Coss Ear2
lakbima.lk
COSS Ear 1

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ඇරඹි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පලමු අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක්ග්‍රහණයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. 
එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 195කට සීමා වූ අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම කිසිවකු නොදැවී එම ඉල්ක්කය රැස් කරමින් ජයග්‍රහණය ලැබීමට සමත් විය. 
කැමරන් බෙන්කේ‍රාෆ්ට් (82) සහ ඩේවිඩ් වෝනර් (87) නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 170ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් ජය මාවත විවර කළහ.
මිචෙල් ස්ටාර්ක්, ජොස් හේසල්වුඩ් සහ නේතන් ලයන් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් එංගලන්ත දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ඕස්ට්‍රේලියානු මුල් ඉනිම වෙනුවෙන් නායක ස්ටීවන් ස්මිත් මිනිත්තු 512ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 326කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 141ක් වාර්තා කළ අතර, ෂෝන් මාෂ් අර්ධ ශතකයක් (51) වාර්තා කළේය.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය මුල් ඉනිම - 302යි
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම - 328යි
ස්මිත් (නොදැවී) 141, මාෂ් 51, කමින්ස් 42, බ්‍රෝඩ් 49/3, ඇන්ඩර්සන් 50/2, අලී 74/2
එංගලන්තය දෙවැනි ඉනිම - 195යි
ජෝ රූට් 51, මොයින් අලී 40, බේස්ටෝව් 42, ස්ටාර්ක් 51/3, හේසල්වුඩ් 46/3, ලයන් 67/3
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 114/0යි
බෙන්ක්‍රාෆ්ට් (නොදැවී) 51, වෝනර් (නොදැවී) 60

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට වැරදිකරු වූ දසුන් ශානකට තරග මුදලින් 75% ක දඩයක් නියම කර තිබේ.
මේ අතර ඔහුගේ වරදට දඬුවම් ලකුණු 3 ක් එක් කිරීමටද පියවර ගත් බව අයි.සී.සී.ය නිවේදනය කරයි.
ඉන්දීය ඉනිමේ 50 වැනි පන්දුවාරයේදී දසුන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කළ බව ඔප්පුවී තිබේ.
තරග තීරක ඩේවිඩ් බූන් සහ විනිසුරුවන් අදාළ සිදුවීම පරීක්ෂා කිරීමෙන් පසු අදාළ දඬුවම පනවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24දා) නාග්පූර්හිදී ආරම්භ වෙයි.
පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා තරගාවලියේ පෙරමුණ ගැනීමට අද තරගය දෙපිලටම වැදගත් වී තිබේ.
අද තරගය සඳහාද වේගපන්දු යවන්නන්ට වාසිදායක කොළ පැහැති තණතීරුවක් ලබාදී ඇති බව අලුත්ම වාර්තා සඳහන් කරයි.
මෙම තරගයට පෞද්ගලික හේතූන් මත ඉන්දීය පි‍ලේ ප්‍රබල ක්‍රීඩකයන් වන ෂිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් ක්‍රීඩා නොකරති.
ධවාන් පළමු තරගයේදී දෙවැනි ඉනිමේදී ලකුණු 94ක් වාර්තා කළ අතර, තරගයේදී කඩුලු 8ක් බිඳ හෙලූ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා විය.
මේ අනුව අද තරගයට මුරලි විජේ සහ ඉෂන්ට් ෂර්මා ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පි‍ලේ ද අද වෙනස්කම් 2ක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මේ අනුව පළමු තරගයේදී අසාර්ථක වූ සධීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිලවා ද, ලහිරු ගමගේ වෙනුවට විශ්ව ප්‍රනාන්දු ද ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.
කෙසේ වුවද අද පෙරවරුවේ අවසන් වරට තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර අද දිමුත්, මැතිව්ස් සහ චන්දිමාල්ගෙන් දිගු ඉනිමක් අනිවාර්ය වී තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා නායක දිනේෂ්  චන්දිමාල් පවසන්නේ හොඳ තරගයක් ලබා දීමට තම පිල සූදානමින් පසුවන බවයි.
තරගය අද පෙ.ව. 9.30ට අරම්භ වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා

ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාත් කෝලි (නායක), ලෝකේශ් රාහුල්, මුරලි විජේ, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, රෝහිත් ෂර්මා, විදිමන් සහා, රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, මොහොමඩ් ෂමී, උමේෂ් යදාව්, ඉෂන්ට් ෂර්මා, විජේ ශංකර්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී ශතකයක් රැස්කිරීමට කොළඹ ශා. ජෝශප් ‘බි’ පි‍ලේ නායක අපේක්ෂ ප්‍රනාන්දු සමත්විය.
අපේක්ෂ ප්‍රනාන්දු මාරිස්ටෙලා ‘බි’ පිලට එරෙහිව පන්දු 116කදී හතරේ පහර 20ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 108ක් වාර්තා කළේය.
අපේක්ෂ ප්‍රනාන්දු සහ ආරම්භක පිතිකරු කණිෂ්ක දිසානායක (40) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
මෙම තරගවලදී කොළඹ ශා. ජෝශප් ‘බි’, හලාවත ශා. මරියා විද්‍යාලය, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය, කොල්ලුපිටිය ශා. තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය ‘බි’ සහ මාත‍ලේ ශා. තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජය ලැබූ අතර, අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. ජෝශප් ‘බි’-මාරිස්ටෙලා ‘බි’
මාරිස්ටෙලා ‘බි’: පළමු ඉනිම - 64 (පන්දුවාර 38.1) යසිඳු පතිනායක 4/15, කණිෂ්ක දිසානායක 3/14
ශා. ජෝශප් ‘බි’: පළමු ඉනිම - 219/3 (පන්දුවාර 53) අපේක්ෂ ප්‍රනාන්දු නොදැවී 108, කණිෂ්ක දිසානායක 60
මාරිස්ටෙලා ‘බි’: දෙවැනි ඉනිම - 36/4 (පන්දුවාර 11)
ශා. ජෝශප් ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
හෝමාගම මහින්ද රාජපක්ෂ ජා.පා.-මහානාම ‘බි’
මහින්ද රාජපක්ෂ ජා.පා.: පළමු ඉනිම - 204/5 (පන්දුවාර 55) සතින් හිත්සර නොදැවී 63, කවිඳු හේෂාන් 40, මානෙත් මෙත්සර 30, අංචිත වික්‍රමසේකර 3/45 
මහානාම ‘බි’: පළමු ඉනිම - 132/4 (පන්දුවාර 49) සෙනිතු පියමුතු 37, අංචිත විකමසේකර 32, ප්‍රමුඛ පෙරේරා 28, සතින් හිත්සර2/40
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
හලාවත ශා. මරියා-තර්ස්ටන් ‘බි’
ශා. මරියා: පළමු ඉනිම - 172/5 (පන්දුවාර 55) ශවීන් වීරසූරිය 48, ජෝෂ් මෙන්ඩිලන්ඩ් නොදැවී 47, ප්‍රමෝද් කවීෂ 31, හසිත ඩිල්ෂාන් 2/50
තර්ස්ටන් ‘බි’: පළමු ඉනිම - 57 (පන්දුවාර 36.3) ප්‍රවීන් විමලසූරිය 3/3, ප්‍රමෝද් කවීෂ 3/9
හලාවත ශා. මරියාට පළමු ඉනිමේ ජයක්. 
 
හොරණ ශ්‍රීපාලි-ජෝසප් වාස් ‘බි’
ජෝසප් වාස් ‘බි’: පළමු ඉනිම - 123 (පැට්රික් වාස් 25, සාවියෝ ප්‍රනාන්දු 21, හිරුක ලෝනිත 3/14, මළිඳු මදුසිත් 2/9)
ශ්‍රීපාලි: පළමු ඉනිම - 154 (දමිඳු ආදිත්‍ය 55, සසිත සංකල්ප 17, සාවියෝ ප්‍රනාන්දු 3/41, සඳරු නවෝද්‍ය 2/14
ජෝසප් වාස් ‘බි’: දෙවැනි ඉනිම - 14/4
හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
කොල්ලුපිටිය ශා. තෝමස් - රත්නපුර ශා. ඇලෝසියස්
ශා. තෝමස්: පළමු ඉනිම - 159 (පන්දුවාර 40) තිෂේන් ඇහැලියගොඩ 63, කවීෂ විමලසිරි 4/29, චානුක අබේසේන 3/25, විහර අත්තනායක 2/26
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 123 (පන්දුවාර 48) විහර අත්තනායක නොදැවී 30, තෙනුත් ප්‍රනාන්දු 3/21, තිෂේන් ඇහැලියගොඩ 3/36, යසිංක සිරිවර්ධන 2/15, ලියන් තිරිමාන්න 2/25
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 43/0 (පන්දුවාර 5) ලියන් තිරිමාන්න නොදැවී 36 
කොල්ලුපිටිය ශා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්.
 
ආනන්ද ‘බි’-අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
ආනන්ද ‘බි’: පළමු ඉනිම - 152 (පන්දුවාර 41) නවිඳු යාපා නොදැවී 35, සදිල පෙරේරා 34, විලාෂ් කරුණාරත්න 22, දිළුක ප්‍රමෝද් 3/19, චාමික පසිඳු 3/30, නිසල් අංජන 2/36
අනුරාධපුර ම.ම.වි.: පළමු ඉනිම - 133/6 (පන්දුවාර 55) තේජාන් තිමිර 43, චාමික පසිඳු 31
ආනන්ද ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
පොරමඩුල්ල මැදි විදුහල-ඩී.එස්. සේනානායක ‘බි’
‍පොරමඩුල්ල: පළමු ඉනිම - 106/4 (පන්දුවාර 37.1) සාරංග බණ්ඩාර නොදැවී 41, ඩිලාෂ් 
මනිෂ්ක 2/19
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. තෝමස්-‍පොල්ගහවෙල ශා. බර්නදෙත් 
ශා. බර්නදෙත්: පළමු ඉනිම - 84 (පන්දුවාර 45.4) එස්.එම්. නානායක්කාර 44, සිතුල් විජේසේකර 2419, ඒ.ඩී. රණසිංහ 2/2
ශා. තෝමස්: පළමු ඉනිම - 131/8 (පන්දුවාර 35) ඩී.එම්. රශ්මික 59, සිතුල් විජේසේකර 18
ශා. බර්නදෙත්: දෙවැනි ඉනිම - 28/3 (පන්දුවාර 10) පී.එම්. ජයරත්න 24
මාත‍ලේ ශා. තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී පෞද්ගලික හේතූන් මත විවේක ගැනීමට ඉන්දීය පි‍ලේ ෂිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් කළ  ඉල්ලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මේ අනුව බුවනේෂ්වර් කුමාර් ඉදිරි ටෙස්ට් තරග දෙකටම ක්‍රීඩා නොකරන අතර, ෂිකර් ධවාන් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරයි.
ධවාන් විවේකයක් ඉල්ලීමේ හේතුව සඳහන් නොවන අතර, දිල්ලියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තේරීම් සඳහා තමන් සූදානම් බව දන්වා තිබේ.
පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලෝකේෂ් රාහුල් සමග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක සම්බන්ධතාවක් තැබිමට දායක වූ ධවාන් එම ඉනිමේදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.
මේ අතර සිය විවාහය හේතුවෙන් බුවනේෂ්වර් කුමාර් ඉදිරි තරග දෙක සඳහා විවේකයක් ඉල්ලා තිබේ. බුවනේෂ්වර් කුමාර්
පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදී ලකුණු 96ට කඩුලු 8ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ධවාන් ඉවත් වීමෙන් ආරම්භක පිතිකරු ස්ථානය මුරලි විජේට හිමි වීමට නියමිතව තිබේ. ඉන්දීය පි‍ලේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ මුරලි විජේ ආබාධයකට ලක්වීම නිසා පසුගිය ටෙස්ට් තරගාවලි කිහිපයම අහිමි වූ අතර, දැන් පූර්ණ සුවය ලබා ක්‍රීඩා කිරීමට බලා‍පොරොත්තුවෙන් පසුවෙයි.
බුවනේෂ්වර් ඉවත් වීමෙන් හිස් වූ ස්ථානයට තමිල්නාඩුවේ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් කඳවීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මැද පෙළ පිතිකරුවකු සහ වේග පන්දු යවන්නකු වන ශංකර් 2015 සිට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා තිබේ.
ඉන්දියාවේ රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 1395ක් සහ කඩුලු 27ක් බිඳ දැමීමට සමත් වීම නිසා ශංකර්ට ඉන්දීය කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 24දා නාග්පූර්හිදී ආරම්භ වෙයි.
දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක), ලෝකේශ් රාහුල්, මුරලි විජේ, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, රෝහිත් ෂර්මා, විදිමන් සහා, රවිචන්ද්‍රන් ඇෂ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, මොහොමඩ් ෂමී, උමේෂ් යදාව්,
ඉෂන්ට් ෂර්මා, විජේ ශංකර්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල්කටාහි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (20දා) ජය පරාජයෙන් තොරව අවසන් විය.විරාත් කෝලිගේ සුපිරි ශතකය හේතුවෙන් ඉන්දියාව දෙවැනි ඉනිමට කඩුලු 8ට ලකුණු 352ක් ලබා ශ්‍රී ලංකාවට ලකුණු 231ක ඉලක්කයක් ලබා දුන් අතර, දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 7ට ලකුණු 75ක් ලබා සිටියේය.
ලකුණු හඹා යාමේදී ශ්‍රී ලංකා පෙර පෙළ බිඳ දැමීමට බුවනේෂ්වර් කුමාර්, ෂමී සහ යදාව් සමත් වූ අතර නායක චන්දිමාල් සහ දික්වැල්ල එක්වී ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට සමත් වූහ.
සධීර සමරවික්‍රම (0) සහ තිරිමාන්න (7) බුවනේෂ්වර්ට ගොදුරු වූ අතර, දිමුත් (1) ෂමී හමුවේ දැවී ගිය අතර, මැතිව්ස් ලකුණු 12කට යදාව් හමුවේ පිටියෙන් ඉවත් විය.
නායක චන්දිමාල් සහ දික්වැල්ල 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 47ක සම්බන්ධතාව බිඳ දැමූ මොහොමඩ් ෂමී චන්දිමාල්ව ලකුණු 20කට පිටියෙන් ඉවත් කළේය.
ලකුණු 27ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල  දවා ගත් බුවනේෂ්වර් සිය සිව්වැනි කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා (0) පිටියෙන් ඉවත් කළේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 11කදී නිලකුණු පන්දුවාර 8ක් සමගින් ලකුණු 8ට කඩුලු 4ක් බිඳ හෙලූ බුවනේෂ්වර් කුමාර් සිය කඩුලු 50 සීමාව පසු කිරීමට සමත් විය.මුළු තරගයේදී කඩුලු 8ක් බිඳ දැමූ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා ලෙසද නම් කෙරුණි.
මොහොමඩ් ෂමී ලකුණු 34ට කඩුලු 2ක්ද, උමේෂ්  යදාව් ලකුණු 25ට එක් කඩුල්ලක්ද බිඳ හෙළීය.
ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් ඉන්දීය කඩුලු 3ක් බිඳ දැමීම නිසා ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට පැමිණි නමුත් හුදෙකලා සටනක නිරත වූ නායක විරාත් කෝලි සිය 18වැනි ශතකය වාර්තා කරමින් පන්දු 119කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 104ක් ලබා ඉන්දියාව ස්ථාවර තත්ත්වයකට රැගෙන ආවේය.
ලෝකේශ් රාහුල් ලකුණු 79කටද, පුජාරා ලකුණු 22කටද, රහානේ ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ලක්මාල් සමත් විය.
ජඩේජා ලකුණු 9කට පිටියෙන් ඉවත් කිරීමට දිල්රුවන් සමත් වූ අතර, ඇෂ්වින් (7) සහ විදිමන් සහා (5) දවා ගැනීමට දසුන් ශානක සමත් විය.බුවනේෂ්වර් කුමාර් ලකුණු 8කට ලහිරු ගමගේ හමුවේ දැවී යාමෙන් පසු ශතකය වාර්තා කළ කෝලි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල් ලකුණු 93ට කඩුලු 3ක්ද, දසුන් ශානක ලකුණු 76ට කඩුලු 3ක්ද බිඳ හෙළීය.
ලකුණු පුවරුව
ඉන්දියාව මුල් ඉනිම - 172යි
ශ්‍රී ලංකාව මුල් ඉනිම - 294යි
ඉන්දියාව දෙවැනි ඉනිම
ලෝකේෂ් රාහුල් ප. ලක්මාල් 79
ෂිකර් ධවාන් ඇ. දික්වැල්ල ප. ශානක94
චෙටස්වර් පුජාරා ඇ. පෙරේරා ප. ලක්මාල්22
විරාත් කෝලි (නොදැවී)104
අජින්කෙයා රහානේ ක.මු.ක. ප. ලක්මාල් 0
රවින්ද්‍ර ජඩේජා ඇ. තිරිමාන්න ප. පෙරේරා9
රවිචන්ද්‍රන් ඇෂ්වින් ප. ශානක 7
විදිමන් සහා ඇ. සධීර ප. ශානක 5
බුවනේෂ්වර් කුමාර් ඇ. පෙරේරා ප. ගමගේ 8
මොහොමඩ් ෂමී (නොදැවී)12
අතිරේක 12
මුළු ලකුණු (පන්දුවාර 88.4කදී කඩුලු 8 ක් දැවී)352
කඩුලු බිඳ වැටීම :- 1-166, 2-192, 3-213, 4-213, 5-249, 6-269, 7-281, 8-321
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 24.4-4-93-3, ලහිරු ගමගේ 23-2-97-1, දසුන් ශානක 22-1-76-3, දිල්රුවන් පෙරේරා 13-2-49-1, රංගන හේරත් 6-1-29-0
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
සධීර සමරවික්‍රම ප. කුමාර්0
දිමුත් කරුණාරත්න ප. ෂමී1
ලහිරු තිරිමාන්න ඇ. රහානේ ප. කුමාර්7
ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප. යදාව් 12
දිනේෂ් චන්දිමාල් ප. ෂමී 20
නිරෝෂන් දික්වැල්ල ක.මු.ක. ප. කුමාර්27
දසුන් ශානක (නොදැවී)6
දිල්රුවන් පෙරේරා ප. කුමාර් 0
රංගන හේරත් (නොදැවී)0
මුළු ලකුණු (පන්දුවාර 26.3 කදී කඩුලු 7ක් දැවී)75
කඩුලු බිඳ වැටීම :- 1-0, 2-2, 3-14, 4-22, 5-69, 6-69, 7-75,
පන්දු යැවීම :- බුවනේෂ්වර් කුමාර් 11-8-8-4, මොහොමඩ්
ෂමී 9.3-4-34-2, උමේෂ් යදාව් 50-25-1, රවින්ද්‍ර ජඩේජා 1-0-7-0

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.