Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (8දා) ශ්‍රී ලංකා මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 482ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ලකුණු 262කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
මේ අනුව මුල් ඉනිමේ ලකුණු 220ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් දිනය නිමා වන විට කඩුළු 5ක් දැවී 34ක් ලබා යම් පසු බෑමට ලක් විය. 
ශ්‍රී ලංකා පිතිකරුවන් මුල් ඉනිමේ දැක්වූ විශිෂ්ට දක්ෂතාවයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය යුතුකම් ඉටු කිරීමට සමත් වීමෙන් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයක පසුවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් රංගන සහ දිල්රුවන් කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර, ලක්මාල් සහ ගමගේ කඩුලු 2 බැගින් බිඳ හෙළීය.
ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න පන්දු 405කදී හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 196ක් ලබා සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට සමත් විය. 
දිමුත්ට අනගි සහයක් දුන් නායක චන්දිමාල් ලකුණු 62ක් වාර්තා කළ අතර, දිමුත් සහ චන්දිමාල් අතර සිව්වැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 146ක් විය.
ඉන්පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 52ක් ලැබූ අතර, 5 වැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 88ක් විය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් දිල්රුවන් පෙරේරා ලකුණු 58ක් ලැබූ අතර, රංගන නොදැවී ලකුණු 27ක් වාර්තා කළේය.
පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් යසීර් ෂා කඩුලු 6ක් බිද හෙලූ අතර, මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් බිද හෙළීය.
පාකිස්තානු මුල් ඉනිමේදී ෂාන් මසූඩ් සහ සමී අස්ලාම් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක් තැබූවද අස්ලාම් දැවී යාමෙන් පසු ඉනිම බිඳ වැටුණි.
අස්ලාම් ලකුණු 39කට දිල්රුවන්ට ගොදුරු වූ අතර, ෂාන් මසූඩ් ලහිරු ගමගේගේ පළමු ටෙස්ට් කඩුල්ල බවට පත්විය.
අසාඩ් ෂෆීක් ලක්මාල් හමුවේ ලකුණු 12කට දැවී ගිය අතර, බාබර් අසාම් ලකුණු 8කට දවාගත් රංගන ලකුණු 59ක් ලැබූ අසාර් අලී දවා ගැනීමෙන් 5 වැනි කඩුල්ල ලකුණු 180දී බිඳ වැටුණි. 
සෆ්රාස් අහමඩ් ලකුණු 14කට දවාගත් දිල්රුවන් සාර්ථක ඉනිමක නිරත වූ හැරිස් සොහෙල් ලකුණු 56කට දවා ගැනීමෙන් පාකිස්තානයේ කඩුලු 7ක් ලකුණු 24ක් තුළ බිඳ වැටුණි.
සිය තෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් අමීර් ලකුණු 7කට දවා ගැනීමට රංගන සමත් වූ අතර, 9 වැනි කඩුල්ල ලෙස වහාබ් රියාස් ලකුණු 16කට පිටියෙන් ඉවත් කිරීමට ලහිරු ගමගේ සමත් විය.
යසීර් ෂා ගේ කඩුල්ල දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීමෙන් පාකිස්තානු මුල් ඉනිම ලකුණු 262කට අවසන් විය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ක්‍රිකට් තරගයකදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ මීපාවල අමරසූරිය විද්‍යාලයේ ඉඳුවර උදේන ලකුණු 15ට කඩුලු 13ක් සහ ලකුණු 75ක් වාර්තා කළේය.
මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 8කට කඩුලු 5ක් බිඳ හෙලූ ඉඳුවර උදේන පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 75ක්ද වාර්තා කළේය. යළිත් ක්‍රියාත්මක වූ ඉඳුවර උදේන දෙවැනි ඉනිමේදී ලකුණු 7ට කඩුලු 8ක් බිඳ හෙළමින් මීපාවල අමරසූරිය විද්‍යාලයේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
රත්නපුර ශා. ඇලෝසියස් විද්‍යාලයේ විහර අත්තනායක (138), තුහින හඳගල (නොදැවී 105) සහ කොළඹ රාජකීය ‘බි’ පි‍ලේ අශේන්ද්‍ර සිරිවර්ධන (නොදැවී 102) ශතක වාර්තා කළහ.
 
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර - මීපාවල අමරසූරිය
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර: පළමු ඉනිම - 52 (පන්දුවාර 35) විහඟ සත්සර 28, ඉඳුවර උදේන 5/8, කවිෂ්ක ධනුජය 3/9
මීපාවල අමරසූරිය: පළමු ඉනිම - 120/6 (පන්දුවාර 31.2) ඉඳුවර උදේන 75, පසිඳු මනෝහර 30, එස්. තනුෂ්ක 2/17, චනුල් තියෝග 2/25)
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර: දෙවැනි ඉනිම - 18 (පන්දුවාර 25) ඉඳුවර උදේන 8/7, මතීෂ ඉන්දීවර 2/3
මීපාවල අමරසූරිය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 50ක ජයක්.
 
රත්නපුර ශා. ඇලෝසියස් - මොණරාගල රාජකීය
මොණරාගල රාජකීය: පළමු ඉනිම - 231 (පන්දුවාර 46.5) චමෝද සංතුෂ 62, චාමික දෙනුවන් 27, එරන්දිමාල් විතාරණ 20, දසුල් නාරංගොඩ 3/25, කණිෂ්ක වඩුගේ 3/53
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 350/2 (පන්දුවාර 39) විහර අත්තනායක 138, තුහින හඳගල නොදැවී 105, නඳුල චාමිකර 65
ශා. ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
රාජකීය ‘බි’- දළුගම ශා. ප්‍රැන්සිස්
රාජකීය ‘බි’: පළමු ඉනිම - 185/1 (පන්දුවාර 30) අශේන්ද්‍ර සිරිවර්ධන නොදැවී 102, කෙවින් පනාපිටිය 33, නෙතුල් තෙන්නකෝන් නොදැවී 30
ශා. ප්‍රැන්සිස්: පළමු ඉනිම - 28 (පන්දුවාර 20.5) විනුග ප්‍රේමවර්ධන 5/5, කවීෂ අමරසිංහ 3/2
ශා. ප්‍රැන්සිස්: දෙවැනි ඉනිම - 10/2 (පන්දුවාර 6.2)
රාජකීය ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
පාදුක්ක සිරි පියරතන - හෝමාගම මහින්ද රාජපක්ෂ
සිරි පියරතන: පළමු ඉනිම - 84 (පන්දුවාර 28.1) ලෝචන නාඋල්ල 34, සත්මින් සිත්සර 6/19, නිළුපුල් ලියනගේ 3/15
මහින්ද රාජපක්ෂ: පළමු ඉනිම - 163/8 (පන්දුවාර 42) ජනුල් ජයවීර 36, සත්මින් සිත්සර 25, ලොචන නාඋල්ල 3/32, රුක්ෂාන් බණ්ඩාර 2/20
සිරි පියරතන: දෙවැනි ඉනිම - 136/9 (පන්දුවාර 20.3) මලිත් කුමාර 48, ලසිත් තිමිර 38, සත්මින් සිත්සර 3/30, නිළුපුල් ලියනගේ 2/54
මහින්ද රාජපක්ෂ: දෙවැනි ඉනිම - 58/4 (පන්දුවාර 7.4) සත්මින් සිත්සර නොදැවී 33, මලිත් කුමාර 2/24 
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
 
කටුගස්තොට ශා. අන්තෝනි ‘බි’- හලාවත ශා. මරියා
ශා. මරියා: පළමු ඉනිම - 200/7 (පන්දුවාර 55) කවීන් විජේසූරිය 74, ආකාෂ් ධනංජය 46, එස්. සබිෂාන් 3/31
ශා. අන්තෝනි: පළමු ඉනිම - 137/5 (පන්දුවාර 36) මොහොමඩ් කයිෆ් 41, මොහොමඩ් අබුබකර් නොදැවී 28, මොහොමඩ් ෂාහාද් 20, කවීෂ ප්‍රනාන්දු 3/22
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලද ජයග්‍රහණය පසුගිය කාලයේදී සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල තරග 3-0කින් ශ්‍රී ලංකාවේදී පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පසුබැසීමට ලක්වූ අතර, යළිත් ජය මාවතට පිවිසි චන්දිමාල් ප්‍රමුඛ බළඇණිය සටන්කාමී ජයක් ලබා දුන්නේය.
මෙම තරගයේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් මුල් ඉනිමේදී නොදැවී ලකුණු 155ක් රැස් කළ චන්දිමාල් සියලුම ක්‍රීඩකයන් ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපවීම ඉහළින් අගය කළේය.
‘සියලුම ක්‍රීඩකයන් දැඩි කැපවීමකින් පුහුණු වුණා. ඉන්දීය පරාජයෙන් පස්සේ අපිට ටෙස්ට් ජයක් අත්‍යවශ්‍ය වෙලයි තිබුණේ. හැමෝම හොඳ අධිෂ්ඨානයකින් හිටියේ. අවසානයේ අපේ කැපවීමේ ප්‍රතිඵලය ලැබුණා’ යැයි චන්දිමාල් පවසයි.
මෙම ජයග්‍රහණයේ ගෞරවය සියලුම ක්‍රීඩකයන්ට මෙන්ම කළමනාකාරීත්වයටද හිමිවන බව පවසන චන්දිමාල් තරගාවලිය පුරා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්වීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.
සිව්වැනි දිනය අවසානයේදී ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් දැවී ගිය අතර, ඉන්පසු පිටියේ දස්කම් දැක්වූ දික්වැල්ල දැක්වූ දක්ෂතාවය චන්දිමාල්ගේ ඇගයීමට ලක්විය.
‘සිව්වැනි දිනයේ නොසිතූ ලෙස කඩුලු වැටුණා. අපිට ලකුණු 160ක් තිබුණොත් රංගන ඉන්න නිසා සටනක් දෙන්න පුළුවන් බව දැනගෙන හිටියා. කඩුලු වැටුණත් දික්වැල්ල විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා සටනක් දෙන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා දුන්නා. අවසානයේ රංගන ඒ දේ කළා’ යැයි චන්දිමාල් පවසයි.
රංගන හේරත් සැබෑ වීරයකු බවත්, ඔහු තමන්ගේ ටෙස්ට් දිවිය පුරාම ශ්‍රී ලංකා පි‍ලේ සිටිනු දැකීම තම අපේක්ෂාව බවද චන්දිමාල් පවසයි.
සිය ටෙස්ට් දිවියේ කඩුලු 400 සීමාව පසු කරමින් එම දස්කම කළ ලොව පළමු වමත් දඟපන්දු යවන්නා බවට පත්වූ රංගන පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලු 100 සීමාවද පසු කළේය. 
රංගන විශිෂ්ට ක්‍රීඩකයකු බවත්, ඔහු සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් සෙසු ක්‍රීඩකයන්ට ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බවත් පැවැසූ චන්දිමාල් ඔහුට හැකි උපරිම කාලය ක්‍රීඩා කරනු ඇතැයි පැවැසීය.
මෙහිදී ජය පරාජය දෙකේදීම ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් රැඳී සිටි සියලුම ක්‍රීඩා ලෝලීන්ට දිනේෂ් චන්දිමාල් සිය ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 11 වැනි “පී්‍රමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමට පසුගිය වසරේ අනුශූරතාව දිනාගත් බස්නාහිර පළාත් මධ්‍යම පිල සහ බස්නාහිර පළාත් දකුණ පිල සමත් විය.
අපරාජිත බස්නාහිර පළාත් දකුණ පිල තරග 5කට සහභාගි වී  තරග 4ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ප්‍රසාද ලකුණු 3ක් ද සමගින් ලකුණු 21ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් සටනට පිවිසුණි.
පළමු වටයේ අවසන් තරගය දක්වා ‘ඒ’ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි දකුණු පළාත් පිල අභිබවමින් බස්නාහිර දකුණ අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණි.
පළමු වටයේ අවසන් තරගයේදී දකුණු පළාත් පිලට එරෙහිව ලකුණු 67ක ජයක් වාර්තා කළ බස්නාහිර දකුණ පිටත  ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනාගත් අතර, දකුණු පළාත් පිල තෙවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ පළමු වටය ආරම්භයේ සිටම ‘බි’ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන බස්නාහිර පළාත් මධ්‍යම පිල තරග 5කට සහභාගිවී එම තරග 5ම ජයගෙන අපරාජිතව ප්‍රසාද ලකුණු 4ක් ද සමගින් ලකුණු 24ක් රැස් කරගෙන ‘බි’ කාණ්ඩයේ ශූරයන් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලැබිය.
පළමු වටයේ අවසන් තරගයකදී බස්නාහිර පළාත් මධ්‍යම පිල මධ්‍යම පළාත් පිලට එරෙහිව ලකුණු 25ක ජයක් වාර්තා කළේය.
බස්නාහිර පළාත් දකුණ පිල උතුරු පළාත් පිලට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබූ අතර, බස්නාහිර පළාත් උතුර සහ බස්නාහිර පළාත් උතුර පිටත පිල අතර පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය.
බස්නාහිර පළාත් දකුණ පිල සහ බස්නාහිර පළාත් මධ්‍යම පිල අතර අවසන් තරගය දෙදින තරගයක් ලෙසින් ලබන 6 සහ 7 දා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. මෙම තරගය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
 
බස්නාහිර මධ්‍යම-මධ්‍යම පළාත
බස්නාහිර මධ්‍යම: 232 (පන්දුවාර 47.2) ටෂික නිර්මාල් 97, නිමාන් උමේෂ් 338, විනුක රූබසිංහ 27, ටිෂාන් හේරත් 3/39, සත්සර නවෝද් 2/29
මධ්‍යම පළාත: 207 (පන්දුවාර 48.3) චමිඳු වික්‍රමසිංහ 74, අභිෂේක් ආනන්දකුමාර් 59, ශක්ති උදාර 2/35, අමිත දාබරේ 2/39, සම්පත් නිශ්ශංක 2/50
බස්නාහිර මධ්‍යම පිලට ලකුණු 25ක ජයක්.
 
බස්නාහිර උතුර-බස්නාහිර උතුර පිටත
බස්නාහිර උතුර: 180 (පන්දුවාර 45.3) රවීන් ද සිල්වා 60, ලසිත් ච්ෙතක 25, දිනෙත් සත්සර 3/33, සිතුම් සිතුමිණ 3/38
බස්නාහිර පළාත් උතුර පිටත : 43/3 (පන්දුවාර 13)
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
බස්නාහිර දකුණ පිටත-දකුණු පළාත
බස්නාහිර දකුණ පිටත: 213 (පන්දුවාර 50) ෂෙවොන් ෆොන්සේකා 66, අමිල පෙරේරා 24, මිතිර තෙනුර 22, ලක්ෂාන් ජයසිංහ 3/40, නවිඳු පැහැසර 2/21, ලොහාන් අරෝෂණ 2/25
දකුණු පළාත: 146 (පන්දුවාර 35.4) කවිඳු නිර්මාණ නොදැවී 32, සුදීර වීරරත්න 26, චාරුක ජයතිලක 4/33, හේෂාන් උමින්ද 2/25
බස්නාහිර දකුණ පිටත පිලට ලකුණු 67ක ජයක්.
 
බස්නාහිර දකුණ-උතුරු පළාත
උතුරු පළාත: 154 (පන්දුවාර 49.2) ටී. දිනෝෂාන් 55, බෙහාන ඉනුක 3/29
බස්නාහිර දකුණ: 155/3 (පන්දුවාර 20.4) විශුද් පෙරේරා නොදැවී 52, දිනුර ප්‍රනාන්දු 40, විනුජ රන්පුල් නොදැවී 29, එස්. ෂහීර්තන් 4/20, ඉෂාන් කුමාර 3/58, මනුල ගෙත්මිණ 2/23
බස්නාහිර දකුණ පිලට කඩුලු 7ක ජයක්.
 
පමෝද් ලසන්ත

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අබුඩාබිහිදී පැවැති පළමු තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඊයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 138කට සීමා වූ අතර, ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණි.

පළමු දින හතරේදී දෙපිලම ලකුණු 400 බැගින් රැස් කළද අවසන් දිනයේදී එම තණතීරුවේදීම කඩුලු 16ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

යළිත් වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුල් ඉනිමේ කඩුලු 5ක්ද, දෙවැනි ඉනිමේ කඩුලු 6ක්ද සහිතව කඩුලු 11ක් ලබාගත් රංගන හේරත් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
මොහොමඩ් අබ්බාස්ගේ කඩුල්ල දවා ගත් රංගන හේරත් සිය ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ල සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ජයද තහවුරු කරමින් තරගයේ වීරයා බවට පත්විය.

දෙවැනි ඉනිමේ දස්කමත් සමග රංගන කඩුලු 5ක් ලබාගත් 33 වැනි අවස්ථාව වාර්තා කළ අතර, තරගයකදී කඩුලු 10ක් ලබාගත් 9 වැනි අවස්ථාව ලෙසද වාර්තා ‍පොතට එක්විය.
රංගන හේරත්ට අනගි සහයක් ලබා දුන් දිල්රුවන් පෙරේරා ලකුණු 46ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳ දැමීය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ නායක චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්නගේ මුල් ඉනිමේ දස්කම් ජයග්‍රහණයට ප්‍රබල ලෙස දායක විය.
යසීර් ෂාගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම බිඳ වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 138ක් රැස්කර ගත හැකිවිය. මෙම ඉනිමේදී යසීර් ෂා ලකුණු 51ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තානු ඉනිම බිඳ වැටුණු අතර, හැරිස් සොහෙල් දෙවැනි ඉනිමේදීද පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 34ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 6දා සිට 10දා දක්වා දිවා රාත්‍රී තරගයක් ලෙස ඩුබායිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (01දා) දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 69ක් ලබා කඩුලු 6ක් අතැතිව ලකුණු 66ක් ඉදිරියෙන් පසුවිය.
ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 419ට පිළිතුරු වශයෙන් පාකිස්තානය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 422ක් රැස් කිරීමට සමත් වූ අතර, පාකිස්තානු දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පෙර පෙළ බිඳවැටුණි. 
මුල් ඉනිමේ ශතකලාභී චන්දිමාල් ඇතුළු පෙර පෙළ පිතිකරුවන් සිව්දෙනකු දැවී ගිය අතර, අද කඩුල්‍ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් සහ මීළඟට පිටියට පිවිසීමට සිටින නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමේ වගකීම පැවැරී තිබේ.
ඊයේ සිය ටෙස්ට් දිවියේ 32 වැනි වරටත් කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාව සනිටුහන් කළ රංගන හේරත් සිය ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 394 දක්වා ඉහළ නංවා ගත්තේය.
පාකිස්තානය වෙනුවෙන් පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ හැරිස් සොහේල් ලකුණු 76ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසු කිරීමට ප්‍රබල ලෙස දායක විය.
පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන සමී අස්ලාම් (51) සහ ෂාන් මසූඩ් (59) අර්ධ ශතක වාර්තා කරමින් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සම්බන්ධතාවක් තැබූ අතර, සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අසාර් අලී පන්දු 226කදී හතරේ පහර 4ක් සහිතව ලකුණු 85ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රංගන කඩුලු 5ක්ද, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින්ද, දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද බිඳ දැමූ අතර, ලක්ෂාන් සඳකැන්ට කඩුලු හිමි නොවීය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිමුත් (10) සහ චන්දිමාල් (7) පිටියෙන් ඉවත් කිරීමට යසීර් ෂා සමත් වූ අතර, යළිත් අසාර්ථක වූ තිරිමාන්නගේ කඩුල්ල අසාඩ් ෂෆීක්ටද, කෞෂාල් සිල්වාගේ (25) කඩුල්ල හැරිස් සොහේල්ටද හිමි විය.
අද තරගයේ අවසන් දිනයයි.

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 555

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1421

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3255

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2621

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3800

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4792

Please publish modules in offcanvas position.