Coss Ear2
lakbima.lk
COSS Ear 1

දේශීය ක්‍රිකට් තරගාවලියන්ට 2017-2018 ක්‍රිකට් වාරයේ සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන මුදල ලක්ෂ 850කි. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි.
2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක් සහ දේශීය තරගාවලියන්ට සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් විසි තුනක්ද මීට ඇතුළත් වේ. ඊට අමතරව අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසි නවයකටත්, හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතරකටත්, වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතකටත් නව කොන්ත්‍රාත්තු පිරිනැමීමට කටයුතු යොදා තිබේ.ක්‍රීඩකයන් 103කට මේ ප්‍රතිපාදන ලබාදෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනාවලට අමතරවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය අද (25දා) ආරම්භ වේ.
සිව්දින තරග ලෙස පැවැත්වෙන මෙම සුපිරි 8 වටයේ පළමු සති අන්තයට අදාළ තරග 4ක් අද පී. සරා, කෝල්ට්ස්, කටුනායක සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයන්හිදී ආරම්භ වේ.
අද තරග (25 - 28)
එස්.එස්.සී. සහ වරාය අතර
පී. සරා
රාගම සහ එන්.සී.සී. අතර
කෝල්ට්ස්
කෝල්ට්ස් සහ බි.ආර්.සී. අතර
කටුනායකදී
සැරසන්ස් සහ චිලව් මේරියන්ස් අතර
එස්.එස්.සී.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කළ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
නොදැවී ලකුණු 74ක් රැස් කරමින් පාකිස්තානු ජය තහවුරු කළ අලි සර්යාබ් අසිෆ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
ක්‍රයිස්චර්ච්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 47.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී මුල් පෙ‍ලේ කඩුලු 5ක් ලකුණු 111ක් තුළ බිඳ වැටී පාකිස්තානය අසීරු තත්ත්වයකට පත්වූ අතර, එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අලි සර්යාබ් අසිෆ් පන්දු 111කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් පාකිස්තානු ජය තහවුරු කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩබ්ලිව්. මක්වෙටු අර්ධ ශතකයක් රැස් කළ අතර, පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් මූසා ලකුණු 29ට කඩුලු 3ක්ද, ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 30ට කඩුලු 2ක්ද බිඳ හෙලීය.
මෙම තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (25දා) ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.
ලකුණු තත්ත්වය :-
දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 189යි
ඩබ්ලිව්. මක්වෙටු 60, ජේන් ඩූ ප්ලෙසිස් 21, ජේසන් නීමන්ඩ් 36, මොහොමඩ් මූසා 29/3, ෂහීන් ෂා අෆ්රිඩි 30/2
පාකිස්තානය පන්දුවාර 47.5කදී කඩුලු 7ට ලකුණු 190යි
රොහෙල් නසීර් 23, අලි සර්යාබ් අසීෆ් නොදැවී 74, සාඩ් ඛාන් 26, ජේසන් නීමන්ඩ් 31/2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ශතකය රැස් කිරීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විශ්ව චතුරංග සමත්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දකුණත් පිට දඟ පන්දු යවන අශේන් ඩැනියෙල් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව තරගයේදී ලකුණු 110කට කඩුලු 11ක් දවාලීය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විශ්ව චතුරංග බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 125ක් රැස් කළ අතර, එම තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හමුවේ ශාන්ත පීතර විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 11කින් පරාජයට පත්විය.
 
මොරටුව වේල්ස් කුමර - බම්බලපිටිය ශාන්ත පීතර           
ශාන්ත පීතර: පළමු ඉනිම - 124 (පන්දුවාර 42.2) රන්මිත් ජයසේන 26, ශිවාන් පෙරේරා 25, හිමල්ෂ ප්‍රනාන්දු 22, රුවින් සෙනෙවිරත්න 22, කෞමාල් නානායක්කාර 30/5, නදුක ප්‍රනාන්දු 21/2, ශවිඳු පීරිස් 27/2    
වේල්ස් කුමර:පළමු ඉනිම - 299/8 (පන්දුවාර 59.2) විශ්ව චතුරංග 125, ශවිඳු පීරිස් 38, සඳුන් ප්‍රනාන්දු 27, සනෝජ් දර්ශික 26, සුවත් මෙන්ඩිස් 26, මොහොමඩ් අමීන් 116/5, රුවින් සෙනෙවිරත්න 50/2   
ශාන්ත පීතර: දෙවැනි ඉනිම - 164 (පන්දුවාර 64.1) රන්මිත් ජයසේන 51, ශිවාන් පෙරේරා 30, නිපුනක ෆොන්සේකා 23, ෂැනොන් ප්‍රනාන්දු 22, සචින් සිල්වා 19, ශවිඳු පීරිස් 62/6, කෞමාල් නානායක්කාර 62/3
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 11ක ජයක්.                     
 
මාතර ශාන්ත තෝමස් - ශාන්ත බෙනඩික්ට් 
ශාන්ත බෙනඩික්ට්: පළමු ඉනිම - 101 (පන්දුවාර 35.3) ප්‍රිතිවි ජෙගරාජසිංහම් 20, ළහිරු ඩිල්ෂාන් 3/21, සචිර රශ්මික 2/27
ශාන්ත තෝමස්: පළමු ඉනිම - 131 (පන්දුවාර 48.1) හිරන්ත ලක්ෂාන් 33, මලීෂ ද සේරම් 30, තරුෂ කාවින්ද්‍ය 19, ජේසන් චාර්ල්ස් 6/53, කවීෂ ජයතිලක 2/15  
ශාන්ත බෙනඩික්ට්: දෙවැනි ඉනිම - 97 (පන්දුවාර 42.3) අශේන් සිල්වා 26, රයන් ෆෙල්සිංගර් 21, ළහිරු ඩිල්ෂාන් 4/30, සචිර රශ්මික 3/26                                                                                                                                            ශාන්ත තෝමස්: දෙවැනි ඉනිම - 69/4 (පන්දුවාර 23.4) මලීෂ ද සේරම් 30, තරුෂ කාවින්ද්‍ය නොදැවී 19, මහීෂ තීක්ෂණ 2/13                                                                                              
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.  
 
කොළඹ නාලන්දා - පන්නිපිටිය ධර්මපාල                                                                                                 
ධර්මපාල: පළමු ඉනිම - 70 (පන්දුවාර 29.1) අමිල දයානක 37, කවීෂ් මධුරප්පෙරුම 9/5, මහිම වීරකෝන් 29/3, චමිඳු විජේසිංහ 8/2 නාලන්දා:පළමු ඉනිම - 239/9 (පන්දුවාර 57) අවිෂ්ක පෙරේරා 89, ලක්ෂිත රසාංජන 39, කවීෂ් මධුරප්පෙරුම 35, සුහඟ විජේවර්ධන 21, ච්ෙතිය විතාන 66/3, දුලාජ් එගොඩගේ 25/2, චමිඳු සමරසිංහ 66/2                                        
ධර්මපාල: පළමු ඉනිම - 164 (පන්දුවාර 64) මලිත් සඳකැළුම් 53, චමිඳු විජේසිංහ 27/3, උමේෂ්ක ඩිල්ෂාන් 16/2, මහිම වීරකෝන් 32/2 
කොළඹ නාලන්දාවට ඉනීමක සහ ලකුණු ක ජයක්
 
ගල්කිස්ස ශාන්ත තෝමස් - කොළඹ වෙස්ලි
වෙස්ලි: පළමු ඉනිම - 276 (පන්දුවාර 80) තිසුරක අක්මීමණ 91, ෂෙනාල් දංගල්ල 61, සකුන්ත ලියනගේ 34, හසිත් ගීසර 23, මොහොමඩ් උබේතුල්ලා 20, ෂැනොන් ප්‍රනාන්දු 66/7, ඩිල්මින් රත්නායක 45/2
ශාන්ත තෝමස්: පළමු ඉනිම - 227 (පන්දුවාර 64) මනීෂ රූපසිංහ 47, ඩිලොන් පීරිස් 35, දුලිත් ගුණරත්න 25, මන්තිල විජේරත්න නොදැවී 24, තෙවින් ඊරියගම 19, සිතාර හපුවින්න 18, තරිඳු බක්මීවැව 48/3, මොහොමඩ් උබේතුල්ලා 53/3  
වෙස්ලි: දෙවැනි ඉනිම - 117/7 (පන්දුවාර 40) තේනුක පෙරේරා නොදැවී 50, ෂෙනාල් දංගල්ල 20, ඩිලොන් පීරිස් 45/3, ෂැනොන් ප්‍රනාන්දු 33/2 ශාන්ත තෝමස්: දෙවැනි ඉනිම - 88/2 (පන්දුවාර 10) සිතාර හපුවින්න 38, දුලිත් ගුණරත්න 27        තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
කොළඹ රාජකීය - කොළඹ ආනන්ද 
රාජකීය: පළමු ඉනිම - 212 (පන්දුවාර 53.3) 
පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 45, ගයාන් දිසානායක 33, දමින්ද රේෂාන් 27/4,අශේල් සිගේරා 59/3                ආනන්ද: පළමු ඉනිම - 286/9 (පන්දුවාර 69.2) 
කමේෂ් නිර්මාල් 59, කවිඳු ගිම්හාන 56, ළහිරු හිරණ්‍ය 50, දුෂාන් හෙට්ටිගේ 36, කණිෂ්ක රන්තිලකගේ 25, ගයාන් දිසානායක 27/3, කමිල් මිෂාර 22/2, ඩිමාල් විජේසේකර 61/2  
 
රාජකීය: දෙවැනි ඉනිම - 300/5 (පන්දුවාර 64.3)
පසිඳු සූරියබණ්ඩාර 104, කමිල් මිෂාර 62, ගයාන් 
දිසානායක 60, කවිඳු මදරසිංහ නොදැවී 50,
දමින්ද රේෂාන් 84/2 
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 
 
මහනුවර ත්‍රිත්ව - කොළඹ ශාන්ත ජෝශප්   
ත්‍රිත්ව: පළමු ඉනිම - 195 (පන්දුවාර61.4) හසින්ත ජයසූරිය 88, ටේ‍රවොන් පර්සිවෙල් 28, පුබුදු බණ්ඩාර 28, අවිෂ්ක සේනාධීර 20, අශේන් ඩැනියෙල් 44/7, දුනිත් වෙල්ලාගේ 41/2                                                                                                
ශාන්ත ජෝශප්: පළමු ඉනිම - 165 (පන්දුවාර 44.3) ලක්ෂාන් ගමගේ 68, දිනෙත් ජයකොඩි 22, ටේ‍රවොන් පර්සිවෙල් 35/3, රුවින් පීරිස් 46/3, විමුක්ති නෙතුමාල් 53/3                                                                                                              
ත්‍රිත්ව: දෙවැනි ඉනිම - 211/8 (පන්දුවාර 51.3) 
අවිෂ්ක සේනාධීර 64, ටේ‍රවොන් පර්සිවෙල් 54, අභිෂේක් 
ආනන්දකුමාර් 37, අශේන් ඩැනියෙල් 66/4, ලක්ෂාන් ගමගේ 38/2                                                                                                   
ශාන්ත ජෝශප්: දෙවැනි ඉනිම -131/4(පන්දුවාර 37)
රෙවාන් කෙලී 63, ජොහෑන් ද සිල්වා 29,
දිනෙත් ජයකොඩි නොදැවී 22, විමුක්තිනෙතුමාල් 39/2,
කවිෂ්ක සේනාධීර 46/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

නවසීලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඕස්ට්‍රේලියා යොවුන් පිල සහ එංගලන්ත යොවුන් පිල අතර තරගයෙන් හෙට (23) ඇරඹේ. 
නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බංගලිදේශය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් පිල එක් තරගයක් පමණක් ජය ගෙන තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට අසමත්වූ අතර, හෙට (23) දිනයේදී පළඟ ශූරතාව වෙනුවෙන් කෙන්යා යොවුන් පිල සමගින් ලින්කන්හිදී තරග වදිනු ඇත.
තරගාවලියේ පළමු වටයේ අවසන් දිනයේදී ‘ඩී’ කාණ්ඩයේ ඒ දක්වා අපරාජිතව සිටි ඇෆ්ගනිස්තාන යොවුන් පිල ලකුණු 4කින් පැරදවීමට අයර්ලන්ත යොවුන් පිල සමත්වූ අතර, ඒ හේතුවෙන් පාකිස්තාන යොවුන් පිල ‘ඩී’ කාණ්ඩයේ ශූරයින් ලෙසත්, ඇෆ්ගනිස්තාන යොවුන් පිල අනු ශූරයින් ලෙසත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය. නවසීලන්තය, ඉන්දියාව සහ එංගලන්තය පළමු වටයේදී තම අපරාජිත බව රැකගනිමින් පිළිවෙළින් ‘ඒ’, ‘බි’ සහ ‘සී’ කාණ්ඩයන්හි ශූරයින් ලෙසත්, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ බංගලිදේශය පිළිවෙළින් ‘ඒ’, ‘බි’ සහ ‘සී’ කාණ්ඩයන්හි අනු ශූරයින් ලෙසත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
පළඟ ශූරතාව වෙනුවෙන් වන තරග අද (22) ඇරඹේ.  
 
අර්ධ අවසන් පූර්ව වටය
ජනවාරි 23 (හෙට) - ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය ක්වීන්ස් ටවුන්    
ජනවාරි 24 - පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් පිටිය   
ජනවාරි 25  -නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් පිටිය 
ජනවාරි 26 - බංගලිදේශය සහ ඉන්දියාව අතර තරගය ක්වීන්ස් ටවුන්    
 
පමෝද් ලසන්ත 

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (19දා) ධකාහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේදී ආබාධයකට ගොදුරු වී ඇති අතර, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට ක්‍රීඩා කිරීම පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව ඇති අතර, ඔහු ක්‍රීඩා නොකළහොත් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවේ. එහිදී මැතිව්ස්ගේ ස්ථානය දික්වැල්ල හෝ ධනුෂ්ක ගුණතිලකට හිමිවීමට ඉඩ තිබේ.
මේ වන විට බංග්ලාදේශය සහ සිම්බාබ්වේ එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ හමුවේ පරාජය විය.
ඊට පෙර පැවැති බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගයේදී කිසිදු අපහසුවකින් තොරව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.මේ අනුව අද තරගයේදී සත්කාරක බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට තියුණු තර්ජනයක් එල්ල වී තබේ.ශ්‍රී ලංකාවේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, තමා පුහුණුකරන ලද කණ්ඩායම් 2ක් එකට මුණ ගැසීම විශේෂත්වයක් වී තිබේ.
බංග්ලාදේශ පිතිකරුවන් බංග්ලාදේශ තණතීරුවලදී විශිෂ්ට දස්කම් දක්වන බැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත වැඩි වගකීමක් පැවරී තිබේ.
පළමු තරගයේදී තිසර පෙරේරා හැරුණුකොට සෙසු පන්දු යවන්නන් සිම්බාබ්වේ පිතිකරුවන් වෙතින් ප්‍රහාරයකට ලක්වූ අතර, අද තරගයේදී පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
මේ අනුව වනිඳු හසරංගගේ සහ දුෂ්මන්ත චමීරගේ ස්ථාන තර්ජනයකට ලක්වී ඇති අතර, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් හෝ නවක ෂෙහාන් මධුශංක ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතියි. මේ අතර බංග්ලාදේශ පන්දු යැවීමේ බළඇණියද පළමු තරගයේදී සිම්බාබ්වේට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර, සිම්බාබ්වේ ඉනිම ලකුණු 170කට සීමා කිරීමට සමත් වූහ.මේ අනුව අද තරගයේදී කල්පනාකාරීව පන්දුවට පහර දෙමින් ජයග්‍රහණයකින් තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා පිලට සිදුවී තිබේ.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ෂෙහාන් මධුශංක

බංග්ලාදේශ සංචිතය

මෂ්රෆී මොර්ටාසා (නායක), අබ්දුල් හසන්, එනමුල් හක්, ඉම්රුල් කේයස්, මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, මොහොමඩ් සයිෆුඩීන්, මුෂ්ෆිකර් රහීම්,මුෂ්ටාෆිසූර් රහ්මන්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, සබිර් රහ්මන්,ෂකිබ් අල් හසන්, සුන්සාමුල් ඉස්ලාම්, තමීම් ඉක්බාල්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.