Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28දා) අබුඩාබිහිදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
පාකිස්තානු පි‍ලේ අත්දැකීම් පිරි සුපිරි ක්‍රීඩකයන්වූ යූනිස් ඛාන් සහ මිස්බා උල් හක් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසු නවක ක්‍රීඩකයන් සහිතව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සෆ්රාස් අහමඩ්ට පැවරී තිබේ.
අත්දැකීම් පිරි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ගොදුරු වීම නිසා අද තරගයට ක්‍රීඩා නොකරන බැවින් වැඩි වගකීමක් ගැනීමට නායක දිනේෂ් චන්දිමාල්ට සිදුවී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මතෛක් ටෙස්ට් තරග 51ක් පවත්වා ඇති අතර ඉන් තරග 19ක ජය පාකිස්තානයටත් තරග 14ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී ඇති අතර තරග 18ක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.
අද තරගයේදී ප්‍රබල පාකිස්තානු පන්දු යැවීමේ බළඇණියට මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවී තිබේ. මොහොමඩ් අමීර්, මොහොමඩ් අබ්බාස් සහ හසන් අලී මේ දිනවල විශිෂ්ට පන්දු යැවීමක නිරත වන අතර දඟ පන්දු යවන්නා වන යසීර් ෂා ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක්වී තිබේ.
අද තරගයේදී දිමුත් සමග කෞෂාල් සිල්වා හෝ නවක සධීර සමරවික්‍රම ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇති අතර පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, තිරිමාන්න, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇතැයි වාර්තාවේ.
වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරන අතර දඟ පන්දු යවන්නන් ලෙස රංගන සහ දිල්රුවන් හෝ සඳකැන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පාකිස්තානු පිතිකරුවන් ලෙස අසාර් අලී, ෂාන් මසූඩ්, අසාඩ් ෂෆීක්, බාබර් අසාම්, සමී අස්ලාම්, සෆ්රාස් අහමඩ් සමග බිලාල් අසීෆ් හෝ හැරිස් සොහේල් ක්‍රීඩා කරති.
පන්දු යවන්නන් ලෙස අමීර්, මොහොමඩ් අබ්බාස්, හසන් අලී සමග යසීර් ෂා ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන දෙපි‍ලේම නායකයන් පවසන්නේ හොඳ තරගයක් ලබාදීමට තම කණ්ඩායම් සූදානමින් පසුවන බවයි.
 
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන්සි ල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු ගමගේ
 
පාකිස්තානු සංචිතය 
සෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෂාන් මසූඩ්, සමී අස්ලාම්, බාබර් අසාම්, අසාඩ් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මාන් සලහුඩීන්, යසීර් ෂා, මොහොමඩ් අස්ගාර්, බිලාල් අසීෆ්, මීර් හම්සා, මොහොමඩ් අමීර්, හසන් අලී, මොහොමඩ් අබ්බාස්, වහාබ් රියාස්  

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 25 වැනි වරටත් සංවිධානය කරන වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා පැවැති තරගවලදී නැවතත් පන්දුවෙන් දස්කම් දක්වමින් හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව ලකුණු 20කට කඩුලු 6ක් දවාලීමට මාස් යුනිචෙලා පි‍ලේ වමත් පා දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න සමත්විය.
මෙම තරගයකදී සම්පත් බැංකු පි‍ලේ දසුන් ශානක කැන්රිච් ෆිනෑන්ස් පිලට එරෙහිව පන්දු 105කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 107ක් රැස් කළේය. 
හේලීස් පිලට එරෙහිව ලකුණු 112ක ජයක් ලැබූ කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් පිල මෙවර තරගවාරයේ අපරාජිතව ලැබූ 6වැනි ජය වාර්තා කළ අතර, හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව කඩුලු 8ක ජයක් ලැබූ මාස් යුනිචෙලා අපරාජිතව සිය 5වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
මෙම තරගවලදී ඩිල්ෂාන් මුණවීර (කොමර්ෂල් කේ‍රඩිට්), ළහිරු උදාර (එල්.බි. ෆිනෑන්ස්), ඩිලාන් ජයලත් (ටීජේ ලංකා), රොමේෂ් බුද්ධික (සම්පත් බැංකුව), ජෙහාන් මුබාරක් (කොමර්ෂල් කේ‍රඩිට්), අශාන් ප්‍රියංජන් (කොමර්ෂල් කේ‍රඩිට්), කසුන් විදුර (කැන්රිච් ෆිනෑන්ස්), කවිඳු කුලසේකර (කැන්රිච් ෆිනෑන්ස්) සහ සචිත්‍ර සේරසිංහ (හේලීස්) අර්ධ ශතක රැස් කළහ.
මධුක ලියනපතිරණගේ (ජෝන් කීල්ස්) සහ සුරාජ් රන්දිව් (කොමර්ෂල් කේ‍රඩිට්) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
මාස් යුනිචෙලා-හැටන් නැෂනල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව: 76 (පන්දුවාර 27.2) නවිඳු නිර්මාල් 19, දුවිඳු තිලකරත්න 6/20
මාස් යුනිචෙලා: 78/2 (පන්දුවාර 8.3) තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 35, රමිත් රඹුක්වැල්ල 35
මාස් යුනිචෙලාට කඩුලු 8ක ජයක්.
 
ජෝන් කීල්ස්-ඩිමෝ
ඩිමෝ: 95 (පන්දුවාර 34) ලසිත් අබේරත්න 24, මධුක ලියනපතිරණගේ 4/9, භානුක රාජපක්ෂ 2/10, චාමිකර එදිරිසිංහ 2/10, විකුම් සංජය බණ්ඩාර 2/40
ජෝන් කීල්ස්: 97/2 (පන්දුවාර 14.1) ලසිත් ලක්ෂාන් නොදැවී 37, සඳුන් වීරක්කොඩි 37
ජෝන් කීල්ස් පිලට කඩුලු 8ක ජයක්.
 
ටී. ජේ. ලංකා - එල්.බි. ෆිනෑන්ස්
එල්.බි. ෆිනෑන්ස්: 140 (පන්දුවාර 29.3) ළහිරු උදාර 68, උපුල් බණ්ඩාර 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 3/33
ටී.ජේ. ලංකා: 146/3 (පන්දුවාර 22.3) ඩිලාන් ජයලත් නොදැවී 62, චරිත් අසලක 44, ඇන්ජෙලෝ පෙරේරා 2/16
ටී. ජේ. ලංකා පිලට කඩුලු 7ක ජයක්.
 
සම්පත් බැංකුව - කැන්රිච් ෆිනෑන්ස්
සම්පත් බැංකුව: 280/9 (පන්දුවාර 50) දසුන් ශානක 107, රොමේෂ් බුද්ධික 54,  අවිෂ්ක ප්‍රනාන්දු 47, සාරග රාජගුරු 3/49, කසුන් විදුර 2/41, ප්‍රමෝද් මධුෂාන් 2/68
කැන්රිච් ෆිනෑන්ස්: 229 (පන්දුවාර 48) කසුන් විදුර 67, කවිඳු කුලසේකර 64, අලංකාර අසංක 24, තරිඳු කෞශාල් 3/33, කසුන් රාජිත 2/43
සම්පත් බැංකුවට ලකුණු 51ක ජයක්.
 
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්-හේලීස්
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්: 325 (පන්දුවාර 50) ඩිල්ෂාන් මුණවීර 90, ජෙහාන් මුබාරක් 77, අශාන් ප්‍රියංජන් 71, ඉමේෂ් උදයංග 20, චානක රුවන්සිරි 2/61, සචිත්‍ර සේරසිංහ 2/74
හේලීස්: 213 (පන්දුවාර 45.4) සචිත්‍ර සේරසිංහ 56, ඇන්ඩි සොලමන් 36, මධුරංග සොයිසා 33, හර්ෂ රාජපක්ෂ 33, චානක රුවන්සිරි 33, සුරාජ්රන්දිව් 4/31, ඉමේෂ් උදයංග 2/49
කොමර්ෂල් කේ‍රඩිට් පිලට ලකුණු 112ක ජයක්.
(පමෝද්)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 11වැනි “ප්‍රීමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම පි‍ලේ වමත් වේගපන්දු යවන ටෙහාන් පෙරේරා සමත්විය.

මෙම තරගයකදී උතුරු පළාත් පිලට එරෙහිව පන්දු 89කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 100ක් රැස්කළ දකුණු පළාත් පි‍ලේ නවෝද් පරණවිතාන මෙවර තරගාවලියේ දෙවැනි ශතකලාභියා බවට පත්විය.
මෙවර තරගවාරයේ තම දෙවැනි අර්ධ ශතකය රැස් කිරීමට ඌව පළාත් පි‍ලේ ලෂේන් කෙනුල සමත්විය.
ෂෙවොන් නිමන්ත (නැගෙනහිර පළාත) තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, කවිඳු ලක්ෂාන් (ඌව පළාත) පන්දුවෙන් දස්කම් දැක්වීය. 
මෙම තරගවලදී බස්නාහිර මධ්‍යම, ඌව පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත, බස්නාහිර දකුණ පිටත, බස්නාහිර උතුර සහ බස්නාහිර මධ්‍යම ජය වාර්තා කළේය.
 
බස්නාහිර මධ්‍යම-බස්නාහිර උතුර
බස්නාහිර පළාත් මධ්‍යම: 175 (පන්දුවාර 35.1) අමිත දාබරේ 53, පවන් රත්නායක 39, ශෂික නිර්මාල් 39, භවන්ත ජයසිංහ 20, ටෙහාන් පෙරේරා 4/36, ලසිත් ච්ෙතක 2/26, දිනෙත් සමරනායක 2/30 
බස්නාහිර උතුර: 137 (පන්දුවාර 33.2) යෙසිත් රූපසිංහ 56, ටෙහාන් පෙරේරා 23, සම්පත් නිශ්ශංක 2/27
බස්නාහිර මධ්‍යම පිලට ලකුණු 38ක ජයක්.
 
ඌව පළාත-නැගෙනහිර පළාත
ඌව පළාත: 195/9 (පන්දුවාර 50) ලෂේන් කෙනුල 81, සවිත් බස්නායක 26, තෙවින් අමරසිංහ 24, ෂෙවොන් නිමන්ත 5/24, මනුල ගිත්මිණ 2/29
නැගෙනහිර පළාත: 122 (පන්දුවාර 36.1) ෂෙවොන් නිමන්ත 56, කවිඳු ලක්ෂාන් 6/23, ලෂේන් කෙනුල 3/10
ඌව පළාත් පිලට ලකුණු 73ක ජයක්.
 
දකුණු පළාත-උතුරු පළාත
දකුණු පළාත:  299 (පන්දුවාර 49.5) නවෝද් පරණවිතාන 100, පවන් සංදේෂ් 76, පී. දිනෝෂන් 3/55, පී. ජෙතූර්ෂන් 2/37, ඩී. ඩැනිසියස් 2/72
උතුරු පළාත: 79 (පන්දුවාර 30.5) ඩී. ජොනතන් 46, කුෂාන් මධූෂ 2/7, ලොහාන් අරෝෂණ 2/12, නවිඳු පැහැසර 2/17, මනූෂ සචින්ත 2/25
දකුණු පළාත් පිලට ලකුණු 220ක ජයක්.
 
මධ්‍යම පළාත-වයඹ පළාත
මධ්‍යම පළාත: 204/9 (පන්දුවාර 50) ගිහාන් ඊබට් 50, අසිත වන්නිනායක 37, චමිඳු වික්‍රමසිංහ 26, රිශී අධිෂ්ඨාන් 3/28
වයඹ පළාත: 106 (පන්දුවාර 45.5) තිමාෂ් ප්‍රියාන් 22, අභිෂේක් ආනන්දකුමාර් 3/15, තුෂාන් හේරත් 3/17, රනුද සෝමරත්න 2/6, අසිත වන්නිනායක 2/24
මධ්‍යම පළාත් පිලට ලකුණු 98ක ජයක්.
 
බස්නාහිර දකුණ පිටත-නැගෙනහිර පළාත
බස්නාහිර පළාත් දකුණ (පිටත): 239 (පන්දුවාර 50) චාරුක ජයතිලක 61, අමිල පෙරේරා 58, රන්දුල දසුන් 40, මිතිල තෙනුර 23, ඉෂාන් කුමාර 3/60, මනුල ගිත්මිණ 2/31, ෂෙවොන් නිමන්ත 2/33, එස්. ෂහීතරන් 3/36
නැගෙනහිර පළාත: 102 (පන්දුවාර 36) ෂෙවොන් නිමන්ත 31, බිම්සර භානුක 21, හේෂාන් උමින්ද 3/12, චාරුක ජයතිලක 3/20, දිනුක අනුපමාල් 3/30
බස්නාහිර දකුණ පිටත පිලට ලකුණු 137ක ජයක්.
 
බස්නාහිර උතුර-උතුරු මැද
පළාත -උතුරු මැද පළාත:43 (පන්දුවාර 33.1) ලසිත් ච්ෙතන 3/7, දුනිත් වෙල්ලාලගේ 3/7 බස්නාහිර පළාත් උතුර:44/1 (පන්දුවාර 9.5) යෙසිත් රූපසිංහ 19, ඩිනාල් ඉෂේන් නොදැවී 18
බස්නාහිර උතුර පිලට කඩුලු 9ක ජයක්.
 
බස්නාහිර මධ්‍යම-බස්නාහිර උතුර පිටත
බස්නාහිර මධ්‍යම: 181/7 (පන්දුවාර 50) අමිත දාබරේ 70, භවන්ත ජයසිංහ නොදැවී 30, මනීන්ද්‍ර ජයතිලක නොදැවී 27, විනුක රූබසිංහ 24, තුෂාර මධුෂාන් 4/33
බස්නාහිර උතුර පිටත:132 (පන්දුවාර 46.3) සිහින සිතුමිණ නොදැවී 28, ශක්ති උදාර 2/20, සම්පත් නිශ්ශංක 2/22
බස්නාහිර පළාත් මධ්‍යම පිලට ලකුණු 49ක ජයක්.
 
පමෝද් ලසන්ත

සරවනමුත්තු ක්‍රීඩා මණ්ඩපයේ තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද නව කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් රුපියල් ලක්ෂ 16ක මුදලක් පිරිනමනු ලැබිය.
පී. සරවනමුත්තු ක්‍රීඩා මණ්ඩපයේ පැවැති නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් ධම්මික මහතා වෙත අදාල චෙක්පත පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

වසර 74ක දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට විශාල අඩුපාඩුවක්ව පවතින කාර්යාලයක් සහිත මූලස්ථානයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් තරග විනිසුරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික පතිරණ මහතා වෙත පරිත්‍යාග කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෑත කාලයේ විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පළ කර ඇති විවිධ චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24දා) තහවුරු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලස්ථානයේ පෙරේදා (23දා) පැවැති රැස්වීමකදී ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන් හට උපදෙස් ලබා දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන එම පරීක්ෂණය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස දැනුම් දී ඇත.
මෙම පරීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය.
“මෙවන් පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් ආරම්භ කිරීමට තීරණය කිරීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා”
“මෙම පරීක්ෂණයට අදාළව තොරතුරු ඇති සහ තොරතුරු දන්නා සියලු දෙනාට එම සියලුම තොරතුරු සහ සාක්ෂි ප්‍රකාශ කිරීම හා ලබා දීම මගින් මෙම පරීක්ෂණයට සහාය වෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.” එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානයට හා ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට අනවශ්‍ය ලෙස හානි පමුණුවීමකින් තොරව නිසි අයුරින් ක්‍රීඩාවේ දියුණුව සඳහා අප හට කටයුතු කළ හැකිවේ.
අපි විශ්වාස කරනවා පසුගිය කාලයේදී විවිධ අයුරින් දෝෂාරෝපණයන්ට ලක් වූ ජාතික ක්‍රීඩකයන් හට සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ද මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි කියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පරීක්ෂණය ඉතා කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සමීපව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් මෙම චෝදනා ලත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතා ඉක්මණින් නිම කර ඔවුන් හට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය නිදහස සහ මානසික ඒකාග්‍රතාවය ලබා දීමට කටයුතු කරනවා” යැයි එම නිවේදනයේ සඳහන් වේ.

මේ මස 28දා ආරම්භ වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් යුත් පාකිස්තානු සංචිතය නම්කර තිබේ.
සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පාකිස්තානු සුපිරි ක්‍රීඩක දෙපළක් වන යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් ඇතුළත් නොවන අතර, නවක ක්‍රීඩකයන් කිහිපදෙනකුටම අවස්ථාව හිමිවී තිබේ.
 
පාකිස්තානු ටෙස්ට් සංචිතය 
සෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෂාන් මසූඩ්, සමී අස්ලාම්, බාබර් අසාම්, අසාද් ෂෆීක්, හැරිස් සොහෙල්, උස්මාන් සලහුදීන්, යසීර් ෂා, මොහොමඩ් අස්ගාර්, බිලාල් අසීෆ්, මීර් හම්සා, මොහොමඩ් අමීර්, හසන් අලී, මොහොමඩ් අබ්බාස්, වහාබ් රියාස්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.