Coss Ear2
lakbima.lk
COSS Ear 1

හීරෝ නිදහස් කුසලානෙන් රු. බිලියනයක ආදායමක්

හීරෝ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුපිරි අනුග්‍රාහකයන් රැසක් ඉදිරිපත් වී ඇති බවත්, තරගාවලියෙන් රුපියල් බිලියනයක ලාභයක් අපේක්ෂා කරන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.
හීරෝ නිදහස් කුසලාන අනුග්‍රාහකයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ (8දා) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා මීට පෙර කිසිදු තුන්කොන් තරගාවලියකින් මෙවන් ආදායමක් ලැබි නැති බවද පවසයි.උපක්‍රමශීලීව අලෙවි ක්‍රමයකට යාමෙන් මෙවන් ලාභයක් ලැබිමට සැලසුම් සකස් කළ බවත්, එමගින් රටට විශාල ආදායමක් ලැබෙන බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට සාර්ථක ඉදිරි පියවරක් වනු ඇති බවට ක්‍රිකට් සභාපතිවරයා විශ්වාසය පළ කළේය.
මෙම වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවත්, නිදහස් කුසලාන තරගාවලි සංවිධානය ඊට හොඳ ආරම්භයක් බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.මීට පෙර ප්‍රිමියර් ලීග් තරගාවලියක් අරඹා නිසි සැලසුමක් නොමැතිකමින් අත්හැර දැමූ බවත්, මෙවර හොඳ සැලසුමකින් යුතුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නුදුරේදීම අරඹන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.හීරෝ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හීරෝ අබාන්ස්, අයි.ටී.ඩබ්ලිව්. ග්ලෝබල්,ඩී ස්‍පෝට්ස්, චැනල් 9 (බංග්ලාදේශය)  සහ ලගඩියා ස්‍පෝට්ස් අනුග්‍රහය දක්වයි.

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.