Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටා නයිට්රයිඩර්ස් සහ කිංග්ස් පන්ජාබ් අතර පැවැති තරගයෙන් ලකුණු 31ක ජයක් ලැබූ කල්කටා සිය 6 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
මේ අනුව තරග 6 බැගින් ජයගෙන ලකුණු 12 බැගින් ලබා සිටින කිංග්ස් පන්ජාබ් සහ කල්කටා ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හි පසුවෙයි.
කල්කටා ජයග්‍රහණය වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ සුනිල් නාරයින් පන්දු 38කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 75ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කල්කටා පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 245ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් පන්ජාබ්ට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 214ක් පමණි.
කල්කටා නායක දිනේෂ් කාර්තික් පන්දු 23කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 50ක් රැස් කළ අතර, ඔන්ඩේ්‍ර රසල් පන්දු 14කදී ලකුණු 31ක් රැස් කළේය.
කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් ඇන්ඩෘ ටයි ලකුණු 41ට කඩුලු 4ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :- 
කල්කටා පන්දුවාර 20දී - 245/6යි
ක්‍රිස් ලින් 27, සුනිල් නාරයින් 75, රොබින් උතප්පා 24, ඔන්ඩේ්‍ර රසල් 31, දිනේෂ් කාර්තික් 50, ඇන්ඩෘ ටයි 41/4, මෝහිත් ෂර්මා 40/1, බරින්දර් ස්‍රාන් 48/1
කිංග්ස් පන්ජාබ් පන්දුවාර 20දී - 214/8යි
ලෝකේශ් රාහුල් 66, ක්‍රිස් ගේල් 21, අරොන් ෆින්ච් 34, රවිචන්ද්‍රන් ඇෂ්වින් 45, ඔන්ඩේ්‍ර රසල් 41/3, ප්‍රසිද් ක්‍රිෂ්නා 31/2, සුනිල් නාරයින් 44/1, කුල්දීප් යදාව් 29/1

ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා  විදුහල අතර දෙවැනි වරටත් පැවැති “රැජිනියන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට  ගම්පහ රත්නාවලී සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගම්පහ රත්නාවලී පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී ලකුණු 135ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුලා විද්‍යාලයට පන්දුවාර 43.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 106ක් පමණි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකාරිණිය වූ අමාධි කාවින්ද්‍යා ලකුණු 25ක් රැස් කළ අතර, නායිකා පබසරා රණබාහු ලකුණු 22ක් රැස් කිරීමට සමත්වූවාය. 
නුගේගොඩ අනුලා වෙනුවෙන් ජනදි අනාලි ලකුණු 16ට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත්වූ අතර, අශ්මිනි කාවින්දි ලකුණු 25ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත්වූවාය.
නුගේගොඩ අනුලා වෙනුවෙන් නායිකා හර්ෂිතා මාධවී ලකුණු 22ක් රැස් කළ අතර, රත්නාවලී වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නෙත්මි ආරියරත්න ලකුණු 33ට කඩුලු 4ක් බිඳ හෙලුවාය.
ගම්පහ රත්නාවලී විදුහ‍ලේ නායිකා පබසරා රණබාහු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
අමාධි කාවින්ද්‍යා (රත්නාවලී) දක්ෂතම පිතිකාරිණිය ලෙසද, ජනදි අනාලි (අනුලා) දක්ෂතම පන්දු යවන්නිය ලෙසද, සඳුනි සිල්වා (රත්නාවලී) දක්ෂතම පන්දු රකින්නිය ලෙසද සම්මාන ලැබුවාය.
 
ලකුණු තත්ත්වය :-
ගම්පහ රත්නාවලී: 135යි (පන්දුවාර 44.5) අමාධි කාවින්ද්‍යා 25, පබසරා රණබාහු 22, විශ්මි ගුණරත්න 17, අමන්දි ගුණරත්න 13, නෙත්මි ආරියරත්න 12, සඳුනි සිල්වා 10, ජනදි අනාලි 16/4, අශ්මිනි කාවින්දි 25/2
නුගේගොඩ අනුලා: 106යි (පන්දුවාර 43.3) හර්ෂිතා මාධවී 22, අමාෂා දිල්ෂානි 11, හිමාෂා සෙව්වන්දි 10, නෙත්මි ආරියරත්න 33/4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශා. ජෝශප් විදුහල සමත්විය.
කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති මෙම අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ශා. ජෝශප් පළමු ඉනිමේ ජය වාර්තා කරමින් ශූරතාව දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශා. ජෝශප් පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 82.4කදී සියල්ලන් දැවී ලකුණු 300ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  ත්‍රිත්ව විදුහලට පන්දුවාර 69කදී සියල්ලන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 173ක් පමණි. 
ශා. ජෝශප් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 86ක් රැස් කළ නායක ජෙහාන් ඩැනියෙල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ක් සහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 4ක් බිඳ හෙළීය.
ශා. ජෝශප් වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් ඩැනියෙල් පන්දු 142කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 86ක් රැස් කළ අතර, ළාබාල ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 75කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 42ක් රැස් කළේය. 
රෙවාන් කෙලී (39), ලක්ෂාන් ගමගේ (නොදැවී 35), නිපුන් සුමනසිංහ (28), දිනෙත් ජයකොඩි (25) සහ සචින්ත රවිඳු (20) පිත්තෙන් දස්කම් දක්වමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.
උප නායක නිපුන් සුමනසිංහ (28) සහ  ආරම්භක පිතිකරු රෙවාන් කෙලී (39) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනැංවූ අතර, නායක ජෙහාන් ඩැනියෙල් සහ දිනෙත්  ජයකොඩි සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
ඉන්පසු නායක ඩැනියෙල් සමග එක්වූ දුනිත් වෙල්ලාලගේ 6 වැනි කඩුල්ලට ලකුණු 80ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
ත්‍රිත්ව වෙනුවෙන් තිසරු ඩිල්ෂාන් ලකුණු 43ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, හසිත බෝයගොඩ සහ කවිෂ්ක සේනාධීර කඩුලු 2ක බැගින් දවාලූහ.
ත්‍රිත්ව මුල් ඉනිම වෙනුවෙන් නායක හසිත බෝයගොඩ ලකුණු 35ක් රැස් කළ අතර, තිසරු ඩිල්ෂාන් ලකුණු 29ක් රැස් කළේය.
ජෙෆ් වීරසිංහ (24) සහ අශාන් ලොකුකැටිය (21) ඉනිම ගොඩනැංවීමට උත්සාහ දැරූ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වීමෙන් මුල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා විය.
ශා. ජෝශප් වෙනුවෙන් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ට කඩුලු 4ක් දවාලූ අතර, වේග පන්දු යවන ලක්ෂාන් ගමගේ ලකුණු 42ට කඩුලු 3ක් දවාලීය.
 
ලකුණු තත්ත්වය :- 
ශා. ජෝශප්: මුල් ඉනිම - 300යි (පන්දුවාර 82.4)
ජෙහාන් ඩැනියෙල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කෙලී 39, ලක්ෂාන් ගමගේ (නොදැවී) 35, නිපුන් සුමනසිංහ 28, දිනෙත් ජයකොඩි 25, සචින්ත රවිඳු 20, තිසරු ඩිල්ෂාන් 43/3, හසිත බෝයගොඩ 42/2, කවිෂ්ක සේනාධීර 58/2
ත්‍රිත්ව: මුල් ඉනිම - 173යි (පන්දුවාර 69)
හසිත බෝයගොඩ 35, තිසරු ඩිල්ෂාන් 29, ජෙෆ් වීරසිංහ 24, අශාන් ලොකුකැටිය 21, දුනිත් වෙල්ලාලගේ 40/4, ලක්ෂාන් ගමගේ 42/3
 
පමෝද් ලසන්ත

දිවයිනේ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් ද්විත්වයක් වන නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර “රැජිනියන්ගේ සටන” ලෙස විරුදාවලී ලද දෙවැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (11දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලාභිනී හර්ෂිතා මාධවී නුගේගොඩ අනුලා විදුහල් පිල මෙහෙයවනු ලබන අතර, ගම්පහ රත්නාවලී විදුහල් පිල පබසරා රණබාහු විසින් මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ බාලිකා අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී 2015 වසරේ ශූරතාව සහ 2016, 2017, 2018 වසරවල අනුශූරතාව දිනාගනිමින් ඉහළ දස්කම් දැක්වීමට අනුලා විද්‍යාලය සමත් විය.
පසුගිය වසරවලදී එම තරගාවලීන්හිදී අවසන් කණ්ඩායම් 8 අතරට පිවිසීමට සමත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල මෙම වසරේදී අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.
විදුහල්පතිනි ජයනි ප්‍රියංගිකා මහත්මියගේ උපදෙස් පරිදි සුජීව සමරවික්‍රම මහතා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ලෙසත්, වත්සලා සේනාධීර මෙනෙවිය සහ වාසනා කරුණාරත්න මහත්මිය කණ්ඩායම් භාර ආචාරිනීන් ලෙස කටයුතු කරති. සහන් දේශප්‍රිය මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.
රත්නාවලී බාලිකා විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි අනූෂා ගුණසේකර මහත්මිය ක්‍රිකට් භාර ආචාරිනී ලෙස කටයුතු කරන අතර, චමින්ද පෙරේරා මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.
 
නුගේගොඩ අනුලා සංචිතය:
හර්ෂිතා මාධවී (නායිකාව), සිත්මි හිරාෂා (උප නායිකාව), අමාෂා දිල්ෂානි පෙරේරා, ජනදි අනාලි, සමාධි නෙත්මිණි, හෂිනි ලියනගේ, අශ්මිණි කලින්දි, නෙත්මි තරුෂා, හිමාෂා සෙව්වන්දි, තරිණි හිරණ්‍යා, දුලංගා දිසානායක, කසුනි මධුවන්ති, ඉමාෂා නෙත්මි, සෙනුගි විලාරා, සහන් දේශප්‍රිය මහතා (පුහුණුකරු),සුජීව සමරවික්‍රම මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), වත්සලා සේනාධීර මෙනෙවිය (කණ්ඩායම් භාර ආචාරිනී), වාසනා කරුණාරත්න මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිනී), ජයනි ප්‍රියංගිකා (විදුහල්පතිනි)
 
ගම්පහ රත්නාවලී සංචිතය:
පබසරා රණබාහු (නායිකාව), නෙත්මි ගුණරත්න, අවිෂ්කා, සඳුනි සිල්වා, තමාෂා විදුෂිකා, සචිනි ජයලත්, නෙත්මි ආරියරත්න, අමන්දි ගුණරත්න, චාන්‍යා, අමාදි විජේසිංහ, රශ්මි සිල්වා, ඉයංෂා ජනින්දි, පාරමී. විශ්මි ගුණරත්න, අනුෂා ගුණසේකර මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිනී), චමින්ද පෙරේරා මහතා (පුහුණුකරු), හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පති)
 
පමෝද් ලසන්ත

දිවයින පුරා පාසල් බාලිකා මහා ක්‍රිකට් තරග 15ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම වසරේදී අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.
මෙම තරග සඳහා ක්‍රිකට් ආයතනය මගින් මූල්‍යමය ආධාර, විනිසුරුවන්, ලකුණු සටහන්කරුවන්, ක්‍රිකට් ආම්පන්න මෙන්ම ක්‍රීඩාංගණ පහසුකම්ද ලබා දීමට පියවර ගෙන තිබේ.
මේ අනුව වව්නියාව හින්දු විදුහල සහ මන්නාරම සිත්තිවිනයාගර් හින්දු විදුහල අතර ‘වන්නි සටන’ ලෙස උතුරු පළාතේ පැවැත්වෙන පළමු බාලිකා මහා ක්‍රිකට් තරගය අද (9දා) වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මේ පිළිබඳව ඊයේ (8දා) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් භාර නිලධාරිනී අප්සාරි තිලකරත්න මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ දර්ශනයකට සහ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමට එතුමාගේ තිබෙන උනන්දුව මත ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් පෙන්වා ජාතික තලයට පැමිණීමට බාලිකා පාසල් මහ ක්‍රිකට් තරග සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කරන බවයි.
මෙම මහ ක්‍රිකට් තරග මගින් පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ උනන්දුවද වැඩිවී ඇති බව පැවැසූ අප්සාරි තිලකරත්න මහත්මිය පසුගිය වසරේ මහ ක්‍රිකට් තරග 10ක් සඳහා අනුග්‍රහය දැක්වූ බවත්, මෙවර එය 15 දක්වා වැඩි කළ බවත් පැවැසුවාය.
පාසල් දැරියන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුකිරීම සහ ලංකාව පුරා තිබෙන සෙසු පාසල්ද බාලිකා ක්‍රිකට් සඳහා ‍පොළඹවා ගැනීම මෙම තරග පැවැත්වීමේ අරමුණ බව පැවැසූ අප්සාරි තිලකරත්න මහත්මිය මේ සඳහා පාසල් ක්‍රිකට් සංගමයෙන්ද දායකත්වය ලබාදෙන බව පැවැසුවාය.
අද පැවැත්වෙන ‘වන්නි සටන’ බාලිකා මහ ක්‍රිකට් තරගය හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් අතර විශාල උනන්දුවක් ඇතිවී තිබෙන බවත්, ක්‍රිකට් ආයතනය ලබාදෙන මෙම දායකත්වය ඔවුන්ට විශාල දිරියක් බව පැවැසූ අප්සාරි තිලකරත්න මහත්මිය එම ප්‍රදේශයේ ඉතාමත් දක්ෂ, ශක්තිමත් ක්‍රීඩිකාවන් සිටින බවද පැවැසුවාය.
පසුගිය වසරේ දිස්ත්‍රික් තරගාවලියේදී උතුරු පළාතේ පැවැති ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවන් 13 දෙනකුගේම මව සහ පියා දෙදෙනාම පසුගිය යුද සමයේදී අහිමිවී ඇති බවත්, ක්‍රිකට් ආයතනය ලබාදෙන මෙම සහයෝගය ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමටද මනා පිටිවහලක් වන බව තිලකරත්න මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වූ පළාත්වල පාසල් විදුහල්පතිවරුන් ප්‍රකාශ කර සිටියේ මෙම අනුග්‍රහය හේතුවෙන් තම පළාත තුළ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායමට එක්වීමට හොඳ අවස්ථාවක් උදාවී ඇති බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවට ගම්පහ රත්නාවලී බාලිකා විදුහ‍ලේ විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය, ත්‍රිකුණාමලය සිංහල මහා විදුහ‍ලේ විදුහල්පති උපුල් කිත්සිරි මහතා, නුගේගොඩ අනුලා විදුහ‍ලේ විදුහල්පතිනි ජයනි ප්‍රිශාංගිකා මහත්මිය සහ තලල්ල ධර්මවිජය විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ප්‍රසන්න මොහොට්ටි මහතා සහභාගි වූහ.
 
ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී හේනේගම මධ්‍ය මහා විද්‍යාලය හමුවේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල කඩුලු 3කින් පරාජය ලැබිය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වත්තල ලයිසියම් පන්දුවාර 39.5කදී ලකුණු 100කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හේනේගම මැදි විදුහල පන්දුවාර 20කදී කඩුලු 7ක් දැවී ලකුණු 101ක් රැස් කළේය.
හේනෙගම මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත් කළ දකුණත් ආරම්භක පිතිකරු සසංක දුලාජ් පන්දු 70කදී හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් ජය තහවුරු කළේය.
ලයිසියම් වෙනුවෙන් ඩිල්ෂාන් ජයවර්ධන ලකුණු 21ට කඩුලු 2ක් දවාලීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ලයිසියම් වෙනුවෙන් පසිඳු ශමේෂ් ලකුණු 29ක් රැස් කළ අතර, චන්දික යස්වින් ලකුණු 17ක් රැස් කළේය.
හේනේගම වෙනුවෙන් ප්‍රමිත් දර්ශන ලකුණු 14ට කඩුලු 3ක් දවාලූ අතර, විමුක්ති ලක්ෂාන්, ජනිත් මධුෂාන් සහ දමිත් විජේනායක කඩුලු 2ක් බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
වත්තල ලයිසියම්: 100 (පන්දුවාර 39.5)
පසිඳු ශමේෂ් 29, චන්දික යස්වින් 17, ප්‍රමිත් දර්ශන 14/3, විමුක්ති ලක්ෂාන් 3/2, ජනිත් මධුෂාන් 19/2, දමිත් විජේනායක 23/2
හේනේගම මැදි විදුහල: 101/7 (පන්දුවාර 20)
සසංක දුලාජ් (නොදැවී) 61, ඩිල්ෂාන් ජයවර්ධන 21/2
හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
 
පමෝද් ලසන්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.