Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී ෂෙවොන් ඩැනියෙල්ගේ ශතකය හේතුවෙන් ශා. ජෝශප් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. 
ෂෙවොන් ඩැනියෙල්  ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයට එරෙහිව පන්දු 152කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 160ක් රැස් කරමින් සිය තෙවැනි ශතකය වාර්තා කළේය.
මෙම තරගයෙන් ශා. ජෝශප්ට ප්‍රසාද ලකුණු අනුව ජය හිමි වූ අතර, ශා. තෝමස් තරගාවලියෙන් ඉවතට විසිවිය.
මේ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මහානාම, රාජකීය, ඩී.එස්., ඉසිපතන, ශා. ජෝශප්, ශා. සෙබස්තියන්, මහින්ද සහ ශා. පීතර යන විදුහල් කණ්ඩායම් සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැළැස්ම
මහානාම සහ රාජකීය අතර ඩී.එස්. සහ ඉසිපතන අතර ශා. ජෝශප් සහ ශා. සෙබස්තියන් අතර මහින්ද සහ ශා. පීතර අතර
 
තෙවැනි වටයේ තරග ප්‍රතිඵල
 
ශා. ජෝශප්-ශා. තෝමස් 
ශා. ජෝශප්: පළමු ඉනිම - 239/5 (පන්දුවාර 53) ෂෙවොන් ඩැනියෙල් 160, අවින්ත ද අල්විස් 46, අශේන් පෙරේරා 2/37
ශා. තෝමස්: පළමු ඉනිම - 143/9 (පන්දුවාර 50) රජිඳු තිලකරත්න 28, නෙත්මල් දිසානායක 25, ගගන් චමෝද් 3/41, තිනෙත් අමරසිංහ 2/8
ශා. ජෝශප්ට ප්‍රසාද ලකුණු අනුව ජයක්.
 
මහානාම-කටුගස්තොට ශා. අන්තෝනි    
මහානාම: පළමු ඉනිම - 270/2 (පන්දුවාර 54.3) බානුල අල්ගෙවත්ත නොදැවී 124, කවිඳු අමාමෙත් 75, කූජන පෙරේරා නොදැවී 52
ශා. අන්තෝනි: පළමු ඉනිම - 236/9 (පන්දුවාර 39) ටී.එස්. මැතිව්ස් 100, ආර්.ආර්. අන්තෝනි 62, ඉඳුවර ගලපිටගේ 23, කූජන පෙරේරා 4/38, මිථිල සිල්වා 2/32
මහානාමයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.
 
ශා. සෙබස්තියන්-කළුතර විද්‍යාලය
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 182/5 (පන්දුවාර 55) ටෙරොල් බාස්කරන් 57, රුවනෙත් කුමාරදාස නොදැවී 30, නිලාෂ් පෙරේරා 26, තිහාෂ මෙන්ඩිස් 24, පසිඳු කවිෂ්ක 2/37
කළුතර විද්‍යාලය: පළමු ඉනිම - 103 (පන්දුවාර 40) සසිත් හංසක 46, පසිඳු දුලංජන 25, චිත්රු ප්‍රනාන්දු 2/11, ශෙරන් ප්‍රනාන්දු 2/12, යෙනුල් හේමචන්ද්‍ර 2/21, ක්‍රිෂාන් බණ්ඩාර 2/21
ශා. සෙබස්තියන්ට පළමු ඉනිමේ ජයක්.
 
ශා. පීතර-කළුතර තිස්ස
ශා. පීතර: පළමු ඉනිම - 157 (පන්දුවාර 49) නිමුතු ගුණවර්ධන 55, දිනුක් විජේසිංහ 20, රවිඳු මිත්සර 6/30
තිස්ස: පළමු ඉනිම - 87 (පන්දුවාර 43.4) නෙත්සර සිල්වා 29, ජුඩ් ඩිනාල් 3/10, ෂැනොන් රොද්‍රිගෝ 3/12, කවික ජයසුන්දර 2/19
ශා. පීතරයට පළමු ඉනිමේ ජයක්.
 
රාජකීය-ජෝශප් වාස්
රාජකීය: පළමු ඉනිම - 195/7 (පන්දුවාර 53.2) සන්විදු සෙනරත්ආරච්චි නොදැවී 100, සෙනුල දීලන  28, නිෂොන් නවෝද්‍ය 2/63
ජෝශප් වාස්: පළමු ඉනිම - 170/6 (පන්දුවාර 38) අවිෂ්ක පෙරේරා 61, විශ්ව පාරමී 54, නවිඳු රශ්මික නොදැවී 36, හිරුෂ විජේසේන 2/19
රාජකීය විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.
 
ඉසිපතන-මීගමුව හරිස්චන්ද්‍ර
ඉසිපතන: පළමු ඉනිම - 208/7 (පන්දුවාර 54.3) නවීන් කණිෂ්ක 50, තේමිය ගුණරත්න 31, මනුල පහන් 30, සිතුක ගුණවර්ධන 23, ටිතිර මාපටුන 23, ලක්ෂාන් දිසානායක 3/7, හසරංග ගුණවර්ධන 2/31
හරිස්චන්ද්‍ර: පළමු ඉනිම - 201/7 (පන්දුවාර 38) මිහිෂාන් ප්‍රනාන්දු 63, ආදිත්‍ය ප්‍රනාන්දු නොදැවී 24, ආරියරත්න සිල්වා නොදැවී 23, ප්‍රසජිත් ධර්මරත්න 23, සිතුක ගුණවර්ධන 3/41, රවීන් කණිෂ්ක 2/26
ඉසිපතනයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.
 
මහින්ද-තර්ස්ටන් 
මහින්ද: පළමු ඉනිම - 178/2 (පන්දුවාර 55) ධනුජ ඉඳුවර 90, හිරුණ මන්දිර 38
තර්ස්ටන්: පළමු ඉනිම - 136 (පන්දුවාර 31.1) මින්සර කවිතිලක 25, නවනිඳු ප්‍රනාන්දු 20, දුලන රාජපක්ෂ 3/13, තරිෂ ඩිල්ෂාන් 2/21, ධනුජ ඉඳුවර 2/29
මහින්ද: දෙවැනි ඉනිම - 21/2 (පන්දුවාර 2) ධනුජ ඉඳුවර 20, මින්සර කවිතිලක 2/8 
මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ඩී.එස්.-අම්බලන්ගොඩ ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 132 (පන්දුවාර 44) සෙනිත හැළඹගේ නොදැවී 50, චනක ජනංග 22, ඩී. ප්‍රනාන්දු 3/18, යෙවීන් වත්තේවැව 2/20
ඩී.එස්. : පළමු ඉනිම - 115/4 (පන්දුවාර 54) බුද්ධිම පෙරේරා නොදැවී 50, රුචිර තීක්ෂණ නොදැවී 43, චිරණ ද සිල්වා 2/21
ඩී.එස්.ට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

ලබන 15දා බංගලිදේශයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව-බංගලිදේශය සහ සිම්බාබ්වේ අතර  තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කර ඇති අතර, එයට නවක ක්‍රීඩක ෂෙහාන් මධුශංක නම්කර තිබේ.
16 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම්කර ඇති අතර, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම්කර තිබේ.
වේගයෙන් පන්දු යවන ෂෙහාන් මධුශංක අනාගත ආයෝජනයක් ලෙස සලකා මෙම සංචිතයට නම් කළ බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පවසයි.
මේ අතර ජෙෆ්රි වැන්ඩසේ ආබාධයකට ගොදුරු වී සිටීම නිසා එම ස්ථානයට වනිඳු හසරංග නම්කර තිබේ.
මේ අතර පසුගිය තරගාවලියෙන් ඉවත් කර සිටි කුසල් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර, දිනේෂ් චන්දිමාල්ටද එක්දින කණ්ඩායමේ ස්ථනය හිමිවී තිබේ.
කුසල් මෙන්ඩිස් අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී ලකුණු අතරට පිවිසීමෙන් යළිත් ස්ථානය තහවුරු කරගත් බවත්, චන්දිමාල්ද පසුගිය තරගාවලියේදී ප්‍රහාරක වේගය සහ ලකුණු අතරට පිවිසීම පදනම් කරගෙන කණ්ඩායමට කැඳවූ බව තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.
මේ අනුව පිතිකරුවන් ලෙස මැතිව්ස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සංචිතයට නම්කර තිබේ.
අසේල ගුණරත්න, තිසර පෙරේරා සහ වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසත්, ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය දඟ පන්දු යවන්නා ලෙසත් සංචිතයට එක්කර තිබේ.
මෙම තරගාවලියේදී වේගපන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ෂෙහාන් මධුශංක සංචිතයට ඇතුළත් වෙති.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ෂෙහාන් මධුශංක
 
මංගල ධර්මප්‍රේම

අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 53ක පරාජයක් ලැබිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 198ක් පමණි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර, හසිත බෝයගොඩ (69) සහ අශේන් බණ්ඩාර (51) අර්ධ ශතක වාර්තා කළහ.
 
ලකුණු තත්ත්වය :- 
ඕස්ට්‍රේලියා අවු. 19න් පහළ පිල: 251/7 (පන්දුවාර 50) ජොනතන් මෙර්ලෝ 78, ජැක් එඩ්වර්ඩ්ස් 50, නාදන් මැක්ස්වීනි 31, ප්‍රවීන් ජයවික්‍රම 2/18, නිපුන් මාලිංග 2/41, තිසරු රශ්මික 2/59
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: 198 (පන්දුවාර 42.5) හසිත බෝයගොඩ 69, අශේන් බණ්ඩාර 51, ජෙහාන් ඩැනියෙල් (නොදැවී) 20, විල් සදර්ලන්ඩ් 3/25, ජේසන් රැල්ස්ටන් 3/36, ඔස්ටින් වෝ 2/28
(සටහන : පමෝද්)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය යන ද්විත්ව ඉලක්කයන් කරා සාර්ථකව පියනගමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් නව වසරේ (2018) රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවට සහභාගි වෙමින් ඔවුන් ඇමැතූ සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයට තමා තේරී පත්ව වසර දෙකක් ඇතුළත මෙහි සේවක මඬුල්ල හා එක්ව දුර්වලව තිබූ මූල්‍ය තත්ත්වය ස්ථාවර තත්ත්වයකට ගෙන ආ බව පැවැසීය.
“වසර දෙකකට පෙර මේ ආයතනය අප භාර ගත්තේ රුපියල් බිලියන පහක ණය බරක් සහිතවයි. ආයතනය ණය බරින් ගලවාගෙන ලාභ ලබන සේවා ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද යන ගැටලුවලට අප එදා මුහුණ දුන්නා. නමුත්, මා අද සතුටින් ප්‍රකාශ කරනවා ක්‍රිකට් ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බව” තමා රාජකාරි භාර ගන්නා අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් ශ්‍රී ලංකාවට සාමාජික මුදල් වශයෙන් ගෙවීමට එකඟව සිටියත් සෙසු සාමාජික රටවල සහයෝගයෙන් එම මුදල ඩොලර් මිලියන 120 දක්වා වැඩිකර ගනිමින් ආයතනයේ ආදායම ඉහළ නැංවීමට සමත් වූ බවද ඒ මහතා කීවේය.
වත්කම් කළමනාකරණ අනුබද්ධ සමාගමක් පිහිටුවීම තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සම්පත් හා මුදල් පරිපාලනය කිරීම සඳහා ආයතනයට සම්බන්ධ වත්කම් කළමනාකරණ අනුබද්ධ සමාගමක් පිහිටුවීමට සැලැසුම් සකස් කර ඇතැයි ද එමගින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇතැයිද පැවැසීය.
ක්‍රීඩාව සංවර්ධනය කිරීම තිලංග සුමතිපාල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පසුගිය වසර දෙක තුළ පියවර ගණනාවක්ම ගෙන ඇති බවයි.
එම පියවර අතර අන්තර් පළාත් හා දිස්ත්‍රික්කවලට තම තමන්ගේ ප්‍රදේශයන්හි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ බලය බෙදා හැර ඔවුනට සියලු පහසුකම් සැපයීම වැනි දෑ සිදුකර ඇත.
“අප මේ ආයතනය භාර ගන්න විට ආයතනය මගින් ක්‍රිකට් සමාජ 132ක් පාලනය කළා. අප එය 24 දක්වා අඩු කර පළාත් හා දිස්ත්‍රික්කවලට බලය විමධ්‍යගත කර ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුනට තීරණ ගැනීමේ හා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුවා”යැයි සුමතිපාල මහතා පැවැසීය.
තවද, බිම් මට්ටමින් වයස් සීමා අවුරුදු 15න්, 17න්, 19න්, 21න් සහ 23න් පහළ කණ්ඩායම් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් පුහුණු හා සංවර්ධනය කිරීමට පියවර ගත් බවත්, දේශීය පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට හා තෝරාගත් පුහුණුකරුවන්ට එතෙර පුහුණුව ලබා දීමට පියවර ගත් බවද සුමතිපාල මහතා කීය.
ක්‍රීඩක කුසලතා හා සුබසාධන කටයුතු පසුගිය වසර දෙක තුළ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද සුමතිපාල මහතා කීය. ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට ශක්තිමත් රක්ෂණාවරණයක් ද,දක්ෂතා මත ප්‍රසාද දීමනා ක්‍රමයක් ද, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 70 කට කොන්ත්‍රාත් ලබා දීම, ක්‍රීඩකයන්ට සපයා ඇති පහසුම් කිහිපයක් වන බවද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ප්‍රිමියර් ලීග් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ සිය දෙවැනි ශතක රැස් කිරීමට ඕෂධ ප්‍රනාන්දු (චිලව් මේරියන්ස්) සහ මනෝජ් සරත්චන්ද්‍ර (ටැමිල් යූනියන්) සමත් වූහ.
සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නොදැවී ලකුණු 166ක් රැස් කළ ලහිරු තිරිමාන්න (රාගම) මෙම සති අන්තයේ ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්විය.
දිනුක් වික්‍රමනායක (ටැමිල් යූනියන්) මුළු තරගයේදී කඩුලු 10ක් බිඳ හෙලූ අතර, ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළ යුද හමුදාවේ දුෂාන් විමුක්ති එන්.සී.සී.යට එරෙහිව දෙවැනි ඉනිමේදී ලකුණු 108කට කඩුලු 9ක් සමගින් මුළු තරගයේදී කඩුලු 10ක් දවාලීය.
බදුරලිය ලකුණු 321කින් පරාජය කළ චිලව් මේරියන්ස් සිය තෙවැනි පූර්ණ ජය වාර්තා කළ අතර, යුද හමුදාව හමුවේ එන්.සී.සී. කඩුලු 6කින් පරාජය ලැබිම කැපී පෙනෙන සිදුවීමක් විය.
වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගයෙන් ටැමිල් යූනියන්ට ලකුණු 126ක ජයක් හිමි විය.
චිලව් මේරියන්ස්-බදුරලිය
චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 371 (පන්දුවාර 85.2) සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මලින්ද
පුෂ්පකුමාර 31, කසුන් විදුර 23, අලංකාර අසංක 5/74, ඩි‍ලේෂ්
ගුණරත්න 3/91, දුවිඳු තිලකරත්න 2/80
බදුරලිය: පළමු ඉනිම - 162 (පන්දුවාර 47.3) පැතුම් නිශ්ශංක 42, සංජය චතුරංග 39, නදීර නාවෙල 22, මලින්ද පුෂ්පකුමාර 5/40
චිලව් මේරියන්ස්: දෙවැනි ඉනිම - 267/3 (පන්දුවාර 58)
ඕෂධ ප්‍රනාන්දු නොදැවී 103, කසුන් විදුර 78, සචිත්‍ර සේරසිංහ 51
බදුරලිය: දෙවැනි ඉනිම - 156 (පන්දුවාර 52.1) පැතුම් නිශ්ශංක 50, මධුර ලක්මාල් 28, නදීර නාවෙල 26, අසිත ප්‍රනාන්දු 3/22, සචිත්‍ර සේරසිංහ 3/49, මලින්ද පුෂ්පකුමාර 3/55
චිලව් මේරියන්ස්ට ලකුණු 321ක ජයක්.
කෝල්ට්ස්-එස්.එස්.සී.
කෝල්ට්ස්: පළමු
ඉනිම - 267 (පන්දුවාර 82.5) සංගීත් කුරේ 53, දිල්රුවන් පෙරේරා 45, කවිෂ්ක අංජුල නොදැවී 37, ප්‍රියමාල් පෙරේරා 32, අවිෂ්ක ප්‍රනාන්දු 32, විෂාද් රන්දික 22, නිසල තාරක 20, ආකාෂ්
සේනාරත්න 4/76, සචිත්‍ර සේනානායක 3/70, කසුන් මධුසංක 2/53
එස්.එස්.සී.: පළමු ඉනිම - 200 (පන්දුවාර 59.1) චාමර කපුගෙදර 61, කෞෂාල් සිල්වා 43, ආකාෂ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 27,  ප්‍රභාත් ජයසූරිය 4/63, දිල්රුවන් පෙරේරා 3/55, කවිෂ්ක අංජුල 2/31
කෝල්ට්ස්: දෙවැනි ඉනිම - 203 (පන්දුවාර 79.5) ප්‍රියමාල් පෙරේරා 87, කවිෂ්ක අංජුල නොදැවී 27, සංගීත් කුරේ 23, අවිෂ්ක ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 4/50, අක්තාබ් කාදර් 3/40, ආකාෂ් සේනාරත්න 3/80
එස්.එස්.සී.: දෙවැනි ඉනිම - 100/2 (පන්දුවාර 34) දිමුත් කරුණාරත්න නොදැවී 55, සම්මු අශාන් නොදැවී 28, ප්‍රභාත් ජයසූරිය 2/44
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
යුද හමුදාව-එන්.සී.සී.
එන්.සී.සී.: පළමු ඉනිම - 224 (පන්දුවාර 59.2) ඇන්ජෙලෝ පෙරේරා 80, චාමික කරුණාරත්න 39, තරිඳු කෞශාල් 30, භානුක රාජපක්ෂ 29, නුවන් ලියනපතිරණ 3/40, ජනිත් සිල්වා 2/27
යුද හමුදාව: පළමු ඉනිම - 369 (පන්දුවාර 106.1) ඩිල්ෂාන් ද සොයිසා නොදැවී 97, ජානක සම්පත් 79, ලක්ෂිත මධුෂාන් 71, නවෝද් ඉළුක්වත්ත 34, ලසිත් ඇඹුල්දෙණිය 3/105, නුවන් කරුණාරත්න 2/31
එන්.සී.සී.: දෙවැනි ඉනිම - 235 (පන්දුවාර 71) මහේල උඩවත්ත 52, ළහිරු උදාර 40, තරිඳු කෞශාල් 39, සචින් පීරිස් 33, දුෂාන් විමුක්ති 9/108
යුද හමුදාව: දෙවැනි ඉනිම - 94/4 (පන්දුවාර 19.1) ජානක සම්පත් නොදැවී 50, ලසිත් ඇඹුල්දෙණිය 2/36
යුද හමුදාවට කඩුලු 6ක ජයක්.
වරාය අධිකාරිය
ටැමිල් යූනියන්
ටැමිල් යූනියන්: පළමු ඉනිම - 120 (පන්දුවාර 44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, අකලංක ගනේගම 5/35, චමින්ද බණ්ඩාර 2/34, චානක කොමසාරු 2/37
වරාය අධිකාරිය: පළමු ඉනිම - 233 (පන්දුවාර 54.2) ගිහාන් රූපසිංහ 89, ඩී. කොම්ප්ටන් 56, ගයාන් මනීෂාන් 43, දිනුක් වික්‍රමනායක 6/42
ටැමිල් යූනියන්: දෙවැනි ඉනිම - 384/6 (පන්දුවාර 95) මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102, තරංග පරණවිතාන 78, ජීවන් මෙන්ඩිස් 72, රමිත් රඹුක්වැල්ල 41, දිනුක් වික්‍රමනායක 30, මධුක ලියනපතිරණගේ 3/86, චානක කොමසාරු 2/97
වරාය අධිකාරිය:  දෙවැනි ඉනිම - 145 (පන්දුවාර 48) ප්‍රශාන් වික්‍රමසිංහ 53, ගිහාන් රූපසිංහ 33, දිනුක් වික්‍රමනායක 4/22, ජීවන් මෙන්ඩිස් 4/38
ටැමිල් යූනියන්ට ලකුණු 126ක ජයක්.
රාගම-සී.සී.සී.
සී.සී.සී.: පළමු ඉනිම - 273 (පන්දුවාර 62.1) ලසිත් අබේරත්න 96, අශාන් ප්‍රියංජන් 70, ළහිරු මධුසංක 33, රොන් චන්ද්‍රගුප්ත 24, නිශාන් පීරිස් 3/78, සහන් නානායක්කාර 3/78, ඉෂාන් ජයරත්න 2/55
රාගම: පළමු ඉනිම - 345 (පන්දුවාර 101.2) ලහිරු තිරිමාන්න නොදැවී 166,
ෂෙහාන් ප්‍රනාන්දු 79, සමීර ද සොයිසා 38, ළහිරු මධුසංක 4/73, අශාන් ප්‍රියංජන් 3/49
සී.සී.සී.: දෙවැනි ඉනිම - 237 (පන්දුවාර 63) ළහිරු මධුසංක 57, මළිඳු මධුරංග 51, මනෙල්ක ද සිල්වා 37, ඩිල්ෂාන් මුණවීර 34, සහන් නානායක්කාර 6/102, ඉෂාන් ජයරත්න 2/51
රාගම: දෙවැනි ඉනිම - 76/3 (පන්දුවාර 23) උදාර ජයසුන්දර 38, සචිත් පතිරණ 2/27
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (7දා) උදෑසන පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී හිස්ව තිබූ ‍ලේකම් ධුරයට ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල ඒකඡන්දයෙන් තෝරා පත්කර ගත්බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.
දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා නීති රීති සහ තරගාවලිවලට අවතීර්ණ වීමේ රෙගුලාසිද මෙහිදී අනුමත කරගත් බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අදාළව ක්‍රීඩා නීතියේ සංශෝධන පසුගිය වසරේදී ගෙන ආ බවත්, ක්‍රීඩා නීතිය පදනම් කර ගනිමින් ගෙන ආ සංශෝධන අනුමත කරගත් බවද සභාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහ සභාවේදී පාසල් ක්‍රිකට් කමිටුවක් තෝරාගන්නා බවත්, එම කමිටුවේ සභාපති ධුරය දරන පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු බවටද පත්වන බව සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙහිදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති මෙම කමිටුවේ සභාපති ලෙස පත්වන බවද අනාවරණය කළේය.
මේ අනුව 8 දෙනකුගෙන් සැදුම්ලත් මෙම කමිටුවට ක්‍රිකට් මහා සභාවෙන් පත්වන නියෝජිතයන් තිදෙනෙක්, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඇතුළු තවත් නියෝජිතයන් දෙදෙනෙක්, ක්‍රිකට් උප භාණ්ඩාගාරික සහ උප ‍ලේකම්වරයකුගෙන් සමන්විත වන බව ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
කලින් ක්‍රිකට් නීතියට අනුව පාසල් සංගමයේ නියෝජිතයකු නිලධාරියකු ලෙස නම්කර තිබුණද, නිලධාරියා යන තනතුර ප්‍රමාණවත් නොවන බැවින් ඔහු විධායක කමිටුවේද සාමාජිකයකු ලෙස පත්කළ බව සුමතිපාල මහතා පැවැසීය.
ක්‍රීඩා නීතියට අනුව ඕනෑම ජාතික සංගමයකට වසර 4ක් දක්වා කාලය දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධුර දැරිය හැකි කාලය වසර දෙකකට සීමා කළ බවද සභාපතිවරයා පැවැසීය.
තරග සංචාරයකට පෙර පුහුණුකරු සිය උපායමාර්ග තේරීම් කමිටුවට ලබාදුන් පසු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නායකයා සහ සංචිතය තෝරා ගන්නා බවත්, එම සංචාරය තුළදී කළමනාකරු, පුහුණුකරු සහ නායකයා තේරීම් කමිටුව ලෙස කටයුතු කරන බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියා පිළිවෙළ ඕනෑම  කාණ්ඩයක තරග සංචාරයකට ‍පොදු වන අතර, සංචාරයේදී තේරීම් කමිටුවේ සභාපති ලෙස කළමනාකරු කටයුතු කරන බව ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
විශේෂ මහ සභාවේදී රෙගුලාසි කිහිපයක් සම්මත කරගත් බවත්, ක්‍රීඩකයන් තරගවලට අවතීර්ණ වූ පසු තරග පාවාදීමේ චෝදනාවලට ලක්වීම, විනය සහ හැසිරීම සම්බන්ධයෙන් ශක්තිමත් ආචාර ධර්ම පද්ධතියක් අනුමත කරගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ ගුවන් කොමදෝරු රොෂාන් බියන්විල මහතාව ‍ලේකම් ධුරයට තෝරාගත් බවත්, කලින් ‍ලේකම් ධුරයේ සිටි මොහාන් ද සිල්වා මහතාව ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්ව පැවැති උප සභාපති ධුරයට පත්කරගත් බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් අංශය කේ. මතිවානන් මහතාටත්, දේශීය ක්‍රිකට් අංශය මොහාන්ද සිල්වා මහතාටත් පැවරූ බව සභාපතිවරයා සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභාව මෙම වසරේ මැයි මාසයේ පවත්වන බවත්, එහිදී තවත් රෙගුලාසි කිහිපයක් අනුමත කර ගන්නා බවත්, මෙම වසර ක්‍රිකට් ආයතනයට ඉතා වැදගත් වසරක් බවත් සුමතිපාල මහතා පැවැසීය.
ඊයේ පැවැති මහා සභා රැස්වීමට සාමාජිකයන් 84න් 67ක් සහභාගි වූ බවත්, ‍ලේකම් ධුරයට එක් නමක් පමණක් යෝජනා වී තිබිම නිසා ඡන්ද විමසීමක් සිදු නොවූ බවත්, එක් ක්‍රීඩා සමාජයක් පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව උප සභාපති මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.
 
ප්‍රභාත් විදානපතිරණ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.