Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙපි‍ලේම පන්දු යවන්නෝ විශිෂ්ට දස්කම් දක්වති

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (8දා) ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 222ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය දිනය අවසන් වන විට කඩුලු 4කට ලකුණු 56ක් ලබා සිටියේය.
මේ අනුව බංග්ලාදේශය කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 166ක් පසුපසින් සිටියි.
ඊයේ දිනය දෙපි‍ලේම පන්දු යවන්නන්ට වාසිදායක වූ අතර, බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 222කට සීමා විය.
කලකට පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ අබ්දුර් රසාක් ලකුණු 63ට කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පෙර පෙළ බිඳ දැමූ අතර, ටයිජුල් ඉස්ලාම් ලකුණු 83ට කඩුලු 4ක් බිඳ දැමීය.
යළිත් දඟ පන්දු හමුවේ අසාර්ථක වූ දිමුත් කරුණාරත්න ලකුණු 3කට දැවී යාමෙන් පසු පළමු ටෙස්ට් තරගයේදී ශතක ලැබූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඉනිම ගොඩනැංවීමේ සටනක නිරත වූහ.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සම්බන්ධතාවක් වාර්තාවීමෙන් පසු ලකුණු 19ක් ලැබූ ධනංජය ටයිජුල් හමුවේ දැවී ගිය අතර, ඉන්පසු ක්‍රියාත්මක වූ අබ්දුර් රසාක් ධනුෂ්ක ගුණතිලක (13) සහ දිනේෂ් චන්දිමාල් (0) දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 96ක් තුළ බිඳ වැටුණි.
පන්දු 98කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 68ක් ලැබූ කුසල් මෙන්ඩිස් සිය සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට අබ්දුර් රසාක් සමත් වීමෙන් 5 වැනි කඩුල්ල ලකුණු 109දී බිඳ වැටුණි.
යළිත් ක්‍රියාත්මක වූ ටයිජුල් දික්වැල්ල 1 ලකුණකට දවා ගැනීමෙන් පසු රොෂේන් සිල්වා සහ දිල්රුවන් පෙරේරාගේ ලකුණු 52ක සාර්ථක සම්බන්ධතාව වාර්තා විය.
සිය තෙවැනි කඩුල්ල ලෙස දිල්රුවන් ලකුණු 31කට දවා ගැනීමට ටයිජුල් සමත් වූ අතර, අකිල ධනංජය (20), රංගන හේරත් (2) දවා ගැනීමට මුස්ටාෆිසූර් රහමන් සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී ඉනිමක නිරත වූ රොෂේන් සිල්වා පන්දු 124කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 56ක් ලබා ටයිජුල්ගේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 222කට අවසන් විය.
පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ පි‍ලේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 4කට දවාගත් සුරංග ලක්මාල් සිය 100 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.
පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම ශතක ලැබූ මොමිනුල් හක් අපරීක්ෂාකාරී කඩුලු අතර දිව යාම හේතුවෙන් ලකුණු නොලබාම දුවද්දී දැවී යාමකට හසු වීමෙන් බංග්ලාදේශ පි‍ලේ දෙවැනි කඩුල්ල ලකුණු 4ක් තුළ බිඳ වැටුණි.
ඉන්පසු පිටියට පිවිසි මුෂ්්ෆිකර් රහීම්ට වැඩි වේලාවක් කඩුල්‍ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් සුරංග ලක්මාල් ඔහු එක ලකුණකට දවා ගැනීමෙන් ලකුණු 12ක් තුළ කඩුලු 3ක් බිඳ වැටුණි.
පන්දු 55කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 19ක් ලබා සිටි ආරම්භක පිතිකරු ඉම්රුල් කේයස් දිල්රුවන් හමුවේ දැවී යාමත් සමග බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 45ක් තුළ බිඳ වැටුණි.
දිනය අවසන් වන විට ලිට්න් දාස් නොදැවී ලකුණු 24ක්ද, මෙහිදි හසන් මිර්සා නොදැවී ලකුණු 5ක්ද ලබා පිටියේ රැඳී සිටියහ.
සුරංග ලක්මාල් ලකුණු 15කට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, දිල්රුවන් පෙරේරා ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ දැමීය.
අද තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව මුල් ඉනිම

කුසල් මෙන්ඩිස් ප. අබ්දුර් රසාක් 68
දිමුත් කරුණාරත්න ස්ට. ලිට්න් දාස් ප. අබ්දුර් රසාක්3
ධනංජය ද සිල්වා ඇ. සබිර් රහමන් ප. ටයිජුල් 19
ධනුෂ්ක ගුණතිලක ඇ. මුෂ්ෆිකර් ප. අබ්දුර් රසාක් 13
දිනේෂ් චන්දිමාල් ප. අබ්දුර් රසාක් 0
රොෂේන් සිල්වා ඇ. ලිට්න් දාස් ප. ටයිජුල්56
නිරෝෂන් දික්වැල්ල ප. ටයිජුල් 1
දිල්රුවන් පෙරේරා ඇ. මොමිනුල් ප. ටයිජුල්31
අකිල ධනංජය ඇ. මුෂ්ෆිකර් ප. මුස්ටාෆිසූර් 20
රංගන හේරත් ඇ. මුෂ්ෆිකර් ප. මුස්ටාෆිසූර්2
සුරංග ලක්මාල් (නොදැවී)4

අතිරේක 5
මුළු ලකුණු (පන්දුවාර 65.3කදී සියලු දෙනා දැවී)222
කඩුලු බිඳ වැටීම :- 1-14, 2-61, 3-96, 4-96, 5-109, 6-110, 7-162, 8-205, 9-207, 10-222
පන්දු යැවීම :- මෙහෙඩි හසන් 13-0-54-0, අබ්දුර් රසාක් 16-2-63-4, ටයිජුල් ඉස්ලාම් 25.3-2-83-4, මුස්ටාෆිසූර් රහමන් 11-4-17-2

බංග්ලාදේශය මුල් ඉනිම
තමීම් ඉක්බාල් ඇ. හා ප. ලක්මාල් 4
ඉම්රුල් කේයස් ක.මු.ක. ප. දිල්රුවන්19
මොමිනුල් හක් දු.දැ.ගි. (ද සිල්වා/දික්වැල්ල)0
මුෂ්ෆිකර් රහීම් ප. ලක්මාල් 1
ලිට්න් දාස් (නොදැවී)24
මෙහෙඩි හසන් (නොදැවී)5

අතිරේක 3
මුළු ලකුණු (පන්දුවාර 22කදී කඩුලු 4ක් දැවී)56
කඩුලු බිඳ වැටීම :- 1-4, 2-4, 3-12, 4-45
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 7-3-15-2, දිල්රුවන් පෙරේරා 8-3-25-1, අකිල ධනංජය 3-1-4-0, රංගන හේරත් 4-0-11-0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1707

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1385

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2194

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3506

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4292

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4458

Please publish modules in offcanvas position.