල
හේනෙගම: 283 (පන්දුවාර 49.4) සසංක දුලාජ් 81, සමිත් විජේනායක 55, කැළුම් ලෝචන 31, ජනිත් මාඉටිපේ 75/4, ඩිල්ෂාන් අරඹෙගෙදර 41/3
ශ්‍රී රාහුල: 54 (පන්දුවාර 17) චාමික සමරසේකර 12, දමිත් විජේනායක 21/5, ළහිරු පෙරේරා 7/2, ප්‍රමිත් දර්ශන 11/2
හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 229ක ජයක්. 
 
තෝලංගමුව ඩඩ්ලි සේනානායක
වේයන්ගොඩ බණ්ඩාරනායක
ඩඩ්ලි සේනානායක: පළමු ඉනිම - 171 (පන්දුවාර 49.3) සිතුම් වන්නිආරච්චි 33, හර්ෂ කරුණාරත්න 29, සඳකැන් ජයවීර 29, මිළිඳු මධුෂාන් 24, මලීෂ භාග්‍ය 26/2, නිපුන් සංතුෂ් 30/2
බණ්ඩාරනායක: පළමු ඉනිම - 107 (පන්දුවාර 29.3) සජිත් මධුසංක 30, කවිෂ්ක ධර්මකීර්ති 7/2, මල්ෂාන් දිසානායක 15/2, ලකිත් ජයවීර 24/2
තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට ලකුණු 64ක ජයක්.
 
විද්‍යාලෝක-නුගේගොඩ ශා. ජෝන්
ශා. ජෝන්: 184 (පන්දුවාර 50) එම්. සෙල්වකුමාර් 46, සදිෂාන් චමෝද්‍ය 38, නුරාජ් ප්‍රසංග 2, දෙව්මිණ ඒකනායක 25, මිථිල පූර්ණජිත් 23, පැතුම් හසරංග 27/4
විද්‍යාලෝක: 166/6 (පන්දුවාර 36) එස්.එම්. ජිනරත්න 38, සචිඳු සෞම්‍ය 37, අනුරාධ සම්පත් 23, ටෙෂාන් මලින්ද 41/2
විද්‍යාලෝකයට පැරබෝලා ක්‍රමයට ලකුණු 6ක ජයක්.
 
පමෝද් ලසන්ත

සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර දිවා/රාත්‍රී තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දඹුල්ලට එරෙහිව මුල් ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගාල්ල සමත් විය.
මේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මහනුවර සහ කොළඹ අතර දිවා/රාත්‍රී තරගයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල විය. 
ගාල්ල සහ දඹුල්ල අතර තරගයේදී ගාල්ල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චතුරංග ද සිල්වා ලකුණු 54ක් වාර්තා කළ අතර, රොෂේන් සිල්වා ලකුණු 44ක්ද, දසුන් ෂානක ලකුණු 32ක්ද වාර්තා කළහ.
මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 244ක් රැස් කළ අතර, ගාල්ල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 255ක් වාර්තා කළේය.
දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල පත්‍රය මුද්‍රණයට යන විට කඩුලු 2ට ලකුණු 98ක් ලබා සිටියේය.
දඹුල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු ගමගේ ලකුණු 78ට කඩුලු 5ක් බිඳ හෙළීය.
මහනුවර සහ කොළඹ අතර තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් මහනුවර මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 270ක් වාර්තා කළ අතර, කොළඹ කඩුලු 9ට ලකුණු 138ක් ලබා ඉනිම අත්හිටුවීය.
මහනුවර වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිත සහ ඉසුරු උදාන කඩුලු 4 බැගින් බිඳ හෙලූහ.
අද තරගයන්හි අවසන් දිනයයි
 
දඹුල්ල-ගාල්ල
 
දඹුල්ල මුල් ඉනිම - 244යි
ගාල්ල මුල් ඉනිම - 255යි
මලින්ද වර්ණපුර 21, ලහිරු මිලන්ත 9, මලින්ද පුෂ්පකුමාර 12, උපුල් තරංග 25, සධීර සමරවික්‍රම 10, රොෂේන් සිල්වා 44, දසුන් ශානක 32, චතුරංග ද සිල්වා 54, නිසල තාරක 19, දම්මික ප්‍රසාද් 2, නිශාන් පීරිස් (නොදැවී) 1, ලහිරු ගමගේ 78/5, රංගන හේරත් 42/2, විමුක්ති පෙරේරා 67/1, සචිත්‍ර සේනානායක 27/1, ලහිරු මධුසංඛ 30/1
දඹුල්ල දෙවැනි ඉනිම - (පත්‍රය මුද්‍රණයට යන විට) 98/2යි
කුසල් මෙන්ඩිස් 26, දිමුත් කරුණාරත්න 0, අශාන් ප්‍රියන්ජන් (නොදැවී) 40, සචිත්‍ර සේරසිංහ (නොදැවී) 17, නිසල තාරක 23/1, දසුන් ශානක 16/1 
 
කොළඹ-මහනුවර
 
මහනුවර මුල් ඉනිම - 270යි
තරංග පරණවිතාන 1, මහේල උඩවත්ත 0, චරිත් අසංලක 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, සචිත් පතිරණ 12, ඉසුරු උදාන 9, ප්‍රභාත් ජයසූරිය (නොදැවී) 23, ලහිරු කුමාර 2, කසුන් රාජිත 4, වනිඳු හසරංග 40/4, ෂෙහාන් ජයසූරිය 23/1
කොළඹ මුල් ඉනිම - 138/9යි (ඉනිම අත්හිටුවීය)
කෞෂාල් සිල්වා 26, ෂෙහාන් ජයසූරිය 25, ධනංජය ද සිල්වා 2, ලහිරු තිරිමාන්න 21, දිනේෂ් චන්දිමාල් 10, වනිඳු හසරංග 0, දිල්රුවන් පෙරේරා 5, තික්ෂිල ද සිල්වා 16, කසුන් අංජුල 14, ප්‍රමෝද් ලියනගමගේ (නොදැවී) 3, දි‍ලේෂ් බුද්ධික ගුණරත්න (නොදැවී) 3, කසුන් රාජිත 67/4, ඉසුරු උදාන 35/4, ප්‍රභාත් ජයසූරිය 11/1, ලහිරු කුමාර 16/0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පසුගිය වර ශූර රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාලය සමත් විය.
ගල්කිස්ස ශා. තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මහින්ද විදුහල හමුවේ වේල්ස් කුමර කඩුලු 6කින් පරාජය ලැබූ අතර, කුරුණෑගල ශා. ආනා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී රිච්මන්ඩ් හමුවේ ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 8කින් පරාජය ලැබිය.
මේ අනුව අවසන් පූර්ව වටයේදී මහින්ද විදුහල ශා. පීතර සමගින්ද, රිච්මන්ඩ් විදුහල ශා. තෝමස් සමගින්ද තරග වදියි.
 
මහින්ද-වේල්ස් කුමර
 
පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමරය පන්දුවාර 43කදී ලකුණු 145කට සීමා කිරීමට මහින්ද පන්දු යවන්නෝ සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහින්දය පන්දුවාර 33.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 146ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
වේල්ස් කුමර වෙනුවෙන් සනෝජ් දර්ශික නොදැවී ලකුණු 38ක් රැස් කළ අතර, සඳුන් ප්‍රනාන්දු (22) සහ ප්‍රින්ස් ප්‍රනාන්දු (22) ඉනිම ගොඩනැංවීමට දායකවූහ.
මහින්ද වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සුභානු රාජපක්ෂ ලකුණු 26ට කඩුලු 4ක් දවාලූ අතර, පසන් පෙතන්ගොඩ ලකුණු 43ට කඩුලු 3ක් දවාලීය.                                                                                                                 
ජයග්‍රාහී මහින්ද විදුහල වෙනුවෙන් ආරම්භක පිතිකරු හංසික වැළිහිඳ නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර, විනුර දුල්සර ලකුණු 38ක් සහ නිපුන් මාලිංග ලකුණු 23ක් රැස් කරමින් ජයග්‍රහණයට දායක වූහ.
ලකුණු තත්ත්වය :-
වේල්ස් කුමර: 145 (පන්දුවාර 43) සනෝජ් දර්ශික නොදැවී 38, සඳුන් ප්‍රනාන්දු 22, ප්‍රින්ස් ප්‍රනාන්දු 22, සුභානු රාජපක්ෂ 26/4, පසන් පෙතන්ගොඩ 43/3
මහින්ද: 146/4 (පන්දුවාර 33.1) හංසික වැළිහිඳ නොදැවී 54, විනුර දුල්සර 38, නිපුන් මාලිංග 23
මහින්ද විද්‍යාලයට කඩුලු 6ක ජයක්. 
 
රිචම්න්ඩ්-ත්‍රිත්ව
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල පන්දුවාර 41.4කදී ලකුණු 125කට සීමා කිරීමට අවිඳු තීක්ෂණ ප්‍රමුඛ රිච්මන්ඩ් පන්දු යවන්නෝ සමත් වූ අතර,
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රිච්මන්ඩ් පන්දුවාර 39.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 129ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ත්‍රිත්ව වෙනුවෙන් හසින්ත ජයසූරිය ලකුණු 42ක් රැස් කළ අතර, නායක හසිත බෝයගොඩ ලකුණු 21ක් රැස් කළේය.
රිච්මන්ඩ් වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් 
දැක්වූ උප නායක අවිඳු 
තීක්ෂණ ලකුණු 7ට කඩුලු 5ක් දවාලූ අතර, දිලුම් සුදීර ලකුණු 11ට කඩුලු 2ක් දවාලීය.                                                                                                         
ජයග්‍රාහී රිච්මන්ඩ් වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 67ක් රැස් කළ අතර, නායක ධනංජය ලක්ෂාන් ලකුණු 22ක් රැස් කළේය.
ලකුණු තත්ත්වය :-
ත්‍රිත්ව: 125 (පන්දුවාර 41.4) හසින්ත ජයසූරිය 42, හසිත බෝයගොඩ 21, අවිඳු තීක්ෂණ 7/5, දිලුම් සුදීර 11/2
රිච්මන්ඩ්: 129/2 (පන්දුවාර 39.4) කමිඳු මෙන්ඩිස් නොදැවී 67, ධනංජය ලක්ෂාන් 22
රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල ලබන ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මේ අනුව ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ 20-20 තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
පළමු එක්දින තරග දෙක රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේද, තෙවැනි සහ සිව්වැනි තරග පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේද පැවැත්වේ.
5 වැනි එක්දින ක්‍රිකට් තරගය සහ 20-20 තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියාව තරග 3-1කින් පරාජය කිරීමෙන් පසු දකුණු අප්‍රිකානු පිල සහභාගි වන පළමු තරගාවලිය මෙය වෙයි.
ශ්‍රී ලංකාව ලබන ජුනි මාසයේදී තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව තිබේ. 
 
තරග සටහන
 
ජූලි 12-16- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - ගාල්ල 
ජූලි 20-24- දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - එස්.එස්.සී.
ජූලි 29- පළමු එක්දින තරගය (දිවා) - දඹුල්ල
අගෝ. 1- දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - දඹුල්ල
අගෝ. 5- තෙවැනි එක්දින තරගය (දිවා) - පල්ලෙකැ‍ලේ
අගො. 8- සිව්වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - පල්ලෙකැ‍ලේ
අගෝ. 12- 5 වැනි එක්දින තරගය (දිවා/රාත්‍රී) - ආර්. ප්‍රේමදාස පිටිය
අගෝ. 14- 20-20 තරගය (රාත්‍රී) - ආර්. ප්‍රේමදාස පිටිය
 
මංගල ධර්මප්‍රේම 

රත්ගම දේවපතිරාජ සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර දෙවැනි වරටත් පැවැත්වෙන “සහෝදර සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අප්‍රේල් 6 සහ 7දා මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම පාසල් දෙක අතර පැවැති පළමු සහෝදර සංග්‍රාමයෙන් ජය වාර්තා කළ දේවපතිරාජය වැඩි ගෞරව දිනාගෙන සිටියි.
මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදී දෙවැනි කොටස යටතේ සහභාගි වූ තරග 14න් තරග 4ක් ජය ගෙන තරග 2ක් පරාජයට පත් වූ දේවපතිරාජය අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. 
දේවපතිරාජය පළමු වටයේදී අනුශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, මේ වනවිට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී තෙවැනි කොටස යටතේ තරග වැදුණු මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහභාගි වූ තරග 7න් එක් තරගයක් ජයගෙන සෙසු තරග 6ම පරාජයට පත්විය.
දේවපතිරාජය වෙනුවෙන් පසුගිය වසරේ නායකත්වය දැරූ වමත් පිතිකරු රවීන් යසස් එක් ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් සමගින් ලකුණු 1200 සීමාව ඉක්මවමින් මෙවර දෙවැනි කොටසේ තරගාවලියේ මෙන්ම විද්‍යාලයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වී සිටියි. නායක පැතුම් මධුසංක ලකුණු 700 සීමාව ඉක්මවමින් මෙන්ම කඩුලු 69ක් දවාලමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා මෙන්ම තුන් ඉරියව්වෙන් වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයා බවට පත්ව සිටියි.
සුදීර වීරරත්න ලකුණු 600 සීමාවද, පවන් සංදේශ් සහ ජීවක ශෂීන් ලකුණු 450 සීමාව පසුකර සිටියි. 
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් කවිඳු ද සොයිසා ලකුණු 200 සීමාව ඉක්මවමින් වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්ව සිටින අතර, මල්ෂ තරුපති කඩුලු 28ක් දවාලමින් වැඩිම කඩුලුලාභී පන්දුයවන්නා බවට පත්ව සිටියි.
 
දේවපතිරාජ සංචිතය:
පැතුම් මධුසංක (නායක), තිසර ඩිල්ෂාන් (උප නායක), රවීන් යසස්, කල්ප ච්ෙතිය ගිම්හාන, සුදීර වීරරත්න, චාමික සඳරුවන්, ජීවක ශෂීන්, පවන් සංදේශ්, සසංක නිර්මාල්, ෂෙහාන් හසරංග, රවිඳු රන්දික, තරිඳු රුක්ෂාන්, ඉරුෂ්ක තිමිර, හරීන් අචින්ත, සඳරු තීක්ෂණ, රංජන් ලසන්ත ද සිල්වා මහතා (පුහුණුකරු), වයි. නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් මහතා (විදුහල්පති) 
 
මාදම්පා මැදි විදුහල් සංචිතය:
උදේශ් චතුරංග මෙන්ඩිස් (නායක), කාවින්ද සුරේෂණ (උප නායක), මල්ෂ තරුපති, ධනුක මධුරංග ද සිල්වා, සුනෙත් මධුරංග, දිල්ක ඉෂාන්, කවිඳු විදුරංග, චමෝද් දිල්හාර ද සිල්වා, පසිඳු ලක්ෂාන් දසනායක, තවිඳු නිමේෂාන්, රශ්මික ගුරුසිංහ, සසිඳු නිමේෂ් ද සිල්වා, සචින් දිල්හාර, රවිඳු ඉරෝෂ් ද සිල්වා, කවිඳු විරාජ්, චමිඳු අචින්ත, 
කවිෂ්ක ඩිල්ෂාන්, පරාක්‍රම වීරසිංහ මහතා (පුහුණුකරු), සුදත් කුමාර නොරගල් මහතා (නියෝජ්‍ය විදුහල්පති සහ ක්‍රිකට් භාර ආචාර්ය), කේ. ජී. සරත් ගමගේ මහතා (විදුහල්පති)

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජොහැන්නස්බර්ග්හි පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 492ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය තරග 3-1කින් ජය ගැනීමට සමත් විය.
මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේදී වසර 48කට පසු ලබාගත් පළමු තරගාවලි ජය ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
ලකුණු 612ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 119ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වර්නන් පිලැන්ඩර් දෙවැනි ඉනිමේදී ලකුණු 21ට කඩුලු 6ක් බිඳ දැමූ අතර, පළමු ඉනිමේදීද ඔහු කඩුලු 3ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කගිසෝ රබාඩා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකාව මුල් ඉනිම - 488යි
ඒඩ්‍රියන් මාක්රාම් 152, ටෙන්ඩර් බවුමා නොදැවී 95, ඒ.බි. ඩිවිලියර්ස් 69, පැට් කමින්ස් 89/5, නේතන් ලයන් 182/3
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 221යි
උස්මාන් කවාජා 53, ටිම් පේන් 62, පැට් කමින්ස් 50, පිලැන්ඩර් 30/3, රබාඩා 53/3, මහාරාජ් 92/3
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 344/6යි
ෆැෆ් ඩුප්ලෙසිස් 120, ඩීන් එල්ගා 81, පැට් කමින්ස් 58/4, නේතන් ලයන් 116/2
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 119යි
ජෝ බර්න්ස් 42, පීටර් හැන්ස්කෝම් 24, පිලැන්ඩර් 21/6, මෝනි මෝකල් 28/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.