Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 25 වැනි වරටත් සංවිධානය කරන වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ 10 වැනි ඉරිදා  පැවැති තරගයකදී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මාස් යුනිචෙලා පි‍ලේ දුවිඳු තිලකරත්න සමත්විය.

කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ට එරෙහිව පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ දුවිඳු තිලකරත්න ලකුණු 30ට කඩුලු 6ක් බිඳ හෙළමින් මාස් යුනිචෙලා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
දුවිඳුගේ පන්දු යැවීම හමුවේ  කැන්රිච් ෆිනෑන්ස් ඉනිම ලකුණු 126කට සීමා වූ අතර, රමිත් රඹුක්වැල්ල නොදැවී ලකුණු 68ක් සහ ටී.එම්. සම්පත් ලකුණු 45ක් රැස් කරමින් මාස් යුනිචෙලා ජය තහවුරු කළහ.
මෙම තරගවලදී ජෝන් කීල්ස් කඩුලු 4කින් එල්.බි. ෆිනෑන්ස් පරාජය කළ අතර, කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් ලකුණු 61කින් සම්පත් බැංකුව පරාජය කළේය.

ජෝන් කීල්ස් ජයග්‍රහණය වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 77ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ විකුම් සංජය ලකුණු 25ට කඩුලු 4ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 31ට කඩුලු 3ක්ද බිඳ හෙළීය.
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් ජයග්‍රහණය වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ලකුණු 85ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු ලකුණු 22ට කඩුලු 3ක්ද, ඉමේෂ් උදයංග, ළහිරු ගමගේ සහ සචිත් පතිරණ කඩුලු 2ක බැගින් බිඳ හෙලූහ.

මෙම තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා පැවැති තරගවලදී හැටන් නැෂනල් බැංකුව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 37කින් කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ පරාජය කළ අතර, සම්පත් බැංකුව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 5කින් ඩීමෝ පරාජය කළේය.
ටී.ජේ. ලංකා සහ හේලීස් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

ජෝන් කීල්ස්-එල්.බි. ෆිනෑන්ස්
එල්.බි. ෆිනෑන්ස්: 159 (පන්දුවාර 37.1) ඉසුරු උදාන 43, චරිත් සුධාරක 32, විකුම් සංජය 4/25, භානුක රාජපක්ෂ 3/31
ජෝන් කීල්ස්: 162/6 (පන්දුවාර 33.2) දිමුත් කරුණාරත්න නොදැවී 77
ජෝන් කීල්ස්ට කඩුලු 4ක ජයක්.

මාස් යුනිචෙලා -  කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’
කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’: 126 (පන්දුවාර 38.2) පැතුම් නිශ්ශංක 27, දුවිඳු තිලකරත්න 6/30, දිල්රුවන් පෙරේරා 2/11
මාස් යුනිචෙලා: 129/2 (පන්දුවාර 17) රමිත් රඹුක්වැල්ල නොදැවී 68, ටී.එම්. සම්පත් 45
මාස් යුනිචෙලාට කඩුලු 8ක ජයක්.

කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස් - සම්පත් බැංකුව
කොමර්ෂල් කේ‍රඩිට් ෆිනෑන්ස්: 182 (පන්දුවාර 33.2) ඩිල්ෂාන් මුණවීර 85, වනිඳු හසරංග 27, තරිඳු කෞශාල් 3/23, ප්‍රභාත් ජයසූරිය 3/26, කසුන් රාජිත 2/19
සම්පත් බැංකුව: 121 (පන්දුවාර 29.3) සමීන් කඳනාරච්චි 25, අසිත ප්‍රනාන්දු 3/22, ඉමේෂ් උදයංග 2/1, ළහිරු ගමගේ 2/16, සචිත් පතිරණ 2/19
කොමර්ෂල් කේ‍රඩිට්ට ලකුණු 61ක ජයක්.

පමෝද් ලසන්ත

ආරාධිත ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු පිල අතර පළමු 20-20 ක්‍රිකට් තරගය අද (12දා) ලාහෝර්හිදී පැවැත්වේ. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය හෙට (13දා) සහ අවසන් තරගය 15දා ලාහෝර්හිදී පැවැත්වේ. පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබන අතර, ලෝක ක්‍රිකට් පිල ෆැෆ් ඩුප්ලෙසිස් විසින් මෙහෙයවනු ලබයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා ලෝක ක්‍රිකට් පිල නියෝජනය කරයි.

ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිලට එරෙහිව එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු විදෙස් කණ්ඩායම් පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්‍ෂේප කළ අතර නැවතත් පාකිස්තානයට ක්‍රිකට් තරග රැගෙන ඒමේ අරමුණෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

ලෝක ක්‍රිකට් පිල
ෆැෆ් ඩුප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, සැමුවෙල් බද්රි, ජෝර්ජ් බේලි, ‍පෝල් කොලින්වුඩ්, බෙන් කටින්, ග්‍රාන්ට් එළියට්, තමීම් ඉක්බාල්, ඩේවිඩ් මිලර්, මෝනි මෝකල්, ටිම් පේන්, තිසර පෙරේරා, ඉම්රාන් තහීර්, ඩැරන් සමී
පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අහමඩ් ෂෙෂාඩ්, බාබර් අසාම්, ෂොයබේ මලික්, උමාර් අමීන්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, අමර් යමීන්, මොහොමඩ් අමීර්, රූමන් රීස්, උස්මාන් ඛාන්, සොහෙල් ඛාන්

මේ මස අවසානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියේ තරග සටහන ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 5කින් සහ 20-20 තරග 3කින් සමන්විත වෙයි.
පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 28දා අබුඩාබිහිදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් 6දා ඩුබායිහිදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
මේ අනුව ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ ලාහෝර්හිදී තෙවැනි 20-20 ක්‍රිකට් තරගය පැවැත්වීම විශේෂත්වයකි.
 
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග සටහන
 
සැප්. 28 - ඔක්. 02 - පළමු ටෙස්ට් තරගය - අබුඩාබි
ඔක්. 6-10 - දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) - ඩුබායි
ඔක්. 13 - පළමු එක්දින තරගය - ඩුබායි
ඔක්. 16 - දෙවැනි එක්දින තරගය අබුඩාබි
ඔක්. 18 - තෙවැනි එක්දින තරගය - අබුඩාබි
ඔක්. 20 - සිව්වැනි එක්දින තරගය - සාජා
ඔක්. 23 - 5 වැනි එක්දින තරගය - සාජා
ඔක්. 26 - පළමු 20-20 තරගය - අබුඩාබි
ඔක්. 27 - දෙවැනි 20-20 තරගය-අබුඩාබි
ඔක්. 29 - තෙවැනි 20-20 තරගය-ලාහෝර්

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ලෝඩ්ස්හි පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබූ එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එක් කඩුල්ලක් දැවී අදාළ ඉලක්කය පසු කළේය.
මෙම තරගයේදී පළමු ඉනිමේ කඩුලු 6ක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ටෙස්ට් කඩුලු 500 සීමාව පසු කළ ජේම්ස් ඇන්ඩර්සන් සහ කොදෙව් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ෂායි හෝප් තරගාවලියේ වීරවරයන් ලෙස සම්මාන දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :- 
කොදෙව් මුල් ඉනිම - 123යි
කිරාන් පවෙල් 39, ෂායි හෝප් 29, බෙන් ස්ටෝක්ස් 22/6, ඇන්ඩර්සන් 31/2, රෝලන්ඩ් ජෝන්ස් 32/2
එංගලන්තය මුල් ඉනිම 194යි
ස්ටෝක්ස් 60, බ්‍රෝඩ් 38, කිමාර් රෝච් 72/5, ජේසන් හෝල්ඩර් 54/4
කොදෙව් දෙවැනි ඉනිම  177යි
කිරාන් පවෙල් 45, ෂායි හෝප් 62, ජේසන් හෝල්ඩර් 23, ඇන්ඩර්සන් 42/7, බ්‍රෝඩ් 35/2
එංගලන්තය දෙවැනි ඉනිම 107/1යි
මාක්ස් ස්ටෝන්මන් නොදැවී 40, ටොම් වෙස්ලි නොදැවී 44, බිෂූ 35/1

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමය සංවිධානය කරන වැඩමුළු 3ක් මෙම සති අන්තයේදී පැවැත්වේ.මේ අනුව වැඩමුළු 2ක් හෙට (9දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනෙක් වැඩමුළුව 10 වැනි ඉරිදා මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලබන ඔක්තෝබර් මස 1 වැනි දින සිට වෙනස් වන නව ක්‍රිකට් නීතිරීති, අයි.සී.සී. තරග කොන්දේසි සහ පාසල් ක්‍රිකට් තරග කොන්දේසි පිළිබඳව ක්‍රිකට් විනිසුරුවන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්වේ.
බස්නාහිර පළාත් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දකුණු පළාත් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මධ්‍යම පළාත් සහ කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන් සඳහා වැඩමුළුව ඉරිදා (10දා) අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වැඩමුළු තුනම පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
මෙම වැඩමුළු මාලාවේ සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් වැඩමුළු මේ වන විට පවත්වා අවසන්ව ඇත.

(පමෝද්)

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව තුළින් මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පළමු කොටසේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාසල්හි ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් වින්ටේජ් ක්‍රිකටර්ස් සර්කල් විසින් සංවිධානය කළ වැඩමුළුවක් කොළඹ වෙළෙද සේවා ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් වන රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන සහ මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීනම ක්‍රිකට් පුහුණුකරුවකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ‍ලේකම් කපිල ජයලත්, ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිත ගාමිණී වික්‍රමසිංහ මහතා ද සහභාවූහ.

(පමෝද්)

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 55

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2332

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3307

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3560

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1441

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3435

Please publish modules in offcanvas position.